අලුත්ම රාජ්‍ය බුද්ධි අංශ වාර්තාව. එජාප 102,සන්ධාන 91, ජවිපෙ 14, ටීඑන්ඒ 16

Published in පුවත්
Sunday, 02 August 2015 10:33

මහ මැතිවරණය සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් මෙම සතියේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබා දී ඇති සමීක්ෂණ වාර්තාවට අනුව එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජනතා සන්ධානය අතර දිස්ත්‍රීක් මට්ටමින් තියුණු තරඟයක් පවතින අතර, එජාපය ආසන මට්ටමින් තරමක් ඉදිරියෙන් සිටී.

උතුරු නැගෙනහිර ප‍්‍රතිඵල හා මාතලේ හා කෑගල්ල දිස්ත‍්‍රික් ප‍්‍රතිඵලය ගැන නිශ්චිත නැති නමුත් එජාපය ආසන්න වශයෙන් මන්ත‍්‍රී ආසන 90ක් හා ජාතික ලැයිස්තු ආසන 12 -14ක් පමණ ලබා ගනු ඇත.

සන්ධානය මන්තී‍්‍ර ආසන 81ක් හා ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුර 10 -12ක් පමණ ද ජවිපෙ මන්ත‍්‍රී ආසන 12ක් ජාතික ලැයිස්තුවෙන් 2-3ක් හා දෙමළ ජාතික සන්ධානය මන්ත‍්‍රී ධුර 14ක් හා ජාතික ලැයිස්තුවෙන් 2-3ක් පමණ ලබා ගනු ඇත.

එමෙන්ම එජාපය දිස්ත‍්‍රික් 9ක් හා සන්ධානය දිස්ත‍්‍රික් 9ක් දිනා ගනු ඇති අතර දෙමළ ජාතික සන්ධානය දිස්ත‍්‍රික් 4ක් දිනා ගනු ඇත.

 

විදෙස් තානාපති කාර්යාල මතය ?

එහෙත් විදෙස් තානාපති අංශ විසින් සිදු කළ පුළුල් සමීක්ෂණ වාර්තාවක් අනුව සන්ධානයට දිස්ත‍්‍රික්ක 11ක් එජාපයට 8ක් හා දෙමළ සන්ධානයට 3ක් ද ලැබීමට ඉඩ ඇතැයි පැවසේ.

මේ අතර ජනාධිපතිවරයාට සමීප කණ්ඩායමක් සිදු කළ වාර්තාව ද එම විදෙස් තානාපති වාර්තාව හා සමපාත වී ඇත.

සන්ධානය විසින් සිදු කළ සමීක්ෂණය අනුව දිස්ත‍්‍රික්ක 14ක් ඔවුන් ජයග‍්‍රහණය කරන බව පැවැසේ. එමෙන්ම මහින්ද රාජපක්ෂ මහතා සන්ධානයට දිස්තික්ක 18ක බලය ලැබෙන බව පසුගියදා ප‍්‍රකාශ කළේය.

කෙසේ නමුත් මෙම සමීක්ෂණ වාර්තාවන් හි පොදු වශයෙන් දක්වා ඇත්තේ ප‍්‍රධාන පක්ෂ දෙකටම ආසන 113 ඉක්මවා යා නොහැකි බවය.

දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ අතර ආසන 30ක් පමණ බෙදී යන අතර ප‍්‍රධාන පක්ෂ දෙක අතරේ ඉතිරි ආසන 195 හෝ ඒ ආසන්න ප‍්‍රමාණය බෙදී යයි.

 

- sathhanda.lk

Chart-1

Last modified on Sunday, 02 August 2015 10:35

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us