ටී එන් ඒ නොහැකියාව සහ ටිල්වින්ගේ රැකියාව

Published in පුවත්
Monday, 03 August 2015 11:30
දෙමළ ජාතික සන්ධානය සිය නොහැකියාව වසා ගැනීම සඳහා ජාතිවාදය අවුස්සා ඡන්ද ගැනීමට සූදානම් වන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
 
අගෝස්තු 02 දින කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා, දෙමළ සන්ධානය කලින් ආණ්ඩුවට දොස් කිය කියා සිටි බවත්, පසුගිය කාලයේ ඔවුන්ට පළාත් සභාවක් තිබුණු බැවින් එය හරහා උතුරට යමක් කළ යුතු බවත් නමුත් ඔවුන් උතුරේ ජනතාවට පළාත් සභාව හරහා කිසිදු යමක් කිරීමට අසමත්ව ඇති බවත් පවසා සිටියේ ය. උතුරේ ජනතාවගේ ප්‍රශ්න නොවිසඳූ නිසා දෙමළ සන්ධානයට එම ජනතාව ඉදිරියට යා නොහැකි බවත් ඒ හේතුවෙන් නැවත වතාවක් ජාතිවාදය අවුස්සා චන්දය ලබා ගැනීම සඳහා බලය බෙදීමක්, ෆෙඩරල්වාදයක් රැගෙන පැමිණ ඇති බවත් එයින් එක් පසෙකින් උතුරේ ජාතිවාදය හා අනෙක් පසින් දකුණේ සිංහල ජාතිවාදී පදනමින් චන්ද ගන්නා අයට වාසි වන බවත් ඔහු වැඩි දුරටත් පැවසීය. 
 
තව දුරටත් ඒ මහතා කියා සිටියේ මෙය ඉතාම වැරදි සහ විසකුරු වැඩක් බවත් අප රටට දැන‍ අවශ්‍යව ඇත්තේ සියළුම ජාතීන්ට සමානතා පදනම මත අයිතිවාසිකම් දී ජාතික සමඟිය ගොඩ නඟනා වැඩ පිළිවෙලක් බවත්  කවුරු බෙදන්නට උත්සාහ කළත් එය වැරදි බවත් ජනතා විමුක්ති පෙරමුණ කිසිම විටෙක වෙන්වීම සඳහා වන යෝජනා පිළි නොගන්නා බවත් ය. 
 
මෙහි තරමක් උත්ප්‍රාසාත්මක කොටස වන්නේ පළාත් සභා සම්පූර්ණයෙන් අසාර්ථක බවත් ඒවා අහෝසි කළ යුතු බවත් කියනා ජවිපෙ ම දෙමළ සන්ධානය පළාත් සභාවෙන් වැඩ නොකළ බව කීමයි. 2013 සැප්තැම්බර් මාසයේ දී රාජපක්ෂ පාලනය යටතේ පැවති මැතිවරණයෙන් ජය ලැබූවද රාජපක්ෂ වරුන් විසින් පත්කෙරුණු ආණ්ඩුකාරවරයකු යටතේ සහ දකුණෙන් වෙන්කෙරෙනා මුදල් ප්‍රතිපාදන යටතේ උතුරු පළාත් සභාව තුළ දෙමළ සන්ධානයට වැඩ කිරීමෙහි තිබුණු සීමාවන් කෙරෙහි ජවිපෙ අන්ධ වී නැතුවාට සැක නැත. 
 
