විවෘත විශ්ව විද්‍යාල සිසුන් දින 225 ක අරගලයකින් සටන ජයගනියි

Published in පුවත්
Wednesday, 29 July 2015 23:09

විවෘත විශ්ව විද්‍යාලයේ වැඩිකල පාඨමාලා ගාස්තු වහා පහල දමන ලෙස සහ සියලු සිසු ගැටළු විසඳන ලෙස ඉල්ලමින් සිසුන් ආරම්භ කල අඛණ්ඩ සත්‍යග‍්‍රහයට දින 225 ක් පිරීම නිමිත්තෙන් අද(29) විශ්ව විද්‍යාල පරිශ්‍රයේ සිට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත සංවිධානය කර තිබූ පා ගමන ජයග්‍රහණයෙන් අවසන් වී තිබේ .

එම පා ගමන අවහිර කිරීම සඳහා පොලිසිය විසින් විශ්ව විද්‍යාල පරිශ්‍රය අවට මාර්ග බාධක යොදා තිබුණත් සිසුන් එය මගහරිමින් හයිලෙවල් මාර්ගය ඔස්සේ ප්‍රතිපාදන කොමිෂන් සභාව අසලට යාමට සමත්විය. පසුව එම ස්ථානයේදී පොලිසිය විසින් මාර්ග බාධක යොදා තිබුණු අතර එහිදී සිසු නියෝජිතයන් දස දෙනෙකුට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ සකච්ඡා කිරීමට අවස්ථාව ලබා දී තිබුණි.

එහිදී ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා 180% න් වැඩිව තිබූ පාඨමාලා ගාස්තු පෙර පැවති තත්ත්වයට අඩු කිරීමටත් පන්ති තහනමට ලක්වූ සිසුන්ගේ පන්ති තහනම අවලංගු කිරීමටත් එකඟ වී ඇති බව වාර්තා වේ.

විවෘත විශ්ව විද්‍යාලයේ ගාස්තු සම්බන්ධයෙන් දැවැන්ත අර්බුධයක් පැන නැගී තිබූ අතර වසර 30 ක් පුරාවට පැවති සාම්ප්‍රදායික විවෘත විශ්වවිදයාලයීය ගාස්තු සියයට දහයකින් වැඩිවී පසුව 180% ක් දක්වා වැඩිවී තිබූ බව පැවසේ .එය ගාස්තුවක් ලෙස දක්වනවානම් රු 10,000ක් වූ මුදල පසුව රුපියල් හැටදහස,ලක්ෂය දක්වා වූ වැඩිවීමකි.

මෙම වාරික ගාස්තුව ඉහළ යාම ඇතුලූ ගැටළු කිහිපයක් මුල් කරගනිමින් පසුගිය වසරේ දෙසැම්බර් 17 වැනිදා විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සත්‍යග‍්‍රහයක් ආරම්භ කළේය.

උසස් අධ්‍යාපන අවශ්‍යතා සපුරා ගැනීමට යොමුව සිටීන, විශේෂයෙන්ම ලක්ෂ ගනනින් මුදල් අය කෙරෙන පුද්ගලික පාඨමාලා සඳහා වියදම් කිරීමට අතමිට නැති පවුල්වල දරුවනට මෙම විවෘත විශ්ව විද්‍යාලය යම් අස්වැසිල්ලක් වූ අතර පාඨමාලා ගාස්තු වැඩි කිරීම හරහා ඔවුන්ට සිදු වුවේ බලවත් අසාධාරණයකි.

ඡායාරූප : නිශාන්ත ප්‍රියදර්ශන

DNP OUSL 1

DNP OUSL 2

DNP OUSL 3

DNP OUSL 4

DNP OUSL 5

DNP OUSL 6

DNP OUSL 7

DNP OUSL 8

DNP OUSL 9

DNP OUSL 10

DNP OUSL 11

DNP OUSL 12

DNP OUSL 13

DNP OUSL 14

DNP OUSL 15

DNP OUSL 16

DNP OUSL 17

DNP OUSL 18

DNP OUSL 19

DNP OUSL 20

DNP OUSL 21

DNP OUSL 22

DNP OUSL 23

DNP OUSL 24

DNP OUSL 25

DNP OUSL 26

DNP OUSL 27

DNP OUSL 28

DNP OUSL 29

DNP OUSL 30

DNP OUSL 31

DNP OUSL 32

DNP OUSL 33

DNP OUSL 34

DNP OUSL 35

Last modified on Wednesday, 29 July 2015 23:37

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us