16දා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

Published in පුවත්
Friday, 12 June 2015 10:27

පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලබන 16 වන දින විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

විපක්ෂය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත.

දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය විසින් කටයුතු නොකිරීම පිළිබඳව විපක්ෂයේ පක්ෂ විරෝධය පළ කර ඇත.

දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ විශ්වාසභංග යෝජනා කඩිනමින් විවාදයට ගැනීමට පියවර නොගතහොත් පාර්ලිමේන්තු කටයුතු වලට සහය දීමෙන් වැළකී සිටීමට විපක්ෂයේ පක්ෂ කිහිපයක් තීරණය කර ඇති බවයි.

මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවද ඊයේ දිනයේ පාර්ලිමේන්තු න්‍යාය පුස්ථකයට ඇතුළත් කර ඇත.

එසේම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාව ජූලි මස 04 වන දින විවාදයට ගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ ප්‍රකාශ කළේය.

adaderana

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us