ඔවුන් විසින් ම අසාර්ථක යැයි පුන පුනා කියනා පළාත් සභා ව්‍යුහයකින් උතුරේ පමණක් ජනතාවගේ ප්‍රශ්න දෙමළ සන්ධානය නොවිසඳූ බවත් ඒ නිසා ඔවුන් ජාතිවාදය අවුස්සා බලයට පැමිණිමට මාන බලනා බවත් කියනා විට මෙතෙක් කෙටි කලකට අමාත්‍ය්ංශ හතරක් සහ ප්‍රාදේශීය සභාවක් පමණක් පාලනය කර ඇති ජවිපෙද මේ කරන්නේ දෙමළ සන්ධානය අවුස්සනා ජාතිවාදයෙහි ඵල නෙළීම පමණක් ම බව පෙනේ. දකුණේ සිංහල ජාතිවාදය පදනම් කරගත් ව්‍යාපාර වාසි ලබනා බව ඔහුම කියනා විට කෙළින්ම මතකයට එන්නේ ජාතික නිදහස් පෙරමුණ, ජාතික හෙළ උරුමය, බොදුබල සේනාව වැන්නවුන් වුවද දේශපාලනිකව මෙම ප්‍රකාශය සැලකීමේදී ස්වභාවයෙන් ම සිංහල ජාතිවාදයට මඳක් නැඹුරු ග්‍රාමීය සහ නාගරික සුළු ධනේශ්වරයෙහි පහළ කොටස නියෝජනය කරනා පක්ෂය හෙයින් නිසැකව ම ජවිපෙට ද මෙහි වාසිය අත්වේ. එමෙන් ම යුධ ජයග්‍රහණයේ තමුන්ගේ පංගුව සහ උතුර නැගෙනහිර වෙන්කිරීම වැනි දෑ පිළිබඳව පාරම්බෑම නො අඩුව කෙරෙනා වටපිටාවක ටිල්වින් සිල්වාද තමුන්ගේ ම කටින් නරිවාදම් පෙර පෙරා මේ කරන්නේ දෙමල සන්ධානයේ ප්‍රකාශයන් නිසා දකුණේ සිංහල ජාතිවාදීන්ට ලැබෙනා වාසියෙන් තමන්ගේ කොටස සූක්ෂමව වෙන්කර ගැනීමයි. 
 
අනෙක් අතින් "බලය බෙදීමක්, ෆෙඩරල්වාදයක්" යන වචන දෙක අවධාරණය කරමින් ඔහු පවසන්නේ මේ වචන පවා භාවිතයට ඔවුන්ගෙන් ඉඩක් නොමැති ආකාරයයි. ෆෙඩරල් ක්‍රමයකට මෙපිටින්ද බලය බෙදීමට ඕනෑ තරම් අවස්ථා තිබේ. වෙන්වීම තමුන් නොපිළිගන්නා බවක් ජවිපෙ කියන්නේ දෙමළ සන්ධානය කිසිදු වෙන්වීමක් ඉල්ලා නොමැති අවස්ථාවක දී වීමෙන් ඔවුන්ගේ තක්කඩි ප්‍රවේශය වඩාත් පැහැදිලි වෙයි. යාපනය දිස්ත්‍රික් ප්‍රථම රැළියට සහභාගී වෙමින් ආර්. සම්බන්ධන් මහතා පවසා තිබුණේ ම එකම රටක් තුළ විසඳුමක් තමන්ට අවශ්‍ය බවය. වෙන් වන වෙනම රටක් පිළිබඳ ව වූ ඔවුන්ගේ ස්ථාවරයක් මේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තිබුණේ නැත. 
 
එමෙන් ම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවලදී  සමස්ථයක් ලෙස ගත්කළ සියළුම පක්ෂ ඉදිරිපත් කරන්නේ තමන්ට ලබාගත හැකි හෝ ඉටුකළ හැකිදේ පමණක් නොවේ. එය ලංකාවේ දේශපාලන සම්ප්‍රදායක් වී ඇති අතර මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ සුරංගනා කතා බහුලය. රාජ්‍ය බලය නොලැබෙනා බව හොඳින්ම දන්නා ජවිපෙ වැනි පක්ෂ වලට කොහෙත් ම ඉටු කළ නොහැකි පොරොන්දු දීම ගැටළුවක් ද නොවේ. දෙමළ සන්ධානය ද ෆෙඩරල් විසඳුම සම්බන්ධව පෙන්වන්නේ ඔවුන්ගේ බලාපොරොත්තුවයි. මන්ත්‍රී ධුර 15ක් හෝ 20කින් ෆෙඩරල් විසඳුමක් පාර්ලිමේන්තුව තුළ ලැබිය නොහැකි බව දේශපාලනික ළදරුවන් වුව දන්නා නමුත් සිංහල ජාතිවාදයෙන් වාසි ලබනා පක්ෂ වලට එය අදාල ම නොවේ. 
 
