පැහැරගත් දරුවා පොලිස් මූලස්ථානයේ

Published in පුවත්
Sunday, 03 August 2014 17:26

ගල්ගමුව මීගලෑව ප‍්‍රදේශයේදී පැහැර ගැනුණු දිනිදු යෂේන් දරුවා මුදා ගත් ආකාරය පිළිබඳ කරුණු හෙළිකිරීමට පොලිස් මූලස්ථානයේදී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්විණ.

 පොලිසිය විසින් කප්පම් කරුවන්ගෙන් මුදා ගැණුනු පුංචි යෂේන් මාධ්‍ය හමුව පැවති ස්ථානයට ගෙනඑනු ලැබිය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණගේ ප‍්‍රධානත්වයෙන් පැවති එම මාධ්‍ය හමුවට  පැහැරගැනීමට ලක්වූ දරුවා මෙන්ම ඔහුගේ දෙමව්පියන් සහ විමර්ශනයට එක්වූ රහස් පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක්ද එක්ව සිටියේය.

දරුවාගේ පියා පැහැරගැනීමට සැකසුම් කරලා :


මීගලෑවේ සිව් හැවිරිදි පිරිමි දරුවා පැහැරගත් සැකකරුවන් මුලින් සැලසුම් කර තිබුණේ දරුවාගේ පියා පැහැරගැනීමට බව සැකකරුවන් සිදුකළ පාපොච්චාරණයේදී අනාවරණ වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් එහිදී සඳහන් කළේය.

පසුගිය සඳුදා රාති‍්‍රයේ පැහැරගත් දිනිදු යෂේන් ඒකනායක නැමති දරුවා 01දා රාත‍්‍රියේ ගල්ගමුව - ඇබෝගම ප‍්‍රදේශයේ නිවසක් අසල දමා ගොස් තිබියදී සොයාගත් අතර පැහැරගැනීම සිදුකළ සැකකරුවන් හතරදෙනාද රහස් පොලීසිය විසින් පසුව අත්අඩංගුවට ගනු ලැබිය.

දරුවා මුදා හැරීමට ඔහුගේ දෙමව්පියන්ගෙන් රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය දියත් කළ මෙහෙයුම පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා දීර්ඝ පැහැදිළි කිරීමක් සිදුකලේය. එහිදී ඔහු කියා සිටියේ පළමුව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඔහු මාර්ගයෙන් සෙසු සැකකරුවන්ද හඳුනාගෙන අත්අඩංගුවට ගත් බවයි.

මෙම සිද්ධියේ ප‍්‍රධාන සැකකරු වන ගල්ගමුව - අතරගල්ල ප‍්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි මංජුල සඳකැළුම් නැමැත්තා දරුවා පැහැරගැනීම සැළසුම් කළ ආකාරය පිළිබඳව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙහිදී විශේෂ අනාවරණයක් සිදුකළේය.


සැකකරුවෙක් පුංචි අම්ම විවාහ කරගන්න ඇවිත් :

එම සැකකරු මෙම දරුවාගේ පුංචි අම්මා විවාහ කර ගැනීමට යෝජනාවකට අනුව වසරකට පමණ පෙර පැමිණි පුද්ගලයෙකු බව හෙළිවී ඇත.  එහිදී මෙම දරුවාගේ සීයා රුපියල් කෝටියක මුදලක් දෑවැද්ද ලෙස ලබාදීමට එකඟ වී තිබේ.

යතුරුපැදි දෙකකින් පැමිණි සැකකරුවන්, පැහැරගත් දරුවා ඔහුගේ නිවසේ සිට කිලෝමීටර් 20 ක් පමණ දුරින් පිහිටි ප‍්‍රදේශයකට රැගෙන ගොස් ඇත. අනතුරුව මීට මාසයකට පමණ පෙර කුලී පදනම මත මිලදීගත් නිවසක ඔහුව මුලින් රඳවා ඇති බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

මෙම මාධ්‍ය හමුවේදී පැහැරගැනීමට ලක්වූ දිනිදු යෂේන් ඒකනායකගේ පියා වන මහින්ද කුමාර ඒකනායක මාතා ද අදහස් පළ කළ අතර, එහිදී ඔහු දරුවා සොයා ගැනීමට සහය වූ පොලිසිය ඇතුළු සියලූ දෙනාටම සිය ස්තූතිය පුද කළේය.

මුදාගත් දරුවාගෙන් රහස් පොලීසිය තවදුරටත් ප‍්‍රශ්න කරමින් සිටින අතර සැකකරුවන් ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව  පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us