බන්දුල සමග විවාදයට හර්ෂ සූදානම්(UPDATE)

Published in පුවත්
Monday, 01 June 2015 11:40

ශ්‍රී ලංකාවේ ආර්ථිකය පිළිබඳව විවාදයකට එන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා කළ අභියෝගය තමන් බාර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුමට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ "පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල විවාදයක් සඳහා මට හෝ රවීට අභියෝග කර ඇත. ඔව් මම ආර්ථිකය ගැන හොඳ තාක්ෂණික විවාදයකට සූදානම්!" යනුවෙන්ය.

.........................................................................................................................................................................................................................................................

රවීට හා හර්ෂට බන්දුලගෙන් විවාද අභියෝගයක්
රටේ දැනට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමා සමඟ ඕනෑම රූපවාහිනි නාලිකාවක විවාදයට එන්නැයි විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මුදල් ඇමැති රවි කරුණානායක මහතාට සහ ආර්ථික කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට අභියෝග කර සිටී.

මුදල් ඇමැතිවරයා මෙන්ම මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ද රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් වැරදි තොරතුරු සපයා ඇතැයි ද ඒ සම්බන්ධයෙන් තමා ප්‍රසිද්ධ රූපවාහිනි විවාදයකට සූදානම් බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි. මහ බැංකුවේ බැඳුම්කර වංචාව, පොලී අනුපාත විරැකියාව, විනිමය අනුපාතය ඇතුළු ඕනෑම ආර්ථික කරුණක්‌ ගැන තමා රජය සමඟ ප්‍රසිද්ධ විවාදයකට සූදානම් බව ද රට ආර්ථිකමය වශයෙන් පසුගාමී තත්ත්වයකට පත්ව ඇති බව ද බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා තවදුරටත් පවසයි.

මේ විවාදයට තමන් සූදානම් යෑයි මුදල් ඇමැති රවි කරුණානායක මහතා ද මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us