කෝප් කමිටුවේ වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන්න - සුජීව

Published in පුවත්
Friday, 24 July 2015 11:25

මහබැංකු භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට පත්කළ ‘කොප් කමිටුව’ නිකුත්කළ නිසි වාර්තාවක් ඇත්නම් ඉදිරිපත් කරන්නැයි එම කමිටුවේ සභාපති ඩිව් ගුණසේකර මහතා ඇතුළු විත්තිකරුවන්ට අභියෝග කරන බව හිටපු අධිකරණ නියෝජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ (23) කොළඹ දිසා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේය.

එම අභියෝගයට ඉඩ සලසමින් වාර්තාව ප්‍රකාශයට පත්කිරීම වළක්වමින් නිකුත් කළ ‘වාරණ නියෝගය’ තවදුරටත් දීර්ඝ නොකරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටින බවද දැන්විය.

අදාළ වාර්තාව අතුරුතහනමට ලක්කරන ලෙස කරන ලද ඉල්ලීමද ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේය.

මහබැංකු භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව විමර්ශනය කිරීමට පත් කළ පොදු ව්‍යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවට (කෝප් කමිටුව) එරෙහිව සුජීව සේනසිංහ මහතා පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේ සේනසිංහ මහතා වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ නීතිඥ ෆර්මන් කාසීම් මහතා මේ කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ අතිරේක දිසා විනිසුරු සුමිත් පෙරේරා මහතා ඉදිරියේ නඩුව කැඳවීය.

පනවා ඇති වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ නොකරන ලෙස ඉල්ලා සිටි නීතිඥවරයා අතුරු තහනම් ඉල්ලීම ඉල්ලා අස්කර ගන්නා බව අධිකරණයට දැනුම් දුන්නේය.

එම කරුණු සලකා බැලු දිසා විනිසුරුවරයා පනවාතිබූ වාරණ නියෝගය විසුරුවා හරිමින් විත්තිකරුවන්ට නිකුත්කර තිබු අතුරු තහනම් නොතිසිය ආපසු කැඳවීමට නියෝග කළේය.

කෝප් උප කමිටුවේ හිටපු සභාපති ඩිව් ගුණසේකර මහතාට සහ කමිටුවේ සාමාජිකයින් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 12 දෙනකුට එම වාරණය හා අතුරු තහනම් නොතිසි නිකුත් කර තිබිණි.

පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇති අවස්ථාවක කෝප් කමිටු සභාපතිවරයා විසින් කෝප් වාර්තා ප්‍රසිද්ධියට පත්කිරීම හෝ සංසරණය කිරීමට විරුද්ධව එම නඩුව පවරා තිබූ අතර අදාළ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීමකින් තොරව ප්‍රසිද්ධ කිරීම හෝ ප්‍රකාශයට පත්කිරීම වාරණයට ලක්කර තිබිණි.

භාණ්ඩාගාර බැදුම්කර සිද්ධිය සම්බන්ධයෙන් කෝප් අනු කමිටුව වාර්තාවක් සත්‍ය වශයෙන්ම නිකුත් නොකළ බවත්, එසේ නොමැති වාර්තාවක් ඉදිරිපත් කිරීම තමන්ට මෙන්ම මෙවර මහ මැතිවරණයට තරග කරන කෝප් අනු කමිටුවේ සිටි සෙසු සාමාජිකයන්ට අගතියක් බවද කරුණු ඉදිරිපත් කරමින් පසුගිය 17 දින මෙම වාරණය ලබා ගත්තේය.

විත්තිකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ඇමති මහාචාර්ය රජිව් විජේසිංහ, ලසන්ත අලගියවන්න මහත්වරු වෙනුවෙන් ඊයේ (23) කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ පැමිණිලිකරු මේ නඩුව පාර්ලිමේන්තු වරප්‍රසාද පනත යටතේ පවරා ඇතත් ඔහු දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් විරෝධතා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුවද අදාළ පනත යටතේ එය සලකා බැලීමේ අධිකරණ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බව පෙන්වාදුන් නීතිඥවරයා අදාළ විරෝධතා ඉදිරිපත් කිරීමට කෙටි දිනයක් දෙන ලෙස ඉල්ලා සිටියේය.

විත්තිකාර සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙනුවෙන්ද එම විරෝධතා ඉදිරිපත් කරන බව නීතිඥ කුෂාන් ඩී. අල්විස් මහතා කරුණු ඉදිරිපත් කළේය.

නීතිඥ ෆර්මන් කාසීම් මහතා යළි කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ල වැරදි නියෝගයක් ලබාගෙන ඇත්නම් විත්තිකරුවන්ට සිවිල් නඩු විධාන සංග්‍රහයේ 667 වගන්තිය ප්‍රකාරව වන්දි ඉල්ලීමේ අයිතිය ඇති බව පැවසීය.

තමන් අද වාරණ නියෝග දීර්ඝ නොකරන ලෙසට හා අතුරු තහනම් ඉල්ලා අස්කර ගන්නා බවට අධිකරණයට දැනුම් දුන්නත් නඩුව ඉල්ලා අස්කර නොගන්නා බැවින් විත්තිකරුවන්ට ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට ඉඩකඩ තිබෙන බවද පෙන්වා දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ ලංකා ධර්මසිරි මහත්මියද, විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ අතුලද සිල්වා, සංජය පොන්සේකා ඇතුළු පිරිසක්ද පෙනී සිටියහ.

කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා නඩුවේ උත්තර ලබන 30 දින ඉදිරිපත් කරන ලෙසට දන්වමින් පැමිණිලි විභාගය එතෙක් කල්තැබීය.

dinamina

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us