බිලියන් 28න් කෙළේ මොක්කද? රනිල් - ඒක 55න් කොටසක් නෙවෙයි - මහින්ද

Published in පුවත්
Monday, 01 June 2015 07:17

මහාමාර්ග ඇමැතිවරයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගෙන ඇති රුපියල් බිලියන 55න් 28කට සිදුවූයේ කුමක්දැයි යන්නට ඔහු පිළිතුරු දිය යුතු යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශයට මහින්ද රාජපක්ෂා මහතා 'යන්නෙ කොහෙද මල්ලෙ පොල්' උත්තරයක් දී තිබේ.


'මාර්ග ඉදිකිරීම සඳහා වෙන් කර තිබුණු මේ මුදල්වලට සිදුකළේ කුමක්ද? මෙම මාර්ග 28 ඉදිකිරීම සඳහා වෙන් කර තිබූ රුපියල් කෝටි 55,00 න් කෝටි 28,00 ක් මහා මාර්ග අමාත්‍යාංශයේ වෙනත් වැඩකටයුතුවලට යොදවා තිබෙනවා. මේ මාර්ග සියල්ල ඉදිකිරීම සඳහා ඉතිරිව තිබෙන්නේ රුපියල් කෝටි 21,00 ක් පමණක් වන අතර එම මුදලින් මේ මාර්ග සියල්ල ඉදි කළ නොහැකියි.' වික‍්‍රමසිංහ මහතා මෙහිදී සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ මහා මාර්ග ඇමැතිවරයා, මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයාගෙන් ලබාගත් රුපියල් කෝටි 55,00 න් රුපියල් කෝටි 28,00 ක් වෙනත් කටයුතුවලට වියදම් කර නාස්ති කළේ ඇයිදැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දිය යුතුයි. ඔහු මේ ප‍්‍රශ්නයට පිළිතුරු දුන් විට ඊට ප‍්‍රතිඋත්තර බැඳීමට මම සූදානමින් සිටිනවා' යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.


අගමැතිවරයාගේ ප්‍රකාශයට පෙරළ පිළිතුරු බඳින රාජපක්ෂ මහතා, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරන රුපියල් බිලියන 28 රුපියල් බිලියන 55 දිගුකාලීන ණය පහසුකමේ කොටසක් නොවන බව අවධාරණය කරයි. ඒ අනුව රුපියල් බිලියන 28ක ණය මුදල සම්පූර්ණයෙන් පියවීමට 2015 අයවැයෙන් තමන් වෙන් කළ ප්‍රතිපාදන අවභාවිතයට ලක් කිරීමෙන් සිරවී සිටින නිසා එම මුදල් පියවාගත නොහැකිව අගමැතිවරයා විවිධ කතා ගොතමින් සිටින්නේදැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි.

'මා මහාමාර්ග අමාත්‍යවරයා හැටියට ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ව්‍යාපෘති 28ක් සඳහා රුපියල් බිලියන 55ක ණයක් ලබාගෙන තිබුණු අතර මෙයින් රුපියල් බිලියන 28කට සිදුවූ දෙයක් සොයා ගැනීමට නොහැකි බවත් එම මුදල මා විසින් හෙලිකොප්ටර්වල ගමන් කිරීමටත් දන්සල් පැවැත්වීමටත් යොදා ගත්තා විය හැකි බවටත් අග්‍රාමාත්‍යවරයා ඊයේ චෝදනා කර සිටියේය. මෙය ආණ්ඩුව පැත්තෙන් මට එරෙහිව දිගටම පවත්වාගෙන යන අවලාද ව්‍යාපාරයේම තවත් කොටසක් වන අතර මාගේ ආණ්ඩුව මහාමාර්ග ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ලැබූ ජයග්‍රහණ අවමානයට පත් කිරීමේ උත්සාහයක් ද වේ. මා යටතේ පැවැති මාර්ග සංවර්ධන අධිකාරිය විසින් මහාමාර්ග ව්‍යාපෘති 28ක් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් රුපියල් බිලියන 55ක දිගු කාලීන ණයක් ලබාගත් බව සත්‍යයකි.

නමුත් අගමැතිවරයා සඳහන් කරන රුපියල් බිලියන 28 එකී රුපියල් බිලියන 55ක දිගුකාලීන ණය පහුසකමේ කොටසක් නොවේ. එය මාර්ග සංවර්ධන අධිකාරියත් ජාතික ඉතිරිකිරීමේ බැංකුවත් අතර සාකච්ඡා කර ගන්නා ලද වෙනම කෙටිකාලීන ණයකි. මෙකී බිලියන 28ක කෙටිකාලීන ණය උපයෝගී කර ගන්නා ලද්දේ ජපානයේ ජයිකා ආයතනය හා ආසියානු සංවර්ධන බැංකුව වැනි විදේශීය ආයතන විසින් මුදල් ප්‍රතිපාදන සපයන මහාමාර්ග ව්‍යාපෘතිවල දේශීය කොටස ගෙවීමටත් පවතින මහාමාර්ගවල නඩත්තු කටයුතු වැනි කාරණා සඳහාත්ය. මෙම කෙටිකාලීන ණය මාර්ග සංවර්ධන අධිකාරියට ලබා දෙන මෙන් ද එකී මුදල 2015 අයවැයෙන් පියවීමට පියවර ගන්නා බවද කියමින් මහා භාණ්ඩාගාරය විසින් ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ලිඛිතව දන්වා තිබුණි. සියලුම මහාමාර්ග ව්‍යාපෘති මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් හා ටෙන්ඩර් කමිටු විසින් තක්සේරුවකට ලක් කරන අතර ගෙවීම් සිදු කරන්නේ වැඩ කෙරෙන ප්‍රමාණය අනුවය.

ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ලබාගත් ණය පහසුකම්වලින් මහාමාර්ග සංවර්ධන අධිකාරිය කර ඇති වැඩ පාර්ලිමේන්තුවේ කෝප් කමිටුවටද විමර්ශනය කර බැලිය හැක. මහාමාර්ග ව්‍යාපෘති 28ක් සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙන් ඊට කලින් ලබාගත් රුපියල් බිලියන 55ක දිගුකාලීන ණය පහසුකම යටතට වැටෙන ව්‍යාපෘතිවලින් ඇතැම් ඒවා තවමත් සම්පූර්ණ කර නැති අතර එකී මුළු මුදලද සම්පූර්ණයෙන්ම භාවිත වී නැත. මෙතැන ඇත්තේ එක ණයක් නොව දෙකක් බව සැලකිය යුතුය. අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ රුපියල් බිලියන 28ක කෙටිකාලීන ණය මුදල මුළුමනින්ම පියවීමට මගේ අවසන් අයවැයෙන් ප්‍රතිපාදන සපයා තිබුණු අතර එයට පාර්ලිමේන්තුවේ අනුමැතිය ද ලැබුණි. අග්‍රාමාත්‍යවරයා දැන් මේ රුපියල් බිලියන 28ක මුදල ගැන විවිධ කතා ගොතමින් සිටින්නේ මම 2015 අයවැයෙන් මෙම ණය සම්පූර්ණයෙන්ම පියවීමට වෙන් කළ ප්‍රතිපාදනය ඔහුගේ ආණ්ඩුව විසින් අවභාවිතයට ලක් කොට ජාතික ඉතිරිකිරීමේ බැංකුවට ගෙවීමට නියමිත මුදල පියවීමට නොහැකිව සිරවී සිටින නිසා විය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us