වැඩි දුරටත් අදහස් දක්වමින් කිරිඇල්ල මහතා ප්‍රකාශකර සිටියේ පසුගිය පාර්ලිමේන්තු මැතිවරණ කාල සමයේදී දිස්ත්‍රික්වලට ඇහිඳ ඇහිඳ අපේක්‍ෂකයන් පත්කරන්න සහ තෝරාගැනීමකින් තොරව ඉල්ලුම්කර සියලුම දෙනාටම අපේක්‍ෂකත්වය ලබාදීමට සිදුවූ නමුත් මෙවර ඒ තත්වය සම්පූරණයෙන්ම වෙනස්වී ඇති බවයි.
මේ වන විට ලැබී තිබෙන ඉල්ලුම් පත්‍ර තේරීම සඳහා වෙනම කණ්ඩායමක් පත්කිරීමට සිදුවී ඇති බවද ඔහු සදහන් කළේය. මෙයට හේතුව ලෙස කිරිඇල්ල මහතා පවසන්නේ මේ රට නවීන ලෝකයට ගෙනයාමට හැකි සහ ඒ සඳහා නිවැරදි දර්ශනයක් ඇති එකම පක්ෂය එක්සත් ජාතික පක්‍ෂයට බව දැන් රටේ ජනතාව හොදින් වටහාගෙන තිබීම බවයි.