ඒ මහතා මෙසේ ද පැවසීය.
මඩ ගැහිල්ලෙත් සීමාවක් තියෙන්න ඕනෑ. අපේ මුළු පවුලටම මඩ ගහනවා. දැන් මම මාතරට යන්නත් ඕනෑ සමහරුන්ගෙන් අහලයි. මාතරට යන එන කතා එයාලට කියන්නත් ඕන නැහැ. මම මීට කලිනුත් මාතර ගිහින් තියෙනවා.
වාසුදේව නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අසභ්‍ය වචනයෙන් බැණවැදීම පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ එයාට ටිකක් කේන්ති ගිහිල්ලා තිබෙනවා. රනිල් මහත්මයා ඔහුට වාඩිවෙන්න කිව්වා. නැගිටින්න කිව්වා. නමුත් රනිල් මහත්තයා ළඟ මඩ දේශපාලනයක් නැහැ.