හිටපු මන්ත්‍රීන් සතු රජයේ වාහන අත්අඩංගුවට

Published in පුවත්
Tuesday, 04 August 2015 11:10

පසුගිය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් භාවිත කළ, මෙතෙක් භාරදී නොමැති රජයේ වාහන වහාම අත්අඩංගුවට ගෙන රජයට භාර දෙන්නැයි ජනාධිපති ලේකම්වරයා පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙන අතර අදාළ ඉල්ලීම පරිදි පොලිස්පතිවරයා විසින් සියලූම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ මැතිවරණයට අදාළ මාධ්‍ය උපමාන සාකච්ඡා කිරිම සඳහා ජනමාධ්‍ය ප‍්‍රධානීන් සමග මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඊයේ (3) පස්වරුවේ පැවති සාකච්ඡාවක දී ය. එමෙන් ම ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබියදී රජයේ නිල වාහන භාවිත කළ හැක්කේ අග‍්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්‍ෂ නායකවරයා, කැබිනට් අමාත්‍යවරු, රාජ්‍ය අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට පමණක් බවය. 

රජය සතු කිසියම් වාහනයක් නිල බලය මත තබා ගෙන සිටින අමාත්‍යවරයෙකු, රාජ්‍ය අමාත්‍යවරයෙකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු හට වුව ද අංකයක් ප‍්‍රදර්ශනය වන ස්ටිකර් හෝ තීන්ත ආලේප කිරීමක් එම වාහනවල කළ නොහැකි බවද මැතිවරණ කොමසාරිස්වරයා අවධාරණය කළේය.

මේ අතර මැතිවරණ සමයේ අවශ්‍ය අවස්ථාවක පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවීමේ අවසරය පොලිස්පතිවරයා වෙත ලබාදුන් බව පැවසූ ඒ මහතා, අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බන්ධනාගාරවලින් නිදහස ලැබීම, බන්ධනාගාර තුළ සිට ක‍්‍රියාත්මක වන පාතාල ක‍්‍රියා සහ අලූතින් ඇති විය හැකි එවැනි තත්ත්වයන් පිළිබඳව ද දැඩි අවධානයකින් පසුවන අදාල අංශවලට උපදෙස් දී ඇති බවද පැවසීය. මැතිවරණය සමයේ දී රජයේ ප‍්‍රධාන අමාත්‍යංශ 03ක සහ තවත් රාජ්‍ය ආයතන 03ක රැකියා ලබාදී ඇති බවට තොරතුරු වාර්තා වී තිබෙන බැවින් ඊට අදාලව ලේකම්වරයෙකු සහ සහකාර ලේකම්වරයෙකු සම්බන්ධයෙන් පරික්‍ෂණ අරඹා ඇතැයි ද ඔහු කියා සිටියේ ය.

Last modified on Tuesday, 04 August 2015 12:28

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us