ලසන්ත - මහින්ද රනිල් සහ නරුමභාවය Featured

Published in පුවත්
Monday, 10 August 2015 13:57

මිනිසකුට නරුම විය හැකි සීමාව කුමක්ද ? මෙම පැණය පසුගිය කාලය පුරාවටම දේශපාලනයේ නියුතු වූ බොහෝ චරිත එක් එක් තැන්හි එක එකාගේ ගුල් හාරාගෙන පැලපදියම්වන මොහොතක් පාසා පැනනැගි අතර මෙවර අළුත් වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ බීබීසී සංදේශය සමඟ පැවැත් වූ සාකාච්ඡාව දුටු පසුවය.

එහිදී ඔහු ප්‍රශ්න කරන්නේ, "දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්මයම ලසන්ත මැරුවේ අහවලාය කියල චෝදනාවක් ඉදිරිපත් කළා. ඉතින් දැන් පරීක්ෂණ කරන්න පුළුවන් නේ? ඇයි කරන්නැත්තේ? ඒකට සැක කරපු අය ඒ කට්ටිය මේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඉන්න හින්දද?" යනුවෙනි. වැඩිදුරටත් ඔහු පවසන්නේ "මට සත්‍ය සැකයක් එනවා එහෙමද කියල." ලෙසය.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ 2009 ජනවාරි 08 වැනිදා රත්මලාන ගුවන්තොටුපළ ආශ්‍රිත අධිආරක්ෂක කළාපයේදීය. යුද්ධය දරුණු ලෙස පැවති බැවින් දැඩි ආරක්ෂාවක් තරකර තිබුණු වටපිටාවක ඔහුව ඝාතනය කළ නාඳුනන තුවක්කුකරුවා කිසිදු සළකුණක් හෝ නොතියාම ආරක්ෂිත ලෙස පළාගොස් තිබිණි. එවන් හපන්කමක් එකළ කළහැකි වූයේ ආරක්ෂාව පිළිබඳ ඉහළම පුද්ගලයින්ගේ ආශිර්වාදයෙන් ම පමණකි. එපමණක් නොව ඝාතනය පිළිබඳව පරීක්ෂණ ද අමුතුම ආකාරයෙන් කෙරුණු අතර අත් අඩංගුවට ගත් පුද්ගලයෙකුද පොලිස් කූඩුව තුළම සියදිවි හානිකරගත්තා අපට මතකය.

ඒ වනවිටත් සන්ඩේ ලීඩර් පුවත්පත විසින් අනාවරණය කෙරුණු 'මිග්' ගණුදෙනුව නිසාවෙන් ගෝඨාභය රාජපක්ෂ ලසන්ත කෙරෙහි කිපී සිටි බැවින් වන්දි ඉල්ලා නඩුවක් පවරා තිබුණු අතර ලීඩර් පුවත් පතට එරෙහිව තමාගේ ප්‍රවෘත්ති පළකිරීම සම්බන්ධයෙන් වාරණ නියෝගයක්ද ලබාගෙන තිබිණි. ඝාතනයත් සමඟ ලසන්තගේ පවුල් ජීවිතයට අදාල තොරතුරු ඇදබාමින් රාජපක්ෂ හිතවාදී මාධ්‍ය චරිත ඝාතන මෙහෙයුමක නියළුණු අතර ම මහින්ද රාජපක්ෂ ද ලසන්තගේ සහ තමන්ගේ සමීප සම්බන්ධකමක් තිබුණු බව කියමින් ලසන්ත දෙබිඩි චරිතයක් ලෙස හැඟෙවෙන පරිදි හැසිරුණේය. කෙසේවෙතත් ඒවන විට සිටි හමුදාපති සරත් ෆොන්සේකාගේ නමද මෙම ඝාතනය සම්බන්ධයෙන් කියැවෙද්දී සඳහන් වී තිබුණි.

ඝාතනයෙන් පසුව ඒ පිළිබඳව විමසීමේදී ගෝඨාභය ඉතාමත් නරුම ලෙස විමසුවේ "කවුද ලසන්ත කියන්නේ?" කියා ය.

මහින්ද අද මේ කියන්නේ ඒ ගැන විය යුතුය. කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ මාධ්‍ය නිදහස සම්බන්ධව ජාත්‍යන්තර ගැටළු එතරම් තිබුණු මොහොතක රාජපක්ෂ දෙබෑයන්ගෙන් කරුණු නොවිමසා කිසිවකු හිතුමතේ යමක් