පඩ ඟඳක් ඇත, නමුත් පැඩ්ඩ කෙනෙක් නැත.

Published in පුවත්
Tuesday, 28 July 2015 12:15

ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට, විධායක ජනාධිපති ධූරයත්, ආණ්ඩු බලයත්, රජයේ මාධ්‍ය සහ රාජ්‍ය දේපළ සියල්ලත්, කැලෑ නීතියත්, සියල්ල අතැතිව, ඡන්ද දායකයින්ට වරදාන, වරප්‍රසාද, සහ අල්ලස් ලබාදෙමින් අතිශය දූෂීත ලෙස තුන්වෙනි වාරය සදහා ජනාධීපතිවරණයට තරඟ කළ එකම ජනාධිපතිවරයා ලෙසත්, එසේ තරඟ කර පරාජය වූ එකම ජනාධීපතිවරයා ලෙසත් මහින්ද රාජපක්ෂ මහතා ලාංකීය දේශපාලනය ඉතිහාසයට එකතු වූයේ ජනවාරී 8 වෙනි දිනය.


ලාංකීය දේශපාලන ඉතිහාසයේ පළමු වරට, ජනාධිපතිවරයකු ලෙස බලයේ හිඳිමින් පරාජයට පත් වී, විශ්‍රාම යනවා වෙනුවට නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් තරඟ කරන එකම දේශපාලුවා ලෙස ද ඔහු ඉතිහාසයට එක් විය. අසීමිත බල තණ්හාවකින් රාජපක්ෂවරුන් වසර දහයක් තිස්සේ රට පාලනය කළ හැටි මේ රටේ ජනතාවට අමුතුවෙන් කිව යුතු නැත. නමුත්, දැන් නැවතත් වරක් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ හොර නඩය ලංකාවේ දේශපාලන බලය අතට ගන්නට, තම හුරු පුරුදු ඒකාධිපති වියරුව, දූෂණය, භීෂණය රජ කරවන්නට කැස කවමින් සුරංගනා කතා කියමින් සිටියි.
ගිලිහී ගිය තම දේශපාලන බලය යළි ඩැහැගැනීමට ගිරිය පුප්පාගෙන කෑ ගසන මහින්ද රාජපක්ෂ, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ, කුමාර වෙල්ගම, දුමින්ද සිල්වා, ගාමිණී ලොකුගේ, නාමල් රාජපක්ෂ, එරන්දික ප්‍රනාන්දු, නිමල් ලංසා, බැසිල් රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, ඇතුළු නොම්මර එකේ කුඩු, එතනෝල්, කොමිස්, පගා, දූෂණ, වංචා, මැරකම්, කළ හොර සංධානය, දැන් ඔවුන්ගේ වැරදි වසාගන්නට අලුත් උපක්‍රමයක් බාවිතා කරමින් සිටියි.


‘‘ අපිට හොරු හොරු කිව්වට....කෝ කව්රුවත් ඇල්ලුවද අපේ හාංදුරුවනේ...“
යුද්ධයෙන් පසු ගෙවී ගිය කාලය පුරාවට මේ රටේ මහා පරිමාණයෙන් දූෂණ වංචා සිදු වූ ආකාරය, කුඩු එතනෝල් ජවාරම් කරුවන් රජ කළ අන්දම, රාජපක්ෂ කුමාරුවරුන් මහජනතාවගේ බදු මුදල් වලින් නයිට් රේස් පදිමින් ජොලි කළ ආකාරය, මාධ්‍ය නිදහස බිංදුවට කුඩු පට්ටම් කළ ආකාරය, මාධ්‍යෙව්දීන් මරණයට පත් කළ, අතුරුදහන් කළ ආකාරය, ස්ත්‍රී දූෂකයන් තම දූෂණයන් සැමරීමට පාටී දැමූ ආකාරය, ඇතුළු කියා නිම කළ නොහැකි විශාල චෝදනා රැසක් රාජපක්ෂ රජතුමා සහ කුමාරවරුන්ටත්, සහෝදර සමාගමටත්, රාජපක්ෂ රජු ගේ අග බිසවටත්, ඉහත කී සහ නොකී හොර ඇමති නඩයටත් ඇති බව මේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම් ය. ඒ සියල්ල එසේ තිබිය දී, මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හොර නඩය ඉතා අභිමානයෙන් දේශපාලන වේදිකා වලට නැග, මාධ්‍ය හමු පවත්වමින් එක දිගට පවසන්නේ එකම එක දෙයකි...


‘‘ අපිට හොරු හොරු කිව්වට....කෝ කව්රුවත් ඇල්ලුවද අපේ හාදුරුවනේ...“
හොරෙක් හොරකම් කරන්නේ හොරකම අහුවෙන්නට ඉඩ තබා නොවේ. ඔවුන් හොරු වන්නේ එබැවිනි. ඉතා සූක්ෂම ආකාරයට හොරකම් කිරීඹට දැන සිටීම මේ පැවති රාජපක්ෂ ආණ්ඩුවේම සුව්ශේෂත්වයකි. නමුත් හොරකම්, මැරකම්, කම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ ආදී එකී මෙකී නොකී දුරාචාර සියල්ලම මහින්ද රාජපක්ෂගේ ආණ්ඩු කාලය තුළ සිදු වූ බව අපි දනිමු. ඒ සියල්ල එසේ වතුදු මේ හොර නඩය දිගින් දිගටම අසා සිටින්නේ එකම පැණයකි.... ‘‘ අපිට හොරු හොරු කිව්වට....කෝ කව්රුවත් ඇල්ලුවද අපේ හාදුරුවනේ...“
අපි මෙම වනචර හොර මැර දේශපාලනයේ යථාර්තය ඉතාමත් සරල අර්ථයකින් තේරුම් ගනිමු.


