මෙම හෝටලය පවත්වාගෙන යන කඳවුරේ ඉහළ නිළධාරියා වන මේජර් වරයකු විසින් මෙලෙස මෙම පුද්ගලයාට බැන වැදි ඇති අතර 15 දෙනෙකුගෙන් පමන සමන්විත සෙසු සෙබල කණ්ඩායම සමඟ මෙලෙස පහර දීම සිදු කර තිබේ.
මෙම මෙජර්වරයා 'අපි කවුදැයි තොපි දන්නවාද , අපි ගෝඨගේ මිනිස්සු තොපේ සෙල්ලම් අගෝස්තු 17 වෙනිදා වෙනක් විතරයි' ආදී වශයෙන් බැන වැදීම සිදු කර ඇත. පසුව පහර කැමට ලක්වූවන් මේ සම්බන්ධයෙන් බලංගොඩ පොලිසියට පැමිණිළි කිරීමෙන් පසුව එහි පැමිණි පොලිස් නිලධාරීන්ටද අසභ්‍ය භාෂාවෙන් බැන වැදී ඇත්තේ 17 වෙනිදැයින් පසුව තොපි ගැනත් බලා ගන්නම් කියමිනි.