ඊලාම් දේශය වෙනුවෙන් එල්ටීටීඊය කරන්නේ සදාතනික අරගලයක්- ගෝඨා

Published in පුවත්
Wednesday, 24 June 2015 11:11

ඇමෙරිකානු රාජ්‍ය ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් නිකුත කළ වාර්තාවක් අනුව ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව අනතුරට පත්ව ඇතැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සිය ෆේස් බුක් ගිණුමට නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව ඊයේ (23දා) සඳහන් කළේය.

මෙම නිවේදනයේ සඳහන් අන්දමට එල්ටීටීඊය පණ පොවා ඇත්තේ ඊලාම් දේශය වෙනුවෙන් වූ 'සදාතනික අරගලය'කටය.. මෙරට භූමියේ කළ යුද්ධය ජය ගත්තද එම අරගලය නැවත ඇරඹීම සඳහා විදෙශගතව සිටින එල්ටීටීඊ කොටස් ක්‍රියා කරමින් සිටින බවත් ඔහු පවසයි.


මෙහිදී අප විසින් අවධාරණය කරන්නේ රාජපක්ෂ රෙජීමය මෙහෙය වූ බලවත්ම හා බිහිසුණුම නිළධාරියා වූ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඔවුන්ගේ හැඳින්වීම අනුව හුදු ත්‍රස්තවාදී සංවිධානයක ත්‍රස්තවාදී ක්‍රියාවලිය මෙම නිවේදනය තුලින් 'ඊලාම් දේශයක් සඳහා වූ සදාතනික අරගලයක්'ලෙස පිළිගැනීමට ලක්ව තිබීම ගැනය. සදාතනික අරගලයක්ය යන්න විමුක්ති ව්‍යාපාරයන්හී නිරන්තරයෙන් යොදා ගැනෙන දේශපාලනික අර්ථයක් සහිත සංකල්පයකි. ඒ අනුව පීඩකයා හා පීඩිතයා අතර ඇත්තේ සදාතනික අරගලයකි..

ගෝඨාභයගේ හැඳින්වීම අනුව තවදුරටත් විග්‍රහ කරන්නේ නම් සිංහලයා හා දෙමළා අතරද ඇත්තේ සදාතනික අරගලයකි. ඒ කිසි දිනෙක අවසන් වන්නේ නැත. මේ අරගලයේ දෙමළ පාර්ශ්වයේ විසඳුම ඊලාම දේශයයි. එතැනින් මෙහා අන් විසඳුමක් නැති බව ගෝඨාභයද අනියමින් පිළිගනී..මේ නිසා තමන්ගේ ඇති සිංහල වර්ගවාදී වුවමනාව අනුව ගෝඨා යෝජනා කරන්නේ දෙමළා ගින්දරෙන් යකඩෙන් යටපත් කළ යුතු බවය. එසේ නොවුන හොත් 'ජාතික ආරක්ෂාව අනතුරේය'.

ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ නිවේදනය

ජාතික ආරක්ෂාව අනතුරේ -

ඇමරිකා එක්සත් ජනපදයේ ත්‍රස්තවාදයට එරෙහි කාර්යංශය විසින් නිකුත් කොට ඇති මාධ්‍ය වාර්තාවක් සම්බන්ධව ඔබගේ අවධානය යොමුකරනු කැමැත්තෙමි. මෙම වාර්තාවට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ මූල්‍ය සංවිධාන ජාලය ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින් ක්‍රියාත්මක වන බවත් එම ජාලය වෙත ගලා එන්නාවූ මූල්‍ය ප්‍රේෂණ යහමින් ලැබෙමින් පවතින බවත් හෙලිකොට ඇත. මෙම කටයුතු වලට සම්බන්ධ එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් 13 දෙනෙකු පසුගිය වසර තුල මැලේසියාවේදී අත් අඩංගුවට ගෙනඇති බව මෙම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

එල්.ටී.ටී.ඊ අන්තර්ජාතික සංවිධාන ජාලයත් ඔවුන්ට හිතවත් සහ සහාය පලකරන ලොව පුරා වෙසෙන කණ්ඩායම් වල සාමාජිකයනුත් ඉතාම ඉහල කාර්යක්ෂමතාවයකින් යුතුව කටයුතු කරන බව මීට පෙර අවස්ථා ගණනාවකදීම මම අනාවරණය කලෙමි. ශ්‍රී ලංකා රජය එල්.ටී.ටී.ඊ සංවිධානය පරදවා ලබාගත් යුධ ජයග්‍රහණයෙන් පසුවත් ඔවුන්ගේ වෙනම රටක් හෙවත් ඊලම් දේශයක් සඳහාවූ අරගලය අත්හැර දමා නොමැති බවත් එම සදාතනික අරගලය නැවත ඇරඹීම සඳහා පිඹුරුපත් සකසමින් සිටින බවටත් මා පලකල අනාවැකි සත්‍ය බව මෙම වාර්තාව තුලින් මනාව පසක් කොට දී ඇත.

