පෙරුමාල් - රාජපක්ෂවාදීන් සාකච්ඡා, නව ඊලාම්වාදී සංවිධානයක් ගොඩනැඟේ

Published in පුවත්
Saturday, 13 June 2015 11:45

උතුර සහ නැගෙනහිර පළාත් හිටපු මහ අැමැති වර්ධරාජා පෙරුමාල් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිත පිරිසක් සමඟ පසුගියදා රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තාවේ.

මේ අතර එල්ටීටීඊ සංවිධානය පැවැති යුගයේදී පෙරුමාල් ඉන්දියාවේ රහසිගත ජීවිතයක් ගත කළ අතර දේශපාලන කටයුතු සඳහා නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ රෙජීමය පරාජය වීමෙන් පසුවය. පෙරුමාල්ව මෙරටට කැඳවාගෙන එම සම්බන්ධයෙන්ද පවතින්නේ රාජපක්ෂවරුන්ගේ සහය ඊට හිමිවූ බවය. එමෙන්ම රාජපක්ෂ නියෝජිතයන් සමඟද මීට පෙර රහසිගත සාකච්ඡා කිහිපයක් පැවැති බවත් වාර්තා විය. ඊළාමයක් පිහි‍ටුවන බවට හැ‍ඟෙන ප්‍රකාශ කිහිපයක්ද ඔහු එවකට පැවැසූ අතර පරාජය වූ රාජපක්ෂ හිතවාදීන් නැවත උතුරේ බෙදුම්වාදය ගොඩනැගෙන බවට එම ප්‍රකාශ පදනම් කරගෙන ප්‍රචාරක කටයුතුවලද නිරත විය. 2010 ජනාධිපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට පෙරුමාල් සහය දැක්වූයේය

පෙරුමාල්ගේ ආගමනය සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය දැඩි විරෝධයක් දක්වන නමුත් එම පක්ෂයේ එල්ටීටීඊ ඩයස්පෝරා හිතවාදී කොටස් ඔහු සමඟ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බවට මාධ්‍ය වාර්තා පළවී තිබිණි.එම පිරිස් පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණයෙන් පසුව මහින්ද රාජපක්ෂව එල්ලා මරණ බවටද ප්‍රචාරයන් දියත් කළ කණ්ඩායම් වේ. එම ප්‍රකාශයන්ද රාජපක්ෂවරුන්ගේ සිංහල ජාතිවාදී මැතිවරණ ව්‍යාපාරයට වාසි සහගත විය. ජනාධිපතිවරණයේදී එල්ටීටීඊ හිතවාදී ඩයස්පෝරාවේ සහය මහින්ද රාජපක්ෂ විසින් ලබා ගත් බවට එජාපය චෝදනා කළේය. මහින්ද රාජපක්ෂ අමරිකාවේදී එම නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ බවත් රනිල් වික්‍රමසිංහ චෝදනා කළ අතර හැකිනම් ඒ අසත්‍යක් බව ප්‍රකාශ කරන ලෙස මහින්ද රාජපක්ෂට අභියෝගයක්ද කළේය. ඊට මේ දක්වා පිළිතුරක් ලැබී නැත.

පෙරුමාල් මහ ඇමැතිව සිටියදී ඊලාම් රාජ්‍යයක් ප්‍රකාශයට පත් කළ අතර පසුව ඒ රජය විසින් විසුරුවා හැරීම හෙතුකොට ගෙන පැමිණි ආරක්ෂක තර්ජන නිසා ඉන්දියාවට පැන ගියේය. එය එල්ටීටීඊ සංවිධානයට එරෙහිව උතුරේ දේශපාලන බලය ඩැහැ ගැනීම සඳහා කළ ප්‍රකාශයක් වූ අතර එම හේතුවෙන්ම ඔහුට එල්ටීටීඊ තර්ජන ඇති විය. එවකට එල්ටීටීඊයට එරෙහිව දෙමළ ජාතික හමුදාව නම් සන්නද්ධ බලකායක් ඉන්දීය හමුදාවේ සහයෙන් ඔහු ගොඩ නගා ගත්තේය. එවකට වර්ධරාජා ඉන්දියාවේ රෝ සංවිධානය විසින් මෙහෙය වූවෙක්ය යන්නද ප්‍රසිද්ධ කරුණකි.

කෙසේ නමුත් වර්දරාජා පෙරුමාල් ඇතුළු කණ්ඩායම දෙමළ ඊලාම් නමින් නව සංවිධානයක් ආරම්භ කිරීම සඳහා මේවන විට සූදානමින් පසුවන බවත් ඊට එල්ටිටීඊ සංවිධානයෙන් ඉවත්ව පසුගිය රාජපක්ෂ රජය සමඟ සමීපව කටයුතු කළ කණ්ඩායම් කිහිපයක්ද එක්ව තිබෙන බවද වාර්තාවේ.

මේ වන විටත් සාමාජිකයින් 150 දෙනෙකු ඊට එක් වී ඇති අතර යාපනය, කංකසන්තුරෙයි සහ පේදුරුතුඩුව යන ප්‍රදේශවල මෙහෙයුම් කටයුතු ආරම්භ කරද ඇත.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us