එජනිසයේ මැතිවරණ තේමාව රාජපක්ෂලා රටට කළ විනය සිහිගන්වනවා

Published in පුවත්
Friday, 17 July 2015 15:48

රටට පණ දෙමු - අලූතින් පටන් ගමු යන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ තේමාව හාස්‍යජනක බව එක්සත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය සදහන් කරයි. පණ දීමට නම් මැරුණු රටක් තිබිය යුතු වුවත් දැන් අැත්තේ ජීවය පිරි රටක් බවත් රට මරණ මංචකයක් කරා අැදගෙන යනු ලැබුවේ රාජපක්ෂ පාලනය විසින් බවත් යළි ඒ තත්වය උදාවීමට මෙරට ජනතාව ඉඩ නොතබන බව ඔවුන් නිවේදනයක් මගින් දන්වා සිටී.

එක්සත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමයේ නිවේදනය පහත දැක්වේ.

මේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ තේමාවයි. මෙම තේමාව මුළුමනින්ම හාස්‍යජනක බව අමුතුවෙන් කිව යුතු නැත. සන්ධාන නායකයින් ඉදිරිපත් කර ඇති මෙම තේමාවෙන් අනියම් වශයෙන් අදහස් කරන්නේ ගිය ජනවාරි 08 දින මෛත්‍රී රනිල් සුසංයෝගය යටතේ ක්‍රියාත්මක වන යහපාලනය පදනම් කරගත් ජනතාවාදී පාලනය යටතේ අපේ රට මිය ගොස් ඇති බව ද? නැතිනම් එම පාලනය යටතේ පසුගිය මාස 07 තුළ ක්‍රියාවට නැංවූ මහින්ද රාජපක්ෂගේ පවුල්වාදී ආඥාදායක පාලනය නැති කොට ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම, නීතියේ ආධිපත්‍යය හා අධිකරණයේ ස්වාධීනත්වය යළි තහවුරු කිරීම, දේශපාලනීකරණය කර තිබූ පොලිසිය හා සිවිල් සේවාව එයින් මුදවා ගැනීම, නිදහස් සාධාරණ හා ස්වාධීන මැතිවරණ ක්‍රමය යළි ස්ථාපිත කිරීම, මෙරට ජනතාවගේ ජීවන තත්වය නංවාලීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ දැමීමල සියලූම වර්ගවල ඉන්ධන මිල අඩුකිරීමල රාජ්‍ය සේවකයින්ගේ වැටුප රුපියල් 10,000 න් වැඩි කිරීමල විශ්‍රාමිකයින්ගේ විශ්‍රාමික වැටුප් යාවත්කාලීන කිරීමල රාජ්‍ය දේපළ මංකොල්ල කෑම නතර කිරීමල මිනීමරු සුදු වෑන් සංස්කෘතිය නැතිකර දැමීම, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම-පහර දීම- ජීවිත ආරක්ෂාව සඳහා රටෙන් පැන යාම නැති කොට මාධ්‍ය නිදහස ඇති කිරීමල ජාතික සංහිඳියාව ගොඩනැගීම සඳහා කටයුතු කිරීම, අන්තර්ජාතික ක්ෂේත්‍රය තුළ විනාශ කොට තිබූ රටේ ප්‍රතිරූපය යළි ගොඩනැංවීම වැනි ජනතාවාදී හා මානුෂීයවාදී ක්‍රියාවන් හේතු කොට ගෙන අපේ රට මිය ගොස් ඇති බව ද?

සන්ධාන නායකයින් ප්‍රකාශ කරන රටට පණ දීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද? යළිත් වරක් රාජපක්ෂ පවුල්වාදී ආඥාදායක පාලනය මෙරට ස්ථාපිත කිරීම ද? මිනීමරු සුදු වෑන් සංස්කෘතිය, රාජ්‍ය දේපළ ඉවක් බවක් නොමැතිව මංකොල්ල කෑමල ආගම්වාදය හා වර්ගවාදය යළි අවුස්සා ජාතිය යළි ඇණකොටා ගැනීමට ඉඩ සැලසීම යනාදී අශීලාචාරල ප්‍රජාතන්ත්‍රවිරෝධී සහ ජනතා විරෝධී ක්‍රියාදාමය රට තුළ යළි ඇති කිරීම ද? ජනාධිපතිවරණයෙන් පසු එක් සන්ධාන නායකයකු ප්‍රකාශ කළේ අප්පච්චි මිය ගිය බව ය. දැන් සන්ධානවාදීන් උත්සාහ ගන්නේ මිය ගිය අප්පච්චිට පණ දී නව ජීවයකින් මේ මොහොතේ ඉදිරියට යන අපේ රට ආපස්සට හැරවීමට ද?

මහින්ද රාජපක්ෂ පවුල්වාදී ආඥාදායක පාලනය යටතේ පසුගිය වසර 10 තුළ අපේ රට දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද මරණ මංචකය දක්වා ඇදගෙන ගිය ආකාරය මෙරට ජනතාව හොඳින් දනී. එවන් අඳුරු යුගයකට ආපසු යාමට ද සන්ධාන නායකයින් උත්සාහ ගන්නේ. මෙරට බුද්ධිමත් ජනතාව මෙයට කිසිසේත්ම ඉඩ නොතබන බව අපි විශ්වාස කරමු.

- එක්සත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us