හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා මහ මැතිවරණයට ඉදිරිපත්වීම සිය පක්‍ෂයට අභියෝගයක් නොවන බවත් දූෂිතයන් නැවත බලයට පත්කර ගන්නවද, පිරිසිදු කණ්‌ඩායමකට රට භාරදෙනවද කියා ජනතාව තීරණය කරනු ඇති බවත් ඔහු සදහන් කළේය.
මොන බලවේග ඡන්දයට ආවත් ජයග්‍රහණය කරන්නේ එක්‌සත් ජාතික පක්‌ෂය බවත් ජනවාරි අටවැනිදා දූෂිත පාලනය වෙනස් කිරීම සඳහා ජනවරමක් ලැබුණ බවත් ඒ ජනවරම ඊටත් වඩා එළඹෙන මහා මැතිවරණයෙන් එක්‌සත් ජාතික පක්‍ෂයට ලැබෙන බව ස්‌ථිර බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.