ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද පෙරවරු 9ට පැමිණෙන ලෙසට ඔහුට කළ දැනුම්දීමකට අනූව ඔහු මෙසේ පැමිණ ඇත.
පසුගියදා අඟුණකොළපැලැස්සේ පැවැති රැස්වීමකට නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂක නිලධාරියෙකු බව පැවසෙන අයෙකු ගිනි අවියක් ඇතැතිව ඇතුළුවීම ගැන ප්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇතැයි සඳහන්ය.
එම සිද්ධියේදී අදාළ ආරක්ෂක නිලධාරියා අත තිබුණේ ගිනි අවියක් නොව වතුර බෝතලයක් යැයි මන්ත්‍රීවරයා පවසා තිබූණි. නමුත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසා තිබුණේ එය වතුර බෝතලයක් නොව ගිනි අවියක් බවයි.