මහින්දට රෝසි ගෙන් අභියෝගයක්

Published in පුවත්
Friday, 10 July 2015 13:51

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හොරකම්,බලුකම්,කුපාඩිකම් සිදු කළ පුද්ගලයින් අාරක්ෂා කළ බව ඔහුම පවසා අැති නිසා හොරකම්,බලුකම්,කුපාඩිකම් සිදු කළ පුද්ගලයින්ව රටට හෙළිකරන ලෙස රෝසි සේනානායක මහත්මිය අභියෝග කර සිටියාය. අැය මේ බව පැවසුවේ අද (10) පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අවස්ථා තුනකදී පන්සල් භූමි තුනකට ගොඩවී වී සිදු කළ ප‍්‍රකාශයන් අනුව වැරදි කරුවන් ආරක්ෂා කළ බව ඔහුම පිළිගත් බවත් ඔහු පැවසූයේ මැති අැමතිවරු හොරකම් කුපාඩිකම් බලුකම් සිදු කල විට ඒවා වසංකිරීමේ ප‍්‍රතිඵල තමයි අද මම භුක්ති විදින්නේ යනුවෙනි.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ මෙම ප‍්‍රකාශයන් ඉදිරිපත් කරමින් රොසි සේනානායක හිටපු ජනපති මහින්ද රාජපක්ෂ වෙත අභියෝගයක් ඉදිරිපත් කළාය. එනම් එසේ ආරක්ෂා කළ මැති ඇමතිවරුන් කවුරුන්දැයි රටට හෙළි කරන ලෙසයි. ලබන 13 වනදා නාමයෝජනා භාර දීමට පෙර වැරදි කළ පුද්ගලයන් හෙළිකරන ලෙස අභියෝග කළේය.

අද වන විට නව දේශපාලන සංස්කෘතියක් බිහි කිරීමට සහ යහපාලනයක් ගොඩනැගීමට අවශ්‍ය මොහොතක හිටපු ජනපතිවරයා විසින් කුපාඩිකම්,බලුකම්, දූෂණ වංචා සිචු කළ සියල්ලන්ව හෙළිකළ යුතු බව පැවසුවේය.

මෙවර මැතිවරණයට ඉදිරිපත්වන ලැයිස්තුවේ සිටින්නන් අතර ඒ වැරදිකරුවන් සිටීනම් ඔවුන් පිළිබදව දැනගත යුතු බවත් ඉන් මහින්දව බලයට ගෙන ඒමට උත්සහ දරන්නන්ගේ අභිප‍්‍රාය පවා පැහැදිලි කර ගැනීමට හැකි වන බව පැවසුවාය.

හිටපු මැති ඇමතිවරු බොහෝමයකට මේ වන විටත් පැමිණිලි ගොනු වී ඇති නිසා ඒවායින් මිදීමට ,හොරුන් තවත් තර වීමට සහ ජනතාව සූරා කෑම යළිත් සිදු කරන්නටද මෙම මහින්ද රාජපක්ෂ සහ පිරිස යළි බලයට පැමිණෙන්නට උත්සාහ දරන්නේ යනුවෙන් යනුවෙන් ප්‍රශ්නයක් මතුවේ.

හිටපු ජනාධිපතිවරයාම පැවසු පරිදි වැරදි කළ විට නොදැක්කා වගේ සිටීම සහ දඩුවම් නොකර වසන් කිරීමත් සමහර වැරදිකරුවන්ව බලපෑම්කර වැරදි වලින් නිදහස් කිරීමත් සිදු කළා නම් ඒ හොරුන් පිළිබදව ඔහු විසින් හෙළිදරව් කළ යුතුමය.

මෙරට කාන්තාවන් දරුවන් බඩිගින්නේ සිටි කාලය නිමාවිය යුතු බවත් දරුවන් මන්දපෝෂණයෙන් දුක්විදි කාලය නිමා කළ යුතු බවත් අැය පැවසුවාය. ජනතාව පීඩාවට පත්කළ සත‍්‍රී දූෂකයන් ,ළමා අපයෝජකයන් ආරක්ෂා කළ රාජපක්ෂ දැන්වත් ඒවායේ සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. මෙම වැරදි සිදුවූ බව සනාත කර පවසන මහින්ද රාජපක්ෂ ඒවා වසංකිරීමට හැංගූ ෆයිල් දැන් එළියට ගත යුතු අතර සාක්ෂි නොමැතිකමින් සිරවී අැති සිද්ධීන් බෝහෝමයක සත්‍ය තතු හෙළිකර ගැනීමට මේ හෙළිදරව්ව වැදගත්වනු නියතය.

මහින්ද රාජපක්ෂ බලයේ සිටියදී ගතවූ වසර 4ක් තුළ ළමා අපචාර 32,259 ක් වූ අතර  කාන්තා අපයෝජන 39,604 සිදුවී අැත.නමුත් මේ වන විට ඒ වැරදි වලට හිරබත් කන්නේ 713ක් පමණකි. දැවැන්ත සංවර්ධනයක් සිදු කළ බවට උදම් ඇනුවද එම සංවර්ධන ව්‍යාපෘති බොහෝමයක් නිසා සිදුවූ පාඩුව අතිවිශාල වන අතර ඒ පාඩුව ගෙවීමට සිදුවී ඇත්තේ මෙරට ජනතාවටය.

මෙම විනාශයන් සිදුකළ පුද්ගලයන්ට විරුද්ධව පෙළ ගැසිය යුතුවාක් මෙන්ම නාමයෝජනා ලැයිස්තුවට එන පුද්ගලයන් අතර සිටින හොරුන් දෙස ඇස් ඇර ගෙන බලා සිටිය යුතුය.මන්ද රෑ වැටුණු වලේ දවල් වැටීමට නොහැකි බැවිනි.

rosi

Last modified on Friday, 10 July 2015 14:05

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us