ආණ්ඩුව ඇතුලෙන්ම ප්‍රතිවිප්ලවයක් සිදු වෙනවා - එජාප මහලේකම්(Audio)

Published in පුවත්
Friday, 29 May 2015 17:34

අමාරුවෙන් ලබාගත්  ජයග්‍රහණය නැවත හැරවිය හැකි දූෂිතයන්ගේ ප්‍රතිවිපල්වයක් සිදුවිය හැකි බව වටහාගෙන  ආණ්ඩුව ඡන්දයක් වෙත යායුතු බව  එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්  අමාත්‍ය කබීර්  හෂීම් පවසයි.

  අද(29)  සිරිකොත මුලස්ථාන  පරිශ්‍රයේ පවතී පැවති මාධ්‍ය  හමුවක් අමතමින්  ඇමතිවරයා ප්‍රකාශ  කරේ  පාර්ලිමේන්තුව  විසුරුවා හැරීමකින්  තොරව දින  සියය  ක්‍රියාත්මක කිරීම නිසා නැවත හොරු වෙනුවෙන් හොරු ක්‍රියාත්මක  වෙමින් සිටින බවයි. ලබාගත්  ජයග්‍රහණය  ආපසු හරවා  නැවත ඒකාධිපති  පාලනයක් වෙත රට  ගෙනයාමට ඔවුන් උත්සාහ  ගනිමින් සිටින බව  ඔහුගේ අදහසයි.

නව රජය  බලයට  පත්වීමට ප්‍රථම  දින සියය  වැඩපිළිවෙළ හරහා  පාර්ලිමේන්තුව  විසුරුවා  හරින  බවට  පොරොන්දු  වූ  නමුත් දැන් දින 150 ක් පමණ  ගත වී  ඇති මුත්  එය ක්‍රියාත්මක කර  නොමැති බවත් ජනමතය  පාර්ලිමේන්තුව තුල  නියෝජනය වීමට නම්  මැතිවරණයක් වෙත  යායුතු බවත් ඔහුගේ  අදහසයි.

එසේම  මෙහිදී අදහස්  දැක්වූ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන්  කිරිඇල්ල පවසන්නේ  ආණ්ඩුව 20  වන වන සංශෝධනය  පෙන්වමින් මැතිවරණය  කල්  දමමින් සිටින බවයි.  නමුත් එම  සංශෝධනය සම්බන්ධයෙන්  පක්ෂ අතර  කිසිඳු එකඟතාවයක්  නොමැති බව  කිරිඇල්ල  ඇමතිවරයා  පවසයි.

{soundcloud}https://soundcloud.com/tags/kabirhashimpress{/soundcloud}

ඡායාරූප : නිශාන්ත  ප්‍රියදර්ශන

lakshman kirialla

Last modified on Friday, 29 May 2015 18:02

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us