අගෝස්තු මස 17දා මැතිවරණය පැවැත්වුවහොත් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සිසුන්ට විශාල බලපෑමක් සිදුවන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.ඡන්ද විමසීමක් පැවැත්විය යුතු වුවද, ඒ සඳහා යොදාගත් දිනය පිළිබඳ යළි සැලකිළිමත් වන ලෙස ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරයාගේ පක්ෂය හා රනිල් වික්‍රමසිංහ මහතාෙග් පක්ෂය ජනතාව ගැන කල්පනා කරන අාකරය හිතා බැලීමට හා වටහා ගැනීමට මෙය ප්‍රමාණවත් බව ඔහු පවසයි. දරුවාගේ අධ්‍යාපනයේ අවසන් ප්රතඵලය ලබා ගතහැකි මෙහොතේ ඡන්දයක් අැද දැමීම අපරාධයක් බවත් රූපවාහිනියේ හා සමාජයේ කතාබහ පවා ඡන්දය ගැන වීම නිසා ඒ තත්වය දරුවන්ගේ විභාග මානසිකත්වයට අවහිරයක් බැව කියා සිටියේය.
කරුණාකර විභාග දින අත්හැර ඡන්දය යොදන ලෙස ජනාධිපතිවරයාගෙන් හා අගමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව පැවසුවේය.