වෘත්තීය වෙබ් මාධයවේදීන්ගේ සංගමය අගමැතිවරයා සමග සාකච්ඡාවක් අවශ්‍ය බවට පෙර කළ ඉල්ලීමක ප්‍රතිපළයක් ලෙස මෙම සාකච්ඡාව සඳහා ඊයේ දිනයේදී ඇරයුම් ලැබිණි.
අනෙකුත් වෘත්තීය ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් ලබා දෙන සියලු පහසුකම් විද්‍යුත් පුවත්පත් හී වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ටද ලබා දීම සිදුකරන බව අගමැතිවරයා ප්‍රකාශ කළේය.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වඩා පුළුල් සාකච්ඡාවක් සිදු කළ හැකි බවද අගමැතිවරයා ප්‍රකාශ කළ අතර වෙබ් අඩවි ලියපදිංචිය හා අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ඉදිරියේදී සියලුම ජනමාධ්‍යයන් වෙනුවෙන් එකම නීතිමය රාමුවක් යතතේ ක්‍රියාත්මක වන යාන්ත්‍රණයක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු පැවැසීය. එළඹෙන මැතිවරණයෙන් පසුව බිහිවන නව ආණ්ඩුව විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කෙරෙන බවත් එහිදී ජනමාධ්‍ය නිදහස පුළුල් කෙරෙන යෝජනා අඩංගු වනු ඇති බවත් එහිදි වර්තමානයේ පවතින ගැටලු රැසකටද පිළිතුරු ලැබෙනු ඇති බවත් පැවැසීය.
එසේම පසුගිය ආණ්ඩු සමයේදී වෙබ් මාධ්‍යවේදින්ට වූ හිරිහර බාධා සම්බන්ධයෙන් විමර්ශනයක් කර එම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට වන්දි පිරිනැමීමක් සිදුකළ හැකිද යන්න සොයා බලන ලෙස මාධ්‍ය සංගමය කළ යෝජනාවට පිලිතුරු දුන් අගමැතිවරයා ඒ සම්බන්ධයෙන් වර්තාවක් සකස්කර තමාවෙත භාර දෙන ලෙසද මාධ්‍ය නියෝජිතයන් වෙත දැන්වීය.