රජයේ රස්සා ගන්න දේශපාලඥයන්ට කඩේ යන්න වෙලා -දුමින්ද නාගමුව

Published in පුවත්
Monday, 03 August 2015 13:32

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික සහ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද නාගමුව මහතා කළුතර පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කරනු ලැබුවේ "දැන් මේ දවස් කියන්නේ තැපැල් ඡන්දය ගැන කතා කරන කාලේ, බොහෝ විට ලංකාවේ දේශපාලනයේදී විශාල වශයෙන්ම ඒ සඳහා භාවිතා වෙන පිරිසක් තමයි රජයේ සේවකයෝ, විශේෂයෙන් මොන අධ්‍යාපන සුදුසුකම තිබුණත් අද වන විට රජයේ රස්සා ගන්න නම් දේශපාලඥයන්ගේ පස්සේ යන්න වෙලා තියෙනවා."

ඉතින් එහෙම ගිහිල්ලා මොකක් හරි ඇත්තටම කියනවානම් රස්සා කට්ටක් හම්බවුණාට පස්සේ මුළු ජීවිත කාලයම අර දේශපාලකයා වෙනුවෙන් කැප කරනවා. මේක බොහෝ කාලයක සිට ලංකාවේ දේශපාලනයේ පැවතෙන සම්ප‍්‍රදායක් බවට පත්වෙලා තියෙනවා. බොහෝ අය දේශපාලනය කරනවා කියලා කියන්නේ රස්සාවක් ගන්න මොකාට හරි කඬේ යන එකට.

ලංකාවේ සමස්ථ රාජ්‍ය සේවය ගත්තම සාමාන්‍යයෙන් ලක්ෂ 15ක් විතර වෙනවා. පෞද්ගලික අංශයේ ලක්ෂ 80 පමණ ඉන්නවා. මේ දින වල මම දැක්කා රැුකියා විරහිත උපාධිධාරීන් සමාජ ජාල වෙබ් අඩවිවල දාල තිබ්බා, සියලූ රැුකියා විරහිත උපාධිධාරීන්ගේම ඡුන්දය ඕන නම් රස්සා දෙන වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන කියලා.

ඇත්තටම ඒකේ තිබ්බේ අභියෝගයක් කරලා, ඒක හොඳයි. හැබැයි අපි කියනවා ඒක වඩා හොඳ වෙන්න නම් කරන්න තියෙන්නේ එක දෙයයි. සටන් කරන එක. ඒ නිසා පෙරටුගාමී සමාජවාදී පක්ෂය විධියට අපි ඒ අයට උත්තරයක් දෙනවා. ඔබ එක්ව සටන් කරන්න, අප ඒ සඳහා සහය වෙනවා. එක්ව සටන් කරනවා නම් දිනන්න පුළුවන්.

දැන් පහුගිය ආණ්ඩුව වගේම මේ තියෙන හවුල් ආණ්ඩුවෙනුත් ඔබලාට ලැබුනේ පොලිසියෙන් බැටන්පොලූ පාර අපි දැක්ක ඒක බස්නාහිර පලාත් සභාව ඉස්සරහදී. ඒ නිසා වෙනසක් ඕන නම් කරන්න තියෙන්නේ සටන් කරන එක.

අපි කියනවා. දැන් ඔය එක එක මහත්වරු පඩි වැඩි වීම් ගැන කතා කරනවා. රජයේ සේවකයන්ට එල්ලපු දීමනාවක් ලැබුණා. හැමෝම කිව්වා පෞද්ගලික අංශයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් දෙන්න කියලා. ඒක බොහෝම අවශ්‍ය දෙයක්, හැමෝම ඉතා ඉහළින් පිළිගත්ත දෙයක්. හැබැයි මොකද වුනේ. හැමදාම සිදු වෙන දේ තමයි උනේ. ඒක අද වෙන කොට මැතිවරණ පොරොන්දුවක් වෙලා.

ඒ නිසා අපි කියනවා රැුවටෙන්න එපා. එක එකාට ප‍්‍රශ්න විසඳන්න කොන්ත‍්‍රාත් දෙන්න එපා. අපි කියන්නේ එක්වෙමු. සංවිධානය වෙමු. සටන් කරමු. දිනන්න පුළුවන්. මේකට උදාහරණ ඕන නම් හැරෙන්න මෑත ඉතිහාසයේ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය පැත්තට. ළඟම උදාහරණය විවෘත විශ්වවිද්‍යාලයේ අරගලය. ඒ අරගලවලින් ඉගෙනන්න කියලා අපි ලංකාවේ ජනතාවට කියනවා. අපි වමේ බලයක් හදන්න ඕන කියන්නේ ඒකට. ඒක හැදෙන්නේ මාධ්‍ය සංදර්ශන වලින් නෙවෙයි. මහපොළොවේ අරගලය ඇතුලේ.

Last modified on Monday, 03 August 2015 13:49

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us