රාජපක්ෂලා ණය බරින් පීඩිත ගොවියන්ගේ අරමුදලත් හොරා කෑවා

Published in පුවත්
Friday, 31 July 2015 16:41

මහින්ද රාජපක්ෂ පාලන සමයේ මෙරට ණය බරින් පීඩිත වූ ගොවියන් දිවි නසා ගත් බවත් ගොවියන්ට ණය ගෙවා ගත නොහැකිව අසරණ වූ විට ඒ ණය පියවීම සදහා පැවති අරමුදලේ මුදල් පවා රාජපක්ෂගේ ප්‍රතිරූපය නංවා ගැනීමේ අසාර්ථක ව්‍යාපෘති වලට යොදවා අැති බව හර්ෂ ද සිල්වා අමාත්‍යවරයා පවසයි.ඔහු මේ බව පැවසුවේ අද (31)පැවති මාධ්‍ය හමුවක් අමතමින්ය.

අද වන විට ලැජ්ජාවක් නැතිව ණය නැති ගොවියන් බිහි කිරීමේ වැඩ පිලිවෙලක් ගැන පවසන බවත් තවදුරටත් රටේ ජනතාව මේවාට නොරැවටෙන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ පැවති වැඩපිළිවෙළෙහි ප්‍රතිඵල නිසා ලාංකීය ජනතාව තවමත් පීඩා විදිමින් සිටින බවත් වසර දහයක් පුරා ජනතාව වෙනුවෙන් කිසිවක් සිදු නොකර දැන් හදිසියේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනයක් සිදු කරන බව පවසන්නට පටන් ගෙන අැති බව කීවේය.

පාලන කාලය පුරාවට ජනතාව වෙනුවෙන් කිසිවක් සිදුනොකර තමන්ගේ පවුල ගැන සිතා කටයුතු කර හදිසියේ ජනතාව මතක් වී අැති බවත් යහපාලන අාණ්ඩුව බඩු මිල අඩුකරනවා සහ සහන ලබා දෙන බව පැවසූ විට සමච්චලයට ලක් කළ බවත් දැන් සමච්චලයට හේතු වන දේ පවසමින් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම විහිළු සපයන බවත් සදහන් කළේය.

සන්ධනයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය විහිළුකාරී ප්‍රතිපත්ති ප්‍රකාශනයක් බවත් එහි කියවෙන පරිදි පොල් මිල අඩු කර ස්ථාවරව පවත්වා ගෙන යන බවත්,කුකුල් මස් මිල අඩු කර ස්ථාවරව පවතවාගෙන යන බවත් අාදී දේද අන්තර්ගත වන බවත් මෙවැනි දේ ප්‍රතිපත්ති ප්‍රකාශනයකට දැමිය යුතුද යන්න පවා නොදන්නා පිරිසකගේ ස්වභාවය ඒ ඔස්සේ පැහැදිලි වන බවත් කීවේය.

පොල් මිල අඩු කිරීම යන්න විමසා බලන කළ හදිසියේ පොල් වගා කර පොල් මිල අඩු කිරීමටද නොහැකිය. පොල් රටින් ගෙන්වන දෙයක් නොවන නිසා ඒවායේ මිල අඩු කරන්නේ කෙසේද?අානයනය කරන ද්‍රව්‍යයන්හි බදු මිල පහළ දමා හෝ බදු ඉවත් කර මිල අඩු කළ හැකිය. නමුත් පොල් වල මිල අඩු කළ විට පොල් ගොවියාට සිදු වන්නේ කුමක්ද?මෙවැනි දේ කල්පනා කරලද ප්‍රතිපත්ති ප්‍රකාශනයට දැම්මේ යනුවෙන් අමාත්‍යවරයා විමසා සිටියේය.
හැම සමෘද්ධි පවුලකටම ගෑස් සිලින්ඩරයක් හා ගෑස් ලිපක් දෙන බවත් ගෑස් සදහා මසකට 350 ක් ලබා දෙන බවත් පවසන අතර ගෑස් මිල 350 කින් අඩු කළා නම් විසදුමක් නොවන්නේද යනුවෙන් විමසා සිටියේය.

ජේ්‍යෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් 3000ක් ලබා දෙන බවත් ඔවුන්ට ශල්‍ය කරමකර ගැනීමට ලක්ෂ 5 ක් ලබා දෙන බවත් පවසද්දී අැති වන ප්‍රශ්නය වන්නේ මේ දීමනා සහ සහන අවුරුදු දහයක කාලයක් තුළ ලබා නොදුන්නේ මන්ද යන්නයි.ඔෟෂධ පනත ගෙන ඒමට ඉඩ නොදී වැළැක්වූ බවත් ,ශල්‍යකර්ම වලට මුදල් නොමැතිව කී දෙනෙක් මියදුනාද යන්න ප්‍රශ්නයක් නොවූ පිරිසක් අද ඒ ගැන සිතන්නට වීම අරුමයක් බව පැවසුවේය.

ඊයේ දිනයේ ජනහා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ දත්ත අනුව සියයට දශම දෙකකින් අවදමනයක් සිදුව අැති බවත් පසුගිය දිනවල බන්දුල ගුණවර්ධන මහතා පැවසූපරිදි සක්කරයගේ පුතා වයිමාටත් බෑකියූ දේ අද යහපාලන අාණ්ඩුව යටතේ හර්ෂද සිල්වාලා කර අැති බවත් කීවේය.

වැඩපිළිවෙලක් නැති සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඡන්ද ගුණ්ඩුවක් පමණක් බවත් කිසිදු පදනමක් නැතිව කියන්නන් වාලේ කියූවක් බවත්, එයඡන්ද කඩා ගැනීමේ අභිලාෂයෙන් කෙටි කාලීන දේශපාලන වාසි බලාපොරෝත්තුවෙන් ඉදිරිපත් කළ පොරොන්දු මල්ලක් පමණක් වන බව ඔහු අවධාරණය කළේය.

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us