එජාප:ජන සම්මුතියෙන් බලය බෙදීමට

Published in පුවත්
Friday, 24 July 2015 11:34

එක්සත් ජාතික පෙරමුණේ මහමැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඊයේ(24) පෙරවරුවේ එළිදැක්වින.

'මාස හැටකින් අලුත් රටක් සඳහා පංචවිධ ක්‍රියාවලිය'නම් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්වීමේ මෙම උත්සවය පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

ආර්ථිකය දියුණු කිරීමේ ක්‍රියාවලිය, දූෂණය මුලිනුපුටා දැමීමේ ක්‍රියාවලිය, නිදහස තහවුරු කිරීමේ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සදහා ආයෝජන ක්‍රියාවලිය හා අධ්‍යාපනය ඉහල නැංවීමේ ක්‍රියාවලිය එක්සත් ජාතික පෙරමුණ තම ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් හඳුන්වාදෙන පංච විධ ක්‍රියාවලියයි.

DNP unp 9ඒකීය රාජ්‍යක් තුළ බලය බෙදීම
ඒකීය රජ්‍යයක් තුළ සියළු දෙනාගේ සම්මුතියෙන් සිදු කළ හැකි උපරිම බලය බෙදීමකට පියවර ගන්නා බව මැතිවරණ ප්‍රකාශයේ සදහන්වේ. ව්‍යවස්ථාදායක සභාවට වැඩි සිවිල් නියෝජනයක් ලබාදී එය රාජ්‍ය සභාවක් ලෙස වෙනස් කිරීමටත් යෝජිතය.

යුද සමය පිළිබඳව එක්සත් ජාතීන්ගේ වාර්තාවට දේශීය නීති රාමුවෙන් ප්‍රතිචාර

යුද සමය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව පිළිබඳව එම සංවිධානය සමගත් එහි සාමාජික රටවල් සමගත්, ශ්‍රී ලංකාවේ සියළු පාර්ශව සමගත් සාකච්ඡා කොට දේශීය නීතිමය රාමුව තුළ ප්‍රතිචාර දක්වන බව එක්සත් ජාතික පෙරමුණ පෙන්වා දෙයි.

ආර්ථික සංවර්ධන අධි කලාප 45 ක්,රැකියා දස ලක්ෂයක්
රට පුරා සැලසුම් සහගතව ආර්ථික සංවර්ධන අධි කලාප 45 ක් පිහිටුවීමට එක්සත් ජාතික පක්ෂය බලාපොරොත්තු වේ. කර්මාන්ත හා තාක්ෂණ සංවර්ධන අධි කලාප 11ක් පිහිටුවන බව ඔවුන් පවසන අතර හම්බන්තොට, ත්‍රිකුණාමලය, මහනුවර, යාපනය හා කොළඹ ඇතුළු තවත් නගර කිහිපයක ඒවා කේන්ද්‍ර ගතවේ.
ඊට අමතරව සංචාරක කර්මාන්තය දියුණු කිරීමට සංචාරක නගර කේන්ද්‍ර කරගෙන සංචාරක අධි සංවර්ධන කලාපත් කෘෂිකාර්මික දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් කෘෂිකාර්මික සංවර්ධන අධි කලාපත් පිහිටුවීමට යෝජිතය.
මෙමගින් රැකියා දශ ලක්ෂයේ බිහිකිරීමේ වැඩසටහනට අවශ්‍ය ජාත්‍යන්තර ආයෝජන ලබාගත හැකි බවයි එකසත් ජාතික පක්ෂය කියා සිටින්නේ.

තෙලේ බැඳුනු යුගය අවසන් කිරීමට වැඩපිළිවෙලක්
රට තුළට බොරතෙල් ආනයනය කිරීම සදහා වැයවන ඩොලර් බිලියන 5 ක මුදල අඩුකර ගැනීමටත් පරිසර හිතකාමී ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට විකල්ප බලශක්ති ප්‍රභව ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.
සුළගේ බලය, සුර්ය තාපය වැනි ස්වභාවික විකල්ප බලශක්ති උත්පාදනයට විශාල සහනාධාර ලබාදීමටත් අඩුවෙන් ඉන්ධන වැයවෙන පරිසර හිතකාමී වාහන සදහා සහන ලබා දීමටත් එක්සත් ජාතික පක්ෂය පොරොන්දුවේ.
පොදු ප්‍රවාහන පහසුකම් ශක්තිමත් කර පුද්ගලික වාහන පරිහරණය අඩුකිරීමටත් ඔව්හු බලාපොරොත්තුවෙති.

