හිටපු ජනාධිපතිවරයාට මහ මැතිවරණයේදී අගමැති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීමක් කිරීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්, පළාත් සභා සන්ධාන මැති ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ විශාල පිරිසක් අද පිටත්ව යති.
මාතර, දෙවිනුවර ශ්රී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව රථ පෙරහැරකින් මෙම පිරිස මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුලන නිවස බලා පිටත්ව යති.
සන්ධාන පක්ෂ නායකයන් හා මහජන නියෝජිතයන් විසින් එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා එහිදී මහජනතාව ඉදිරියේ තම විශේෂ ප්රකාශය කරනු ඇත.