දිවි නැගුම නිසා අසරණවූ සේවකයන්ට සාධාරණය ඉටු කරන්න(audio)

Published in පුවත්
Wednesday, 10 June 2015 14:04

පසු ගිය රාජපක්ෂ ආණ්ඩුව සේවකයින්ගේ ඉල්ලීම් කප්පාදු කර සමෘද්ධි බැංකු මුදල් හා සේවක අර්ථ සාදක මුදල් උදුරා ගැනීමේ උත්සාහයක නිරතවූ බවත් දැන් පවතින යහපාලන ආණ්ඩුව සේවක ප්‍රශ්න පිළිබදව මුලදී නම්‍යශීලි බවත් පෙන්වා දැන් එම ප්‍රශ්න මග හැර යාමේ උත්සාහයක නිරත වන බව සමුද්ධි සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමහල්ගේ පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ අයිතීන් දිනා ගැනීමේ දිවිනැගුම සේවක වෘත්තීය සමිති එකතුව විසින් අද(10) පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

දිවි නැගුම පනත හරහා පිහිටවූ දිවිනැගුම දෙපාර්තමේන්තුවේ සේවයට එක්වූ විසිපන් දහස් එකසිය එකක්වූ සේවකයන් පිරිසක් අද වන විට බරපතල වෘත්තීය ගැටලු රැසකට මුහුණපා ඇති බව ඔහු පැවසුවේය. දිවිනැගුම සමග අහෝසිවූ ආයතන පහ අතරින් වැඩිම සේවක පිරිසක් සමෘද්ධි අධිකාරියේ සිටි බවත් ඔවුන් 23,000 ආසන්න පිරිසක් බවත් පැවසුවේය. දිවි නැගුම දෙපාර්තමේන්තුවට ඔවුන් බදවා ගැනීමේදී බදවා ගත් ක්‍රමවේදයන් පවා අද වන විට ඇති කර ඇත්තේ ප්‍රශ්නයන් රැසක් බව ඔහු අවධාරණය කරයි.

සේවකයන් පත්ව ඇති ගැටලු පිළිබදව වත්මන් විෂයභාර ඇමතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් පසු ඔහු මේ පිළිබදව කටයුතු කිරීමට එකගවී සේවකයින්ට අහිමිවූ වසර 19 ක සේවා කාලය ලබා දීමට එකගවූ බවත් දැන් ඔහු ඒ පිළිබදව කිසිදු කතාවක් නොමැති බවත් පැවසුවේය.

දිවි නැගුම දෙපාර්තමේන්තුවේ මුල් සේවකයන් සේ සේවයට බදවා ගත් සේවකයන් ගේ අහිමිවූ EPF මුදල් ලබා දෙන ලෙසත්,නව සේවකයන්ට අහිමිවූ සේවා කාලය ලබාදෙන ලෙසත්,සමස්ත සේවකයන්ගේ උසස්වීම් වසර දහයකින් පමණ ලබා දී නැති බැවින් සේවකයන්ට ලැබිය යුතු ආසන්නම උසස්වීම හැකි ඉක්මනින් ලබා දෙන ලෙසත්,දිවි නැගුම පනත මගින් ප්‍රජාව සතු බලය බල ගන්වන ලෙසත් එහිදී සමෘද්ධි බැංකු නීති ගත කිරීම් ආදිය ඉටු කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියි.

මෙම ඉල්ලීම් පහ ඉටු නොකරන්නේනම් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සූදානම් බව අවධාරණය කරයි.

පසුගිය ආණ්ඩුව පැහැර හැරි සේවකයින්ට නීතියෙන් හිමි කමක් ඇති සේවකගේ මුදල් හා අයිතීන් ඔවුන්ට ලබා දීමට කටයුතු කරන ලෙස ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.
දින සියය අවසන් වීම සමග දැන් දැන් වත්මන් යහපාලන පොරොන්දු ඉටු කිරීම පැහැර හරින්නේනම් ඔවුන්ට ජනවරමද අහෝසිවී යනු ඇති බව ඔහු පැවසුවේය.

{soundcloud}https://soundcloud.com/lankadaily/divi-naguma2015-06-10-102644{/soundcloud}

DNP 5702

DNP 5717

DNP 5711

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us