ඔබ යම්කිසි සංවෘත ස්ථානයක, කාමරයක හෝ විදුලි සෝපානයක වැනි තැනෙක, තවත් පුද්ගලයින් තුන්දෙනෙකු සමගින් ඉන්නවා යැයි සිතන්න. එකවරම ඉන් කව්රුන් හෝ කෙනෙකු විසින් ඉතා රහසිගත ලෙස වාතයක් පිට කරයි. එනම්, හඬක් නොනැගෙන ආකාරයට වාතයක් පිට කරයි. හඬක් නොනැගුණ මුත් එහි ඟඳ දැරිය නොහැකි ලෙස ඔබට දැනෙන්නට පටන් ගනී. එම වාතය පිට කලේ ඔබ නොවන බව ඔබ හොදාකාරවම දනී. එසේනම් එය සිදු කළ යුතු වන්නේ එතැන සිටිනා අනිත් තිදෙනාගෙන් කෙනෙකු විසිනි. නමුත් ඔවුන් තිදෙනාම එම චෝදනාව ප්‍රතික්ෂේප කරයි. හරියට මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හොර නඩය දැන් පවසනා අන්දම හරි පුළුවන්නම් ඔප්පු කරන්නැයි පවසයි. ස්වාභාවික එවැනි ඟඳක් ඇතිවිය නොහැකිය. නමුත් එය ඔප්පු කරන්නැයි කී විට, අපට එය ඔප්පු කරන්නට එකිනෙකාගේ පස්ස ඉඹින්නට හැකියාවක් ද නැත.


මහින්ද රාජපක්ෂ ඇතුළුව ඔහුගේ හොර නඩය කළ හොරකම් වල ස්වභාවය ද ඊට නොදෙවෙනි නැත. මහින්ද රාජපක්ෂ ඇතුළු නඩය නීතිය හිතේ හැටියට වළඳන ආකාරය අපි දුටුවෙමි. ප්රජාතන්ත්රවාදය, අධ්‍යාපනය, ජාතිය, ආගම, සංස්කෘතිය, යහපාලනය, ඔවුන් වළඳා අවසන් කළ හැටි අප දුටුවෙමු. අති විශාල ලෙස සිදුකළ නාස්තිකාර ව්‍යාපෘතිවලින් ගසා කෑ හැටි අපි දුටුවෙමු. නමුත් දැන් ඔවුන් අපේ රට වළඳා නිහඬවම වාත පිට කරමින් පුළුවන් නම් ඔප්පු කරන්නැයි කියමින් සිටිති. නීතිය ඟඳ ගසන ආකාරය, ප්රජාතන්ත්රවාදය ඟඳ ගසන ආකාරය, ජාතීවාදය ඟඳ ගසන ආකාරය, ආගම් වාදය ඟඳ ගසන ආකාරය, පගා සහ කොමිස් ඟඳ, කුඩු සහ එතනෝල් ඟඳ, ආදී එකී මෙකී නොකී සියළුම වර්ගයේ දුර්ගන්ධයන් අපි අත් විඳිමින් ඉන්නෙමු.. නමුත් මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ හොර ඇමති මණ්ඩලය උජාරුවෙන් වේදිකා මතට නැගී පුළුවන්නම් ඔප්පු කරන්නැයි කියා කෑ ගසති.


ඉතා සරලවම කියන්නේ නම්, දරාගත නොහැකි පඩ ඟඳ රැසකින් අපට හුස්ම ගන්නට බැරි තරම් වාතය දූෂණය වී තිබේ. නමුත් වාතය පිටකළ කෙනෙක් නැත. මේවා හඬ ඇති පඩ නොව නිහඬ පඩයි. හඬ පඩේ ඟඳ නෑ සහ ඟඳ පඩේ හඬ නැතැයි අප අසා ඇති නිසාම, එහි දුඟඳ දැරිය නොහැකි තරම්ය. අපි රාජපක්ෂ ඇතුළු මේ හොර නඩයට කියන්නේ, ඔප්පු කළා හෝ නැතුවා හෝ අපට නාසයක් ඇත. රට කෑවේ කව්ද කියා අපි දැක්කෙමු. ඒ කාපූ උන්ගේ පඩ ඟඳ ද අපි හොදින් හඳුනන්නෙමු. ඒ නිසා මේ සියළු බඩජාරී වංචාකරුවන්ගේ බයිලා වලට ජනතාවට තව දුරටත් රැවවෙන්නේ නැත. ඒ දූෂිත පාලනයේ දුර්ගන්ධය පහ කර හැර, ජනතාවට නිදහසේ අලුත් හුස්මක් ගත හැකි සමාජයක් දැන් නිර්මාණය වෙමින් පවතියි. එම අරගලය දිගටම ගෙනයන්නටත්, රට කෑ හොර පඩකාරයින් ගෙදර යවන්නටත් මේ මැතිවරණයේ දී සමස්ත ලාංකීය ජනතාව තම යුතුකම ඉටු කරනු ඇත.

ඉන්දික ගුණවර්ධන

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us