අතුරුදන් කරවීම් ගැන කරන්නාගොඩත් ඇමැතිවරුත් දැනගෙන ඉඳලා

Published in පුවත්
Wednesday, 24 June 2015 06:56

නාවික හමුදාවේ කමාන්ඩෝ භටයින් ළමයින් පැහැරගෙන ගොස් රඳවා සිටි බවට හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නා‍ගොඩ මහතා ඇතුළු නාවික හමුදාවේ ඉහළ නිලධාරීන් දැන සිටිය බවට තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසියේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි දෙමින් ඊයේ (23) පැවැසීය.

කිසිදු අපරාධයකට සම්බන්ධ යැයි අනාවරණය නොවූ ළමයින් පැහැරගෙන ගොස් කිසිදු නීතිමය ක්‍රියාදාමයක් අනුගමනය නොකර, වධකාගාරවල තබා ගනිමින් සිටි එම ළමයි මුදාහරින්න හමුදාවේ ඉහළ නිලධාරීන්ට යුතුකමක් තිබූ බවත්, එම ළමුන් අත්අඩංගුවේ පසුවන බවට එවක ඇමැතිවරුන් පවා දැනුවත්ව සිටි බවට අනාවරණය වන බවත් සිල්වා මහතා පැවැසීය.

දෙහිවල ප්‍රදේශයේ වෛද්‍ය ශිෂ්‍යයින් දෙදෙනකු ඇතුළු ළමයින් පස්දෙනකු අතුරුදන්වීම සම්බන්ධයෙන් වූ හබයාස් කෝපුස් පරීක්ෂණයේ සාක්ෂි දෙමින් නිශාන්ත සිල්වා මහතා එම සාක්ෂි අනාවරණය කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ නඩුව විභාග කළේය. අගතියටපත් ළමයින්ගේ දෙමාපියන් වෙනුවෙන් නීතිඥ කේ. ටී. තවරාසා මහතා හා නීතිඥ ජේ. සී. වැලිඅමුණ මහතා පැමිණිල්ලේ ප්‍රශ්න මෙහෙයවූහ.

නීතිඥවරුන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් පොලිස් පරීක්ෂකවරයා සාක්ෂි දෙමින් මෙසේ ද පැවැසීය. 2008 වර්ෂයේ අතුරුදන්වූ මෙම ළමයින් නාවික හමුදා මූලස්ථාන පිට්ටුබම්බුවේ රඳවා සිටි බවට තොරතුරු අනාවරණය වුණා. පසුව ත්‍රිකුණාමලය හමුදා කඳවුරට රැගෙනගොස් භූගත සිර මැදිරිවල රඳවා තබා තියෙනවා. මෙම දරුවන් තම දෙමාපියන් සමඟ දුරකථනයෙන් කතාකර තියෙනවා. මේ සිර මැදිරි ගැසට් කළ ඒවා නොවෙයි. මිනිස් වාසයට නුසුදුසු වධකාගාර වැනි ඒවා. එහි සිටීම අපහසුයි. අප දැන් ඒවාට සීල් තබා තියෙනවා. ලන්දේසි යුගයේ කාලතුවක්කු රඳවා තැබීමට තමයි එම මැදිරි භාවිත කර තිබුණේ.

මෙම දරුවන් කඳවුරේ ඉන්න බවට දෙමාපියන්ගෙන් දැනගත් පීලික්ස් පෙරේරා ඇමතිවරයා ළමුන් නිදහස් කරන ලෙසට නාවික හමුදාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලා තියෙනවා. මෙම ළමුන් පැහැරගත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සම්පත් මුණසිංහ හෙට්ටිආරච්චි හා රණසිංහ යන අය හිටපු නාවික හමුදාපතිගේ පුද්ගලික ආරක්ෂකයින් ලෙස කටයුතු කරලා තියෙනවා. එම නිසා ළමුන් පැහැරගත් බවට දැනුවත්වීම අනිවාර්යයි. ළමුන් පැහැරගෙන දෙමාපියන්ගෙන් රුපියල් කෝටියක්, ලක්ෂ පහක් වැනි කප්පම් මුදල් ඉල්ලලා තියෙනවා.

අදාළ විමර්ශන කටයුතු තවම අවසන් නෑ. මෙතෙක් පරීක්ෂණ කටයුතු පිළිබඳ නීතිපතිවරයාට වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා. උපදෙස් තවම ලැබිලා නෑ. විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නෑ.

මෙම ළමයින් අතුරුදන් කිරීමේ මූලික නඩුව දැනට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කෙරේ. කරුණු සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාගය ලබන 14 දිනට කල් තැබීය.

dinamina

සැබැඳි පුවත් : දෙමළ තරුණයන් 35ක් පැහැරගෙන මරාදැමූ නාවිකයන්ටත් තවම නඩු නෑ.

Last modified on Wednesday, 24 June 2015 07:23

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us