20න් ප්‍රජාතන්ත්‍රවාදය හකුළුවා දේශපාලනය පවුල් දෙකකට සීමා කරනවා

Published in පුවත්
Monday, 22 June 2015 14:46

20සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරනවා වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය හකුළුව බවත් රටේ දේශපාලනය පවුල් දෙකකට සීමා කරන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.එබැවින් ඊට එකඟවීමේ හැකියාවක් නොමැති බව ඔවුන් පවසයි.

අද(22) පැවැති මාධ්‍ය හමුවකදී ටිල්වින් සිල්වා මහතා කියා සිටියේ නව මැතිවරණ ක්‍රමයක් සහිත ගැසට් පත්‍රයක් නිකුත් වී ඇතත් මෙහි සැබෑ අරමුණ පවතින මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු සම්පූර්ණ කිරීම නොව වෙනත් දෙයක් බවයි.

මෙම නව යෝජනාව තුළ ආසනවල දේශපාලනය පක‍්ෂ දෙකකට සීමා වේ. ප්‍රධාන පක‍්ෂවල අපේක‍්ෂකයින් දෙදෙනා අතරට පමණක් සටන සීමා වන බවත් සෙසු අපේක‍්ෂකයින් නොසලකා හැරෙන බව ඔහු පැවසීය.

“පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය තුළ නියෝජනය සාධාරණයි. එහෙත් එහි මනාප ක්‍රමය ඇතුළු ලක‍්ෂණ කිහිපයක අඩුපාඩු පවතින බවට අදහස් පළවී තිබුණා. ආසනයට මන්ත්‍රීවරයෙක් සිටිය යුතු බවට කිව්වා. මේ කරුණු සම්බන්ධයෙන් අපට ගැටලූවක් නැහැ. එහෙත් මෙම ගැසට් පත්‍රය මගින් යෝජනා කරන 20වන සංශෝධනය තුළ බරපතල ගැටලූ පවතිනවා. පළමුවෙන්ම එමගින් බහුපක‍්ෂ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කර ද්වී පක‍්ෂ ක්‍රමයක් ඇතිකරනවා. දේශපාලනය පක‍්ෂ දෙකකට, පවුල් දෙකකට සීමා වෙනවා. දැන් අපට විවිධ දේශපාලන අදහස් මත දරන පක‍්ෂ තිඛෙනවා. ඒවා ප්‍රජාතන්ත්‍රවාදී හෝ සමාජවාදී විය හැකියි. දක‍්ෂිණාංශික හෝ වාමාංශික විය හැකියි. සුළු ජන කොටස් නියෝජනය කරන පක‍්ෂ විය හැකියි. මේ සියලූ දෙනාගේම අදහස් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන තුළ නියෝජනය වීම අවශ්‍යයයි.

එහෙත් මේ නව යෝජනාව තුළ ආසනවල දේශපාලනය පක‍්ෂ දෙකකට සීමා වෙනවා. ප්‍රධාන පක‍්ෂවල අපේක‍්ෂකයින් දෙදෙනා අතරට පමණක් සටන සීමා වෙනවා. සෙසු අපේක‍්ෂකයින් නොසලකා හැරෙනවා. බදුල්ල, කුරුණෑගල වැනි දිස්ත්‍රික්ක ගතහොත් සමානුපාතික නියෝජනය තුළ ඒවායේ මුස්ලිම් ජනතාවට නියෝජනයක් ලබාගත හැකියි. එසේම උතුරු නැගෙනහිරින් පිටත ජීවත්වන විශාල දෙමළ ජනතාවක් සිටිනවා. ඔවුන්ටද මෙම ක්‍රමය තුළ නියෝජනයක් ලබාගත හැකියි. එහෙත් නව මැතිවරණ යෝජනා තුළ ඔවුන් කිසිවෙකුටත් ආසන ජයග්‍රහණය ලබාගැනීමට නොහැකියි. මැතිවරණ ක්‍රම සකස් කළ යුත්තේ සියලූ ජනතාව එකතු කරගැනීමේ අර්ථයෙන්. නැතහොත් පිටමං කිරීමේ අර්ථයෙන් නොවෙයි. තමන්ගේ අදහස් පාර්ලිමේන්තුව තුළ නියෝජනය කළ නොහැකි යැයි එම ජනකොටස්වලට හැඟී ගියහොත් එය රටේ අනාගතයට බරපතළ අවදානම්කාරී තත්වයක් ඇතිකරනවා. ඉතිහාසයේ අපි එවැනි අවස්ථා අත්දුටුවා.

ජවිපෙ ඇතුළු පක‍්ෂ ගණනාවක් ඊයේ අගමැතිවරයාටත් මෙම තත්වයේ ඇති බරපතළකම පෙන්වා දුන්නා. 20වන සංශෝධනය සහිත ගැසට් පත්‍රය ඉවත්කරගත යුතු බව අවධාරණය කළා. ජනාධිපතිවරයාත් මෙම තත්වය තේරුම් ගත යුතුයි. ජනවාරි 08මැතිවරණය සමඟ කල් ඉකුත්වූ පාර්ලිමේන්තුවට මෙවැනි ජනතා විරෝධී ක්‍රියාමාර්ග ගැනීමට ඉඩ දියයුතු නැහැ. විශේෂයෙන්ම අලූත් මැතිවරණ ක්‍රමයක් අපේක‍්ෂා කළ ජනතාවගේ වුවමනාවන්ට මුවා වී තක්කඩි අරමුණු ඉටුකරගැනීමට කිසිසේත් ඉඩ දිය නොහැකි යනුවෙන් ටිල්වින් සිල්වා මහතා සඳහන් කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us