රාජපක්ෂලා ලොතරැයි මණ්ඩලයත් හූරන්කාලා-මාන්නප්පෙරුම

Published in පුවත්
Monday, 29 June 2015 15:53

ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය සහ ශ්‍රී ලංකා ටෙලිකොම් යන අායතනයන්හි රුපියල් බිලියන ගණනාවක් රාජපක්ෂලාගේ දේශපාලන කටයුතු සදහා වැය කොට අැති බවට තොරතුරු අනාවරණය වී අැති බව අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ අද(29) පැවති හෙළිදරව්ව 06 මාධ්‍ය හමුව අමතමිනි.

එම තොරතුරු වලට අනුව ජාතික ලොතරැයි මණ්ඩලය සහ සංවර්ධන ලොතරැයිය 'තාරුණ්‍යයට හෙටක්' සහ 'නිල් බලකාය'ට හිතුමතේ වියදම් කිරීම සදහා රුපියල් කෝටි ගණනක් ලබා දී අැත.මෙසේ ලබා දී අැත්තේ කිසිදු නීත්‍යානුකූල පදනමකින් නොවන අතර දැනට ගණන් බලා අැති අාකාරයට රුපියල් කෝටි 100 කට අධික ප්‍රමාණයක් මේ අාකාරයෙන් ලබා දී අැත.

රාජපක්ෂ පවුලට අයත් රූපවාහිනී සේවාවක් වන කාල්ටන් ස්පෝට් නෙට්වර්ක් අායතනයට ඒ අාකාරයෙන්ම මුදලක් ලබා දී අැති අතර ඒ මුදල ෆ්‍රාන්ස් අැන්ඩ්ලක්සම්බර්ග් නම් විදේශ මූල්‍යායතනයේ තැන්පත් කර අැති බවට තොැතුරු වාර්තා වී අැති බව පැවසුවේය.

CSN නාලිකාවේ අභ්‍යන්තර හා බාහිර විකාශන කටයුතු සදහා උපකරණ හා වාහන අානයනය කිරීමේදීද තීරු බදු අය කර නොමැති අතර මෙයින් රජයට අහිමි අාදායම රුපියල් කෝටි 84 කි.

මේ අකාරයෙන් ජාතික ලොතරැයි මණ්ඩලය,සංවර්ධන ලොතරැයි මණ්ඩලය යන අායතන විසින් ලබා දී අැති මුදල් ප්‍රමාණය කොතෙක් දැයි මේ වන විට ගණන් බලා නොමැති බවත් ඒ පිළිබද තොරතුරු රැස්කරමින් සිටින බවත් පැවසුවේය.

Last modified on Tuesday, 30 June 2015 10:02

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us