මීට වසරකට පමණ පෙර ශ්‍රී ලංකා හමුදාවේ බුද්ධි අංශ විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය ශ්‍රී ලංකාවේ උතුරුකරය තුල නැවත සංවිධානය වීමට උත්සාහ දරණ බව තහවුරු කරගන්නා ලදී. එම බුද්ධි අංශ වාර්තා තුලින් අනාවරණය කරගත් කරුණ මත සිදුකලාවූ මෙහෙයුම් වලදී නැවත සංවිධානය වීමට ප්‍රයත්න දැරූ එල්.ටී.ටී.ඊ ජේෂ්ඨ බුද්ධි අංශ සාමාජිකයකු, එල්.ටී.ටී.ඊ ගුවන් අංශ සාමාජිකයකු ඇතුලු අන් එල්.ටී.ටී.ඊ කාඩර්වරුන් ජීවිතක්ෂයට පත්කිරීමට අපි සමත්වීමු.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ගේ සංවිධාන ජාලයේ කාර්යක්ෂමතාව ඉතා හොඳින් දන්නා සමහරුන් පටු දේශපාලන වාසි ලබාගැනීමට සහ වෙනත් අවශේෂ කාරණා හේතුවෙන් අද උද්ගතව ඇති මෙම භයානක තත්වය හිතාමතා බැහැර කිරීම දැඩි කණගාටුවට කාරණාවකි. වසර 2009 පසු අප රටට එල්.ටී.ටී.ඊ සංවිධානයෙන් කිසිදු ප්‍රහාරයක් එල්ලනොවීම නිසාම එම සංවිධානය තවදුරටත් තර්ජණයක් ලෙස ගණන් නොගත යුතු යැයි සමාජගතව පවතින මතයද මිථ්‍යාවක් මිස සත්‍යයක් නොවන බවද නැවත නැවතත් අවධාරණය කරන්නෙමි.

පසුගිය රජය සමයේ ජාතික ආරක්ෂාව ප්‍රමුඛතාවයේ ලා සැලකීමත්, බුද්ධි අංශ ඇතුලු ආරක්ෂක අංශවල විචක්ෂණභාවයත් නිසා එල්.ටී.ටී.ඊ සංවිධානයේ සියලු ප්‍රතිසංවිධාන කටයුතු ආඩාල කිරීමට අපි සමත්වීමු. ජීවිත පරිත්‍යාගයෙන් දිනාගත් සාමයේ සියලු ප්‍රතිලාභ රටේ පොදු මහජනතාවට ලැබෙන්නට සලස්වන අතර ඉතාම ඉහල මට්ටමේ ආරක්ෂිත උපාය මාර්ග අනුගමණය කිරීමටත්, බුද්ධි අංශ කටයුතු වඩාත් ශක්තිමත් කිරීමටත් අදාල සියලු පියවර ගැනීමට අපි කටයුතු කලෙමු. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ ඉඩම් වලින් සැලකිය යුතු ප්‍රමාණයක් එම ඉඩම් වල මුල් පදිංචිකරුවන්ට නැවත පවරා දුන් නමුදු රටේ ආරක්ෂාවට උපක්‍රමශීලීව වැදගත් සියලු ප්‍රදේශවල හමුදා කඳවුරු කිසිවිටෙකත් ඉවත් නොකිරීමට අපි වග බලාගතිමු. මේ සියල්ල එල්.ටී.ටී.ඊ සංවිධානයේ ප්‍රති-සංවිධාන ප්‍රයත්නය බිඳ දැමීමට අතිශය වැදගත් පියවරයන් වූ බව මෙහිදී සඳහන් කරනු කැමැත්තෙමි.

කරුණු එසේ වුවද ජාතික ආරක්ෂාව පිලිබඳ වත්මන් රජයේ ප්‍රතිපත්තීන් රටේ අනාගත ආරක්ෂාවට අතිශය අහිතකර ප්‍රතිවිපාක ගෙනදීමට ඉඩඇති බව අවධාරණය කරමි. උතුරු සහ නැගෙනහිර දෙපලාතේ හමුදා කඳවුරු ප්‍රමාණය අඩුකිරීමටත්, විශේෂයෙන් මූලෝපායිකව වැදගත් ප්‍රදේශවල ස්ථානගතව පැවතුනු ඇතැම් හමුදා කඳවුරු ඉවත්කිරීමටත් රජය ගෙනඇති තීරණ, ප්‍රතිසංවිධානය වීමට ප්‍රයත්න දරණ එල්.ටී.ටී.ඊ සංවිධානයට මනා පිටිවහලක් වනු ඇතිබව මෙහිදී අවධාරණය කරන්නෙමි.

එල්.ටී.ටී.ඊ සංවිධානයේ කාර්යක්ෂම සංවිධාන ජාලයත්, එම ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාව තුල ප්‍රතිසංවිධානය වීම හරහා රටේ ජාතික ආරක්ෂාවට ඇතිවන තර්ජණයත් වත්මන් ජනාධිපතිවරයාත්, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයත් මනාව වටහාගනු ඇතැයි මම අවංකවම බලාපොරොත්තු වෙමි. මෙම කරුණු වටහාගැනීමත් ඒ සම්බන්ධව ගතයුතු පියවර නොපැකිලව ඉටු කිරීමත් වසර 30ක කෲර යුද්ධයෙන් පීඩාවට පත් රටටත්, ජනතාවටත් එම අමිහිරි අත්දැකීම් නැවත උරුමවීම වැලැක්වීම සඳහා පියවරයන් ගනු ඇතිබව උදක්ම සඳහන් කරනු කැමැත්තෙමි.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us