සන්ධානයේ මැතිවරණ පොරොන්දුවල බොරුව හෙළිවේ.

Published in පුවත්
Sunday, 02 August 2015 10:22

එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් කර තිබෙන සුරංගනා කතා පොතක් බඳු මැතිවරණ පොරොන්දු ඉ‍ටුකිරීම සඳහා පළමු දින 30 ට පමණක් රුපියල් බිලියන 400 ඉක්මවා යන මුදලක් අවශ්‍ය බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

සන්ධාන මැතිවරණ පොරොන්දු අනුව පළමු දින 30 තුල ක්‍රියාත්මක කරනවාය කියන සංවර්ධන කටයුතු, වැ‍ටුප් වැඩි වීම, දිමනා, සහනාධාර ආදී වශයෙන් තෝරාගත් 'පොරොන්දු 20 කට' පමණක් රුපියල් බිලියන 404.2 මුදල් ප්‍රමාණය අවශ්‍ය බව ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙති.

2015 අතුරු අයවැය අනුව මේ වසර සඳහා ඇස්‌තමේන්තුගත රාජ්‍ය ආදායම (ප්‍රදාන ද ඇතුළුව) රු. බිලියන 1622 ද, එසේම මුළු වියදම ඇස්‌තමේන්තු රු. බිලියන 2121 ද වේ. ඒඅනුව රාජ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් ණය ගැනීම් එනම් වසර (2015) සඳහා ඇස්‌තමේන්තුගත සමස්‌ත අයවැය හිඟය රුපියල් බිලියන 499 කි. 2015 වසරේ මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ අයවැහි වාර්ෂික සමස්ථ ණය ගැනීම් රු බිලියන 527 ක් විය.

වැටුප් හා වේතන (පළාත් සභා ද ඇතුළත්ව) වියදම පමණක්‌ වාර්ෂිකව රු. බිලියන 616 දක්‌වා රජය මේවන විට වැය කරමින් තිබේ.

මහින්ද රාජපක්ෂගේ නව යෝජනා ඉදිරිපත් වන්නේ මේ පවතින මෙම වියදම් වලට අමතරව කෙරෙන වියදම් ලෙසය. මේ වෙනුවෙන් මුදල් සොයා ගැනීමේ වැඩ පිළිවෙලක් මේ පොරොන්දු පත්‍රයේ නිශ්චිතව සඳහනක් නැත. රාජපක්ෂලාට සිදුවන්නේද බැඳුම්කර මඟින් හෝ සල්ලි අච්චු ගසා මේ මුදල් සොයා ගැනීමටය. මේ වැඩවලට විදේශ ණය ලැබෙන්නේ නැත. බිලියන් 10 ක බැඳුම්කර නිසා බිලියන් 60 ක් රටට පාඩුයි කියන පිරිස රට කරන හැටි ද මේ පත්‍රිකාවෙන් පැහැදිලි කළා නම් අගනේය.

පළමු මාසය සඳහා රුපියල් බිලියන 400කට අධික ප්‍රමාණයක් අවශ්‍යව තිබෙන මෙම පොරොන්දු කන්දරාව ඉ‍ටු කිරීම සඳහා ආසන්න වශයෙන් වාර්ෂිකව එමෙන් 10 ගුණයක් අවශ්‍යය. එනම් බිලියන 4,000කි. මේ වෙනුවෙන් රාජ්‍ය ආදායම බිලියන 6,000 ක් වත් විය යුතුය. එනම් වත්මනට වඩා හතර ගුණයකට ආසන්න ආදායමකි. වාර්ෂිකව ක්‍රමයෙන් වර්ධනය වෙමින් මේ වන විට බිලියන 500 ක් වී තිබෙන අවයැය හිගය පියවා ගැනීම නොහැකි රටකට බිලියන 6,000 ක පමණ වාර්ෂික වියදමක් සහිත පොරොන්දු පත්‍රිකාවක් ඉදිරිපත් කර තමන්ට ජය ගත හැකි බව විශ්වාස කිරීමෙන් මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනතා මොන තරම් තකතීරුවන් පිරිසක් දැයි කල්පනා කරනවාට සැකයක් නැත.

එහෙමත් නැත්නම් මහින්ද රාජපක්ෂ මහතා වටා සිටින හොර නඩය ඔහුවත් අන්දවා ඇති බව අපට පිළිගැනීමට සිදුවේ.

මෙම පොරොන්දු පත්‍රිකාවේ ගනන් හිලව් සකසා ඇත්තේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්. විනිමය හා සු‍රැකුම් පත් කොමිසමේ සිටි සහාපති නාලක ගොඩහේවා , හිටපු ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් චරිත හේරත් හා රාජය ණය හා ආයොජන බැංකුවේ හිටපු සභාපත් ජගත් වැලිවත්ත යන අය විසිනි.

Last modified on Sunday, 02 August 2015 10:46

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us