පිස්සු නටන අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය(photos)

Published in පුවත්
Tuesday, 07 July 2015 16:03

අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය දිගින් දිගටම නොසැලිමත්ව ක්‍රියාකිරීම නිසා ඒ පිළිබදව මේ ආකාරයෙන් කෙටි සටහනක් තබන්නට අප කල්පනාකලා. සමන් අතාවුද හෙට්ටි මහතාගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ එක්සත් ජාතික පක්‍ෂයේ මාධ්‍ය ඒකකය දිගින් දිගටම නොසැලිකිලිමත්ව ක්‍රියාකරයි. අඩුම තරමින් බෙහෙත් පෙත්තක් බොන්න වතුර පොදක්වත් නැති සිරිකොත මූලස්ථානයේ පැවැත්වෙන් මාධ්‍ය සාකච්ඡාවක සාමාන්‍යයෙන් පැය භාගයක් විනාඩි 45 හෝ පැයක් පරක්කුවීම සාමාන්‍ය දෙයකි. එයට ආවරණය කිරීමට පැමිණෙන මාධ්‍යවේදීන් ඊට හොඳම සාක්‍ෂියයි.

විශේෂයෙන් අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය සාකච්ඡා පැවැත්වීමේදී එක් කාමරයක කැමරා මයික් ස්ථාන ගතකලත් අවසානයේ වෙනත් කාමරයකට මීටර් 100 දුවන සේ දිවගොස් කැමරා ආම්පන්න සවිකිරීම සුලභ දෙයකි. එවැනි සිදුවීමක් අද දිනයේ සිදුවිය. ඊයේ දිනයේ අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයෙන් සියළුම මාධ්‍යවෙත මාධ්‍ය නිවේදනයක් එවන ලදි. එහි සඳහන්ව තිබුනේ අද දින සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ උදෑසන 10ට අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කිරීමට මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා ඇති බවයි. නමුත් අග්‍රාමාත්‍ය වරයා පැමිනියේ පෙ.ව. 11 ටය. සාමාන්‍යයෙන් මාධ්‍ය සාකච්ඡා පැවැත්වෙන කාමරයේ 20 පමණ සිටින්නට හැකි වුවත් අද දින 50ක් පමණ මාධ්‍යවේදීන් පිරිසක් කුකුල් කූඩුවක සිටින්නාක් මෙන් ඉතා අපහසුවෙන් අග්‍රාමාත්‍යවරයා පැමිණෙ තුරු බලා සිටියහ. තවත් මාධ්‍යවේදීන් පිරිසක් බිම වාඩිවී සිටියේය.

නමුත් අග්‍රාමාත්‍යවයා තම කාර්යාලීය කාමරයට යන අනතුරුව මාධ්‍යවේදීන් පන්ඩිතරත්න ශාලාවේ සිටිනු දැක ඔහුගේ ආරක්‍ෂකයින්ගෙන් ඇසුවේ “ ඇයි මෙයාල මෙතන මගේ කාමරයටනෙ එන්න කිව්වේ” කියාය. පසුව දැනගත් ආකාරයට අග්‍රාමාත්‍යවරයා තමන්ගේ කාර්යාල කාමරයේ මාධ්‍ය සාකච්ඡාව ලෑස්තිකරන ලෙස දන්වා සිටියත් ඔවුන්ගේ සුපුරුදු නොසැලිකිලිමත් බව විසින් මෙම සිදුවීම සිදුවී ඇති බවයි.

ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයාගේ මාධ්‍ය කටයුතු භාරව සිටින ඉක්බාල් විසින් මාධ්‍යවේදීන්ට අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාල කාමරයට පැමිනෙන ලෙස දැන්වුවත් එයට මාධ්‍යවේදීන් විරෝධය පලකර සිටියහ. ඉතා අමාරුවෙන් කැමරා 20කට ගුවන් විදුලි නාලිකා 10 විතර සියල්ල ලෑස්තිකර තිබියදී වෙනත් තැනකට ගෙනයාම අපහසුතාවයක් ඇති බව දන්වද්දී ඉක්බාල් විසින් උණුස්ම් වාග් ප්‍රහාරයක නිරතවිය. එම අවස්ථාවේ එතැනට පැමිනි සුජීව සේරසිංහ හිටපු නියොජ්‍ය අමාත්‍යවරයාද මාධ්‍යවේදීන් සමග උණුස්ම් වාග් ප්‍රහාරයක නිරතවිය.

මාධ්‍යවේදීන් සියළුදෙනාම ඔවුන්ට තම විරෝධය පලකරද්දී ඉක්බාල් විසින් රජයේ නාලිකා වල මාධ්‍යවේදීන්හට එම ස්ථානයට පැමිණෙන ලෙස අණ කර සිටියහ. යහපාලන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට බලපෑම් කරන්නේ නැති බව කීවද මේ අය රජයේ මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා මේ දැන් වෙන්නේ ඒක. මාධ්‍යවේදීන් කිහිපදෙනෙක් පවසන්නට වූහ.

අවසානයේ මාධ්‍යවේදීන් සියළු දෙනා විනාඩි 15කට පසු අග්‍රාමාත්‍යවරයාගේ කාර්යාල කාමරයට යාමට ලෑස්තිවුවත් මාධ්‍යවේදීන් කිහිපදෙනකු අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයට විරෝධය පලකරමින් එම මාධ්‍ය සාකාච්ඡාව අවරණය නොකර ඉවත්ව ගියහ.

අග්‍රාමාත්‍යවරයා විසින් විශේෂ ප්‍රකාශයක සිදුකරන බවට මාධ්‍ය නිවේදනයක් එවා තිබුනත් අවසානයේ අග්‍රාමාත්‍යවරයා සහ කොප් කමිටුවේ සාමාජිකයින් කිහිපදෙනෙක් සහ නිතීඥයින් කිහිපදෙනෙකු අතර තිබුණු සාකච්ඡාවක් ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට සිදුවිය.

මේ ආකාරයෙන් දිගින් දිගටම නොසැකිලිමත් කමින් හැසිරෙන අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිසා අවසානගේ රටට හෑල්ලුවන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාය. එබැවින් අප අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකයෙන් ඉල්ලා සිටින්නේ මින් ඉදිරියටවත් වගකීම් සහගතව ක්‍රියා කරන ලෙසය.

DNP 9165

DNP 9172

DNP 9173

DNP 9177

DNP 9185

DNP 9181

Media-event---July-07th-201

Last modified on Tuesday, 07 July 2015 21:20

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us