වැටුප් දීමනා

රාජ්‍ය සේවකයන්ට වැඩි කළ දීමනා වැටුපට එක් කෙරෙන අතර , පුද්ගලික අංශයේත් වැටුප් වැඩි කිරීමට යෝජනා කොට ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කරමින් පැවසුවේ ඉදිරි අයවැයෙන් වැටුප් වැඩිවීමක් සිදු කිරීමටද බලාපොරොත්තු වන බවයි .
රජයේ සේවකයන්ට අඩු මුදලට පහසු ගෙවීමේ ක්‍රමයට නිවසක් ලබාදීමේ ක්‍රියාවලියක්ද එහි සදහන්. පුද්ගලික අංශයේ වැටුප් වැඩිකිරීමට නීති ගෙන එන බව එහි සදහන් අතර අවම වැටුප රුපියල් 10,000 ක් කරන බවට එකසත් ජාතික පෙරමුණ පොරොන්දුවේ.

2023 වන විට ශ්‍රී ලංකාව ණය නැහැDNP unp 18
2023 වන විට ශ්‍රී ලංකාව ණය බරින් තොර දේශයක් බවට පත් කිරීම එක්සත් ජාතික පක්ෂයේ අරමුණ බව ඔවුන්ගේ මැතිවරණ ප්‍රකාශයේ දැක්වෙයි.
අල්ලස් කොමිසම වෙනුවට අධිබලැති ස්වාධීන දූෂණ මැඩ පැවැත්වීමේ කාර්යාංශයක් පිහිටුවීමට ද නියමිතයි.
තම ඉදිරි පාලනය යටතේ දැනට පවතින අල්ලස් කොමිසම අහෝසි කර ඒ වෙනුවට තොරතුරු දැන ගැනීමේ පනත ගෙන එන බවයි එක්සත් ජාතික පෙරමුණ පවසන්නේ.
1865 පොලිස් ආඥා පනත වෙනුවට නව පොලිස් පනතක් සම්මත කරන බවද ඔවුහු පවසති.

බස්, දුම්රිය, ත්‍රිවිල් රිය අනතුරු සදහා වන්දි
බස් රථයක හෝ දුම්රියක ගමන් කර අනතුරකට ලක්වෙන පුද්ගලයනට වන්දි ගෙවීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට එක්සත් ජාතික පෙරමුණ බලාපොරොත්තුවේ .
එවැනි අනතුරකින් සිදුවන මරණයක් සදහා රුපියල් දශ ලක්ෂයක වන්දි මුදලක් ලබාදීමට යෝජිතය. සියළු ත්‍රිවිල් රථ නිසි ලෙස ලියාපදිංචි කළ යුතු බවටත් ත්‍රිවිල් රියදුරෙකු රිය අනතුරකින් මරණය පත්වුවහොත් රුපියක් දස ලක්ෂයක වන්දියක් ලබා දීමටත් යෝජිතය.

DNP unp 3ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනයට දීප ව්‍යාප්ත වැඩසටහනක්
අගමැතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සදහා 'සැමට ඉංග්‍රීසි' නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ආරම්භකරන බව එක්සත් ජාතික පෙරමුණ පෙන්වාදෙයි.
ඊට අමතරව නව තාක්ෂණ විද්යාල 18ක්ද පිහිටුවන බව ඔවුන් පවසයි.

අත්‍යවශ්‍ය ඖෂධ රට තුළ නිෂ්පාදනයට
ඖෂධ මිළ පහළ දැමීම සදහා අත්‍යවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනයට පියවර ගන්නා බව එක්සත් ජාතික පෙරමුණ සිය මැතිවරණ ප්‍රකාශයෙන් පවසයි.
අයවැයෙන් නොමිලේ සෞඛ්‍යය පහසුකම් සඳහා වෙන් කරන ප්‍රමාණය 1.8% සිට 3% වැඩිකරන බවද එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් වෙයි.
වකුගඩු රෝගීන්ගේ රුධිරය පිරිසිදු කිරීමේ යන්ත්‍ර සංඛ්‍යාව 255 සිට 1000 දක්වා වැඩි කිරීමත් එක්සත් ජාතික පෙරමුණේ සැලැස්මයි.

 

 

බීබීසී

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us