අනුර කුමාර UNPයේ ඉත්තෙක්-සෝමවංශ

Published in පුවත්
Monday, 29 June 2015 12:48

ජ.වි.පෙ. ස්ථාපිත කරන ලද්දේ කැසිනෝ කාරයෝ , කළු සල්ලිකාරයෝ මෙන්ම, අවි ජාවාරම් කාරයෝ සමඟ එසේත් නොමැති නම් එ.ජා.ප. සමඟ ගනුදෙනු කිරීමට නොවන බවත්, නමුත් මේ වන විට එම ගණුදෙනු පැහැදිලි බවත්  සෝමවංශ අමරසිංහ මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කර සිටියේ “ජනතා සේවක පක්‍ෂය“ නම් වු නව පක්ෂයේ ප්‍රථම මහ සමුළුව ඇමතු අවස්ථාවේදීය‍.

ජ.වි.පෙ. තමන්ගේ කාර්යභාර්යය අත්හැර දමා ඇති බවත් අනුර කුමාර දිසානායකලා මෙම ජාවාරම්කරුවන් පිළිබඳව කිසිදු වචනයක්වත් මේ වන විට නොකියන බවත්, නිහඩවීමට හේතුව එම ව්‍යාපාරිකයන් එබූ මිලියන කුට්ටි උගුරේ සිරවී දැන් කතා කර ගත නොහැකි වීමයි යනුවෙන් පැවසුවේය. මේ වන විට එම පක්ෂය දේශපාලන අන්ධ භාවයෙන් පෙළෙන බවත් රු 5000 කොළ වලින් අැස් කන් කට වැසී අැති ඒ දේශපාලනය මේ රටට අවශ්‍ය නැති නිසා තමා එතනින් නික්මුණු බවත් කීවේය.

අද පවතින ජවිපෙ සැබෑ ජවිපෙ නොවන බවත් සැබෑ ජවිපෙ පවතින්නේ අද අාරම්භ කළ ජනතා සේවක පක්ෂය තුළ බවත් පැවසුවේය. තවද ජ.වි.පෙ. මේ වන විට මුදල් පමණක් රැස්කරමින් මිනිසුන් රැස් නොකර ගනිමින් සිටින බවද ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

අනුර කුමාරගේ පක්ෂය ඊයෙ පෙරේදා තලේබාන් ව්‍යාපාරයක් බවට පත්ව අැති බවත් තලේබාන්ලා තමන්ගේ ඒවා මිස අනෙක් මත වලට ඉඩක් නොදෙන්නාක් බදුව දැන් ඔවුන්ද මම කියන ඒවා බලන්න එපා යැයි පවසමින් මූලධර්මවාදයකට ගමන් කරන බව පැවසුවේය.

වර්තමානය වන විට ජවිපෙ කටයුතු කරන්නේ මහින්ද රාජපක්ෂ ඔසවා තැබීමට බවත් අද වන විට වරප්‍රසාද සමග සිටින ජවිපෙ වැරදි වැරදි ලෙස නොදකින බවත් මොන වරද තිබුනද කරබාගෙන සිටින බව පැවසුවේය.තමා ජවිපෙන් එළියට පැමිණියේ එජාපයට හෝ ශ්‍රීලනිපයට එක් වීමට නොවන බවත් එසේ වනවාට වඩා බඩ කපාගෙන මියයාම හොද බවත් පැවසුවේය.

අද ජවිපෙ පවසන්නේ මෙෙත්‍රීපාල සිරිසේන මහතා අවුරුදු නිල කාලයට පෙර ගෙදර යැවීමට බවත් ජනපති මැරුවාම අපට මොකෝ යනුවෙන් බවත්ය.නමුත් ජනපති අහිමිවූවහොත් සිදු වන්නේ යළිත් සිදුවන්නේ පරණ තැනටම ගමන් කිරීම බවත් මේ රටේ දේශපාලනය ඒතනින් අවසන් වන බවත් සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෝමවංශ අමරසිංහ මහතා වත්මන් දේශපාලන නායකත්වය මුහුණ දී සිටින ගැටළුකාරී තත්වයන් සම්බන්ධයෙන්ද අදහස් පල කළේය.ඡන්ද හැට දෙලක්ෂයක් ලබා ගෙන මෙෙත්‍රීපාල සිරිෙස්න මහතා ජයග්‍රහණය කළ බව දැනගත් අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා බලය ලබා ගැනීමට සිදු කළ කුමන්ත්‍රණය පොළිස්පති තුමා සහ නියෝජ්‍ය නීතිපති තුමා එකග නොවූ නිසා ඉටුකර ගත නෙහැකි වූ බවත් ඒ වෙනුවෙන් ඔවුන්ට කෘතඥතාව පිරිනැමිය යුතු බවත් පැවසුවේය.

