මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධයි - ජනාධිපති

Published in පුවත්
Tuesday, 14 July 2015 17:53

මහින්දට නාමයෝජනා දීපු එකට මම සම්පූර්ණයෙන් විරුද්ධ යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මේවන විටත් පැවැත්වෙන මාධ්‍ය හමුවේදී පැවැසීය.  රාජපක්ෂ ජනවාරි 08 වනදා පාරාද වූවා සේ ඉදිරි මැතිවරණයේදීත් පරාජයට පත්වෙන බවත් ඔහු පැවසීය, 

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති පදවිය භාර ගැනීමට ගත් තීරණය නිවැරදි බව ජනපති අද විශේෂ ප්‍රකාශය අරඹින් කීවේය.ටෙලිෆ්‍රොම්ටර ආධාරකයක් නොමැතිව ජනපති කතා කළේය. සමහරු මට පක්ෂ නායකත්වය ගැනීම ගැන දොස් කිව්වා..මේ ආණ්ඩුවේ කළ සියලු වැඩ සාර්ථකව කරගත හැකි වුයේ මම පක්ෂ නායකත්වයේ සිටි නිසයි. මට නිදහස් පක්ෂය දෙකට කැඩීමේ උවමනාවක් තිබ්බේ නැහැ

මහින්ද රාජපක්ෂ සභාපති වූයේ නම් සුළුතර රජයේ දින සියයේ වැඩපිළිවෙළට සහාය නොදෙනු ඇතැයි ද, එමගින් මහජනයාට යහපතක් නොවනු ඇතැයි ද ජනපති කීවේය.

ඔහු මෙහිදී දැක්වූ අදහස් කිහිපයක් කෙටියෙන්


‘පසුගිය දෙසතියේ දී මා තරම් ප්‍රහාරයට ලක්වූ වෙනත් කිසිදු ජනපතිවරයකු නෑ. දුෂ්ඨයා, පාවාදෙන්නා යනුවෙන් මට චෝදනා කළා. මෙවැනි දේ පළ කිරීමට පුවත් පත් නිදහස අප රටේ තිබෙනවා. ද්‍රෝහියා යැයි මට චෝදනා කරන අයට මම කියන්නේ අද රටේ ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ තරම කවරාකාරදැයි ප්‍රායෝගිකව සොයා බලන ලෙසයි. අද ප්‍රජාතන්ත්‍රවාදයේ මල් පිපෙන හැටි දැකල මන් සතු‍ටු උනා.


මේ විදියට ජනවාරි අට වැනි දාට පෙර ජනපතිට කතා කළා නම් ඔවුනට සිදුවන දේ මා අමුතුවෙන් කිව යුතු නෑ.‘  ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර ප්‍රශ්නය ගැන මතු වූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ අගමැතිට මම කිව්වේ ඔබට රටේ හොඳ නමක් තිබෙනවා. එහෙයින් බැංකු අධිපතිට ඉල්ලා අස්වෙන ලෙස කියන්න යනුවෙන්.‘

‘වැරැද්ද මහින්ද රාජපක්ෂගේ නොවෙයි. ජේ ආර්.ජයවර්ධන ඇති කළ ක්‍රමයේ වරදයි. එක එක්කෙනාට බනින්න එපා. වැරැද්ද තියෙන්නේ මේ ක්‍රමයේයි.

2010 මැතිවරණයේ දී ජය ගැනීමට එජාපයට බැරි වුණා. ඊට පෙර දිනා ගත් ආසන රැක ගන්න බැරි වුණා.


මම අනාගත වත්‍රෘවරයෙක් නොවෙමි. එහෙත් ඉතිහාසය පදනම් කරගෙන අනාගතේ සිදුවන දේ මට කිව හැකියි. ‘

මට ඉල්ලා අස්වීමේ උවමනාවක් තිබ්බෙත් නැහැ..මම ඉල්ලා අස්වුනානම් මහින්ද රාජපක්ෂට අවශ්‍ය ඕනෑම අයෙකුට නාම යෝජනා ලැබෙන්නට ඉඩ තිබුනා.පක්ෂය මොකක් වුනත් ජනවාරි අට වෙනිදා මා පොරොන්දු වූ දේ දිය හැකි පාර්ලිමේන්තුවක් මට අවශ්‍යයි.

අගමැතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එමෙන් පසුව එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවෙන් මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට ගෙන ඒමේ සැලැස්මක් ඔවුන් ලග තිබුනා. මම ඒ සියළු උත්සාහයන් නවතා දැමුවා. මට මහින්ද රාජපක්ෂ එක්ක කිසිම ගණදෙනුවක් නැහැ - මහින්දට මගේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. මහින්ද රාජපක්ෂ දැන් අනිත් අය අගමැති වීමෙන් වලක්වන්න හදනවා.

මට ඕනෑ මහා මැතිවරණයක්. ඡන්දයක් දිනා ගැනීමට උත්සාහ කරන පක්ෂයක් නොවෙයි. ජනවාරි අට වැනි දා මම රටට දුන් ප්‍රතිපත්ති පළිපදින රජයක් මට ඕනෑ. මහින්ද රාජපක්ෂ දිනුවත් මට ඕනෑ තරම් නිදහස් පක්ෂයේ ජේෂ්ඨයන් ඉන්නවා අගමැති තනතුරට පත් කරන්න. මම ජනවාරි අට වෙනිදා දුන් පොරොන්දුව සුරකින්න කටයුතු කරනවා. මම සටන් වැද ලබාදුන් ප්‍රජාතන්ත්‍රවාදය වැරදි විදියට භාවිතා කරන්නෙපා.

බණ්ඩාරනායක මැතිණිය 70 දිනලා කට්යුතු කල විදිහ වැරදියි. ජේ ආර් ජයවර්ධන 77 දී දිනලා කටයුතු කළ විදිහ වැරදියි. මහින්ද රාජපක්ෂ දිනුවට පස්සේ වැඩ කරපු විදිහ වැරදීයි.මේ හැම අවස්ථාවකදීම රටේ ප්‍රජතන්ත්‍රවාදය අර්බුදයකට ගියා. පක්ෂයේ දෙවන පෙළ නායකත්වයක් ගොඩ නැගෙන්න ඉඩ තැබුවේ නෑ. මං ඒ ක්‍රමය වෙනස් කරනවා.

මම මේ මැතිවරණයේදී තදින් ඉන්නවා, නිදහස් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සම්පුර්ණ සහයෝගය ලබාදෙනවා

 

 

Last modified on Tuesday, 14 July 2015 19:51

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us