ආණ්ඩු මාරුවන විට ප්‍රතිපත්ති මාරු නොවිය යුතුයි-ජනපති

Published in පුවත්
Monday, 22 June 2015 14:57

ආණ්ඩු මාරුවන විට වෙනස් නොවන නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් ශ්‍රී ලංකාවට අවශ්‍ය බවත්, ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් බලපෑම් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාව අමතමින්ය.

ආණ්ඩු මාරුවූවාට ප්‍රතිපත්ති මාරු නොවීම වැදගත් බවත් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් මේ ප්‍රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරයට ප්‍රතිඥා ගතහැකිනම් වඩා හොඳ බවත් පැවසුවේය. මෙය යුගයේ අවශ්‍යතාවක් බවත් ඉන්දියාව වැනි රටවල් දෙස බලන කළ මෙය පැහැදිලි වන බවත් කීවේය.

'ඉන්දියාවේ කවදාවත් ආණ්ඩු වෙනස් වුණාට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. හිතුවක්කාර විදිහට මැති ඇමතිවරුන්ට ප්‍රතිපත්ති හදන්න, රාජ්‍ය මුදල් පරිහරණයට අවස්ථාවක් නෑ. විය යුත්තේ ඒකයි'
යනුවෙන් ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us