රටට අවශ්‍ය සියළු ජාතීන්ට සමානතා පදනම මත අයිතිවාසිකම් දෙනා පාලනයක් යැයි කීම බැලූ බැල්මට ඉතා සාධාරණ සහ ආකර්ශනීය ය. ඒත් ඒ එක් ජාතියක් තළා පොඩිකර සමතලා කර අතගත් මොහොතේ ම නොවී නම් පමණය. ජවිපෙ ද මැදිහත් වීමෙන් සහ සහයෝගයෙන් රාජපක්ෂලා විසින් දියත් කෙරුණු තිරශ්චීන යුද්ධයේදී  - ජවිපෙ ඇතුළු පිරිසද එය හැඳින්වූයේ මානුශික මෙහෙයුමක් ලෙසය - බොහෝ ජීවිත හා දේපළ හානිවී ජනජීවිත මහත් වියවුලකට ලක්ව, වසර හයක් තුළද පිළියම් නොමැති වටපිටාවකදී කිලිනොච්චියේ ඇතුළු ගම්මානයක  තහඩු අටවාගත් නිවසක ඉන්නා තංගම්මාට සහ පැලවත්තේ සිව්මහල් ප්‍රාසාදයෙහි ඉන්නා ටිල්වින් සිල්වාට හෝ කඩවත තම නිවසේ පදිංචි අනුර කුමාර දිසානායකට සමානව සැලකීම යනු සාධාරණය නොවේ. 
 
ජවිපෙද වගකිව යුතු විනාශයක් නිසා උතුරේ ජනතාවට ඇති විශේෂ අවශ්‍යතාවන් බොහෝ ගණනකි. වැන්දඹුවන්ගේ ප්‍රශ්න, ළමා මව්වරුන්ගේ ප්‍රශ්න, අනාථ දරුවන් සහ අනාථ වැඩිහිටියන්ගේ ප්‍රශ්න, මානසිකව කම්පනයට ලක්වූවන්ගේ ප්‍රශ්න වැනි මේවා ගැන දකුණට කිසිදු සංවේදී භාවයක්ද නැත. පාර්ලිමේන්තු විවාද වලදී දකුණේ නොයෙකුත් සිදුවීම් පිළිබඳ පැය ගණන් කතා කරනා අනුර දිසානායකලා මේ ප්‍රශ්න ගැන විනාඩි කීයක් කතා කර තිබේද ? හොරු ඇල්ලීමේ පොලිස් රාජකාරි පවා භාරගත් සුනිල් හඳුන්නෙත්තිලා මේ ප්‍රශ්න වලට පිළිතුරු ඉල්ලා කොහේට හෝ කඩාපැන තිබේද ? නැත. ඔවුන්ට මේවා අදාලම නැත. ඒ ජනතාව සමඟ ජිවත් වන, ඔවුන්ගේ ප්‍රශ්න හඳුනන පිරිසකගෙන් සමන්විත පාලන ව්‍යුහයක් ප්‍රමාණවත් බලතල සහිතව ලැබිය යුතුවීමට මෙය ම එක් හේතුවක් ය. ස්වයං නීර්ණ අයිතිය වැනි දේශපාලන සංකල්ප පසෙකින් තැබුවද සරල මෙවන් හේතූන්ම කොතෙකුත් ඇත. 
 
ටිල්වින් ලා ද මේ "අපිනම් දන්නෙ නෑ, අරුන් වාසි ගනියි ඕං" කියනා ගමන් මේ කරන්නේ තමන්ගේ චන්ද පදනමට අවශ්‍ය ගැලපෙනා ප්‍රමාණයට ටී එන් ඒ පෙන්නමින් ඔවුන්ගේ කිරිපල්ල අතගා චූන් කිරීමය. අන්ත ජාතිවාදීන් පිළිබඳව රට ම දන්නා නමුත් මධ්‍යස්ථ සළු පළඳිමින් ටිල්වින්ලා ගහන මේ ගේමෙන් ද උතුර නිසා දකුණට වෙනවා යැයි ඔවුන් කීදේම එහි පරාවර්ථනය ලෙස උතුරට ද සිදුවන බව නොඑසේ නම් කිසිවක් නොදෙනා බව කියාපෑමෙන් උතුරේ ජාතිවාදයද තව තවත් ශක්තිමත් වන බව නොතේරෙන්නට ටිල්වින් මහත්මයා බබෙක් නොවේ. ගැටළුව නම් චන්දය විනා මෙවන් ක්‍රියාවල මතු ප්‍රතිඵල ඔහුට අදාල නොවීමයි. බලය බෙදීමට එරෙහිව මොරදීමේ අරමුණ තමන්ගේ චන්ද බැංකුවේ සීමා බෙදීම තව ටිකක් පුළුල් කර ගැනීමය. 
 
වෙනෙකක් තබා දෙමළ සන්ධානය සිය පක්ෂය විසුරුවා හැර සියල්ල සමඟින් පැලවත්තට පැමිණ ජවිපෙ සාමාජිකත්වය ඉල්ලා සිටියත් ජවිපෙ තෘප්තිමත් නොවනු ඇත.
 
~ සම්පත් සඳරුවන් 

 

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us