යම් හෙයකින් මෙම බරපතල කුමන්ත්‍රණයෙන් යළිත් වරක් මහින්ද රාජපක්ෂ බලය උදුරා ගත්තා නම් ජනතාව ජවිපෙ නැතිව හෝ වීදි බැසීමට කටයුතු කරනු අැති බවත් රටේ විශාල ලේ වැගිරීමක් සිදුවීමට තිබූ බවත් පැවසුවේය.

ඒ අවස්ථාවේ ජවිපෙ මෙම තම කාර්ය භාරය අත්හැරි බවත් ඔවුන් තම වගකීම පැහැරහැරි බවත් පැවසුවේය.ජනවාරි 8 දා සිදුවූ කුමන්ත්‍රණය ගැනද දැන් කතා නොකරන බවත් කුමන්ත්‍රණය යන වචනය පවා මේ වන විට අත්හැර අැති බවත් පවසයි. සැබවින්ම මෙය කණගාටුදායක තත්වයකට වඩා පරාජය කළ යුතු තත්වයක් බවත් ජවිපෙ තුළ ප්‍රජාතන්ත්‍රවාදය හෝ අරගලයක් නැති බවත් පැවසුවේය.

හැට දෙලක්ෂයක් දෙනා ඡන්දය ලබා දී පත් කළ ජනාධිපතිවරයා අාරක්ෂා කළ යුතු බවත් මෙ වන විට ජනාධිපතිවරයාව ඝාතනය කිරීමට 4 වතාවක් උත්සාහ දරා අැති බවත් ජනතා ඡන්දයෙන් සුජාත ලෙස පත්වූ ජනාධිපතිවරයා කාටවත් ඔ්න ලෙස ඝාතනය කිරීමට ඉඩ දිය නෙහැකි බවත් පැවසුවේය.

තමාට මන්ත්‍රී ධුරයක් අවශ්‍ය වී ඇති බවට ඇතැමුන් ප්‍රකාශ කලත් එය එසේ නොවන අතර තමාට අැත්තේ ජනාධිපති උණක් බව ඔහු කියා සිටියේය .තමාට එම අවස්ථාව ලැබෙන්නේ නම් ජනාධිපති ධූරය අහෝසිකර දමන බවත් පැවසුවේය.

2005 වන විට ජවිපෙට මන්ත්‍රීවරු 39 ක් සිටි බවත් පාර්ලිමේන්තු පළාත් සභා සහ නගර සභා සියල්ලම ගත් කළ 507 ක් සිටි බවත් දැන් සිටින්නේ 83 ක් හෝ 84 ක් බවත් පැවසුවේය.අද වන විට ටිල්වින් සිල්වා පවසන පරිදි පක්ෂය .0001% කින් වර්ධනයක් අැති බවත් ඔවුන්ට කිසිවිටෙකත් ස්වයං විවේචනයක් නැති බවත් පැවසුවේය.

පක්ෂය වර්ධනය කළ තමාට අද දොස් පවරන බවත් මම පක්ෂය කෑවා යැයි පවසන නමුත් දැන් සිදුකරන්නේ හතර දෙනාම එකතුවී පක්ෂය කෑමක් බවත් කීවේය.
මෙවන් පක්ෂයකින් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා වෙනස් පක්ෂයක් රටට අවශ්‍යකර අැති බවත් පැවසුවේය. මේ පක්ෂය හරහා එය අාරම්භ කර අැති බවත් එවන් පක්ෂයක් උදෙසා පවතින හිඩැස සම්පූර්ණ කරන බවත් පැවසුවේය.

ප්‍රචණ්ඩ දේශපාලනයෙන් මුළුමනින්ම වෙන්විය යුතුයි. චණ්ඩාශෝක දේශපාලනයෙන් ධර්මාශෝක දේශපාලනයට පැමිණිය යුතුයි. අංගුලිමාල දේශපාලනයෙන් අහිංසක දේශපාලනයට පැමිණිය යුතුයි. එය රටට අවශ්‍ය කර අැති තත්වයක් බවත් පැවසුවේය.මෙෙත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට අැතුළතින් මෙන්ම පිටස්තරින්ද තර්ජන පවතින බවත් ජනාධිපතිවරයාට දැන් කටයුතු කිරීමට සිදුව අැත්තේ යාදෙක නොරත රත අාකාරයෙන් බවත් ඒ තත්වය වෙනස් කළ යුතු බවත් පැවසුවේය.මේ රටේ පරාජය කළ යුතු පිරිස් දෙකක් සිටින බවත් ඒ එජාපය සහ මේ රට විනාශ කළ පාදඩ පාලනය සිදු කළ පාදඩ පිරිස බවත් කීවේය.

සබැදි පුවත්

ජවිපෙ හතරදෙනාගේ කල්ලිය නින්දනීයයි - සෝමවංශ හෙළි කරයි (PHOTOS)

 

Last modified on Monday, 29 June 2015 13:01

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us