'මහින්ද අගමැති කරන්න අලුත් පත්තරයක් !

Published in පුවත්
Friday, 05 June 2015 13:04

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීම වෙනුවෙන් වූ මාධ්‍ය මෙහෙයුම සඳහා 'නිජබිම' නමින් අලුත් පත්තරයක් ළඟදීම ප්‍රකාශයට පත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා කටයුතු කරමින් සිටින බව සඳරුවන් සේනාධීර මහතාගේ 'ලංකා ඊ නිව්ස්' වෙබ් අඩවිය වාර්තා කර ඇත.

විනාශකාරී නව මාධ්‍ය රටාවක් පෙළගැසිම සඳහා ‘නිජබිම‘ නමින් නව පුවත් පතක් ආරම්භ කිරීමේ මූලික සාකච්ඡාවක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාරහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණු බවත්, ඊට ප්‍රකට කැසිනෝ ව්‍යාපාරික රවි විජේරත්න, රුවන් ෆර්ඩිනැන්ඩස්, බන්දුල පද්මකුමාර, ජනක ප්‍රියන්ත බණ්ඩාර, ටිරාන් අලස්, මනූෂ නානායක්කාර, තුෂාර ගුණරත්න, රොහාන් වැලිවිට, ආදී පිරිසක් සහභාගි වී ඇති බවත් සඳරුවන් මහතා පවසයි.

අභයාරාමයේ පැවැති මෙම රැස්වීම අවසානයේදී 'නිජබිම' නාමය සම්බන්ධයෙන් ටිරාන් අලස් සහ රුවන් ෆර්ඩිනැන්ඩස් අතර බහින් බස්වීමක් ඇති වී තිබෙන බව ද සඳරුවන් මහතා කියා ඇත.

21 දා අලුත් පත්තරයක් :

'ශ්‍රී ලංකා මිරර්' උපදේශක රුවන් ෆර්ඩිනන්ඩිස් මහතාගේ නමද සඳහන් කරමින් පළකර ඇති සඳරුවන් මහතාගේ එම වෙබ් පුවත සම්බන්ධයෙන්, කල විමසීමකදී රුවන් මහතා කියා සිටියේ, එවැනි සාකච්ජාවක් පිළිබඳව තමා දැන ගත්තේ සඳරුවන් මහතාගේ වාර්තාවෙන් බවයි.

2001-2002 වකවානුවේ පැවති එජාප ආණ්ඩුවට එරෙහිව තමා ඇතුළු පිරිසක් 'නිජබිම' නමින් පුවත්පතක් ආරම්භ කල ද ඒ නමින් පුවත් පතක් ආරම්භ කිරීමට තමාගේ අදහසක් නොමැති බවත්, දීප්ති කුමාර ගුණරත්න, සුභාෂ් ජයවර්ධන, විමල් කැටපේආරච්චි, ප්‍රභාත් වීරරත්න, ක්ලෝඩ් ගුරුබැවිල, ශාන්ත බණ්ඩාර ජයවර්ධන, ගුණසිරි සිල්වා, හිමාශි කරුණාරත්න, දයා නෙත්තසිංහ, ශාලික විමලසේන, ජයසිරි අලවත්ත යන අයගේ මුලිකත්වයෙන් ජුනි 21දා නව ආරක පුවත්පතක් එළිදැක්වීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කියා සිටියේය.

එම පුවත්පතට කලක් එකට සිටි මිතුරන් ද කලබලයට පත්ව ඇතයි ඔහු පැවසිය.

sri lankamirror

ව්‍යාජ පුවත් මවා විනාශකාරී මාධ්‍ය කලාවකින් මෛත්‍රී විනාශ කිරීමට මීඩියා කුමන්ත්‍රණකරුවන් රොත්තක් අභයාරාමයේ රහසේ හමුවෙලා

Last modified on Friday, 05 June 2015 13:32

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us