2015 වසරේ දී ආණ්ඩුව බලයට පැමිණෙන විට සුරාබදු ආදායම දැක් වුණේ රුපියල් මිලියන 5420ක් ලෙසිනි. 2015 වසරේ පෙබරවාරි මාසය නව විට එය රුපියල් මිලියන 7695ක් දක්වා ඉහළ ගියේ ය. මාර්තු මාසය වන විට මිලියන 9490දක්වා පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 54%කින් ඉහළ ගොස් ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.
තත්ත්වය මෙසේ තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතනෝල් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. ඔහු කියා සිටියේ හිටපු ජනධිපතිවරයා ඔහුගේ පාලන සමය තුළ මෙම බදු ආදායමට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ කළ යුතු බවයි. රටට මාසිකව අය විය යුතු රුපියල් මිලියන 5000ක පමණ ආදායමක් එම කාලය තුළ අහිමි වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.