ශ්‍රීලනිපය විමල්ට යටවෙලා-ගයන්ත

Published in පුවත්
Monday, 27 July 2015 12:56

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂයක්වූ ශ්‍රීපනිපය මේ වන විට පත්ව ඇත්තේ ඉතා අසරණ තත්වයකට බවත් එම පක්ෂයේ ජේෂ්ඨයන් බලා සිටියදී විමල් වීරවංශගේ මතයට ශ්‍රීලනිපය යටවී ඇති ආකාරය පිළිබදව කණගාටුවක් ඇති බව ගයන්ත කරුණාතිලක මහතා පැවසුවේය.ඔහු මේ බව පැවසුවේ අද(27) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

ලංකාවේ මෙතෙක් බිහිවූ ජනාධිපතිවරුන් අතරින් ජනාධිපති ධුරය දරද්දීම ජනාධිපතිවරණයකින් පරාජයට පත් එකම ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බව පැවසුවේය. එසේම ධුරකාලය වසර දෙකක් ඉතිරිව තිබියදීම මහජන ඡන්දයෙන් දැන් ඇති ගෙදර යන්න කියා ඉවත් කළ එකම ජනාධිපතිවන්නේද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාමය.

ධුර කාලය අවසන් වීමට පෙරම ජනතාව විසින් ගෙදර යවා ,ශ්‍රීලංකා නිදහස් පක්ෂ නායකත්වයෙන්ද ඉවත්වන්නට සිදුව,තමන් අයත්වන දිස්ත්‍රික්කයෙන් තරග නොකර කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මැතිවරණයට ඉදිරිපත් වන්නට තරම් පල්ලම් බැස්ස එකම ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ බව පැවසුවේය.

දවසින් දවස මැතිවරණ ව්‍යාපාරය අසරණ වන්නට පටන් ගැනීම සමග දැන් සහනාධාර වෙන්දේසියක් අරඹා ඇති බවත් දැන් මහපොළ ශිෂ්‍යත්වය 6000 කරන බවට පවසමින් එල්ලෙන්නට වැලක් නැතිව කතා කරන බවත් පැවසුවේය.

කරුණාතිලක මහතා වැඩිදුරටත් පැවසුවේ මහින්දගේ පාලන සමය තුළදී දඹුල්ලේ ගොවීන් සිය නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව කූඩ පිටින් පාරට ගෙනවිත් හැලූ බවත් ,අවුරුදු 20 ක්වූ ඔවුන්ගේ පාලන සමය තුළ එකම එකම ශීතාගාරයක් වත් ඉදි නොකර දැන් මැතිවරණය වෙනුවෙන් සහනාධාර වෙන්දේසියක් පවත්වන්නට පටන්ගෙන එළවළු ගොවීන් සදහා ශ්‍රීතාගාර ඇති කරන බවට පොරොන්දු දෙන බවයි.

රුපියල් 500 ක්ව පැවති විවාහ ගාස්තුව 5000ක් බවට පත්කර දැන් විවිධ දේ පවසන බවත්,විසි අවුරුදු පාලන කාලය තුළ කිසිවක් සිදු නොකර දැන් රැකියා නැති අයට රුපියල් 50,000ක් දෙන බව පවසන නමුත් යහපාලන ආණ්ඩුව සුළුතර ආණ්ඩුවකින් ඉතාමත් කෙටි කාලයක් තුළ පොරොන්දු ඉටු කළ බව පැවසුවේය.
ජනතාවට සහන දෙනවා වෙනුවට ජනතාවගේ සාක්කු වලට තට්ටු කළ රාජපක්ෂලා වෙනුවට අද ජනතාවට සහන සලසන ආණ්ඩුවක් බිහිව ඇති බව පැවසුවේය.

අද සන්ධානයේ අපේක්ෂකයින් මෑත කාලයේ කිසිදු දේශපාලන පක්ෂයක අපේක්ෂකයින් පත් නොවූ තරමේ අන්ත අසරණ තත්වයකට පත්ව ඇති බවත් ,අගෝස්තු 17 දායින් පසුව රනිල් වික්‍රමසිංහ මහතා‍ගේ ප්‍රධානත්වයෙන් පිහිටු වන ආණ්ඩුවක් යටතේ ජනතාවට තවත් සහන ලැබෙන බවත් රටට වැඩදායී මෙහෙවරක් සිදු කරන බවත් පැවසුවේය.

Last modified on Monday, 27 July 2015 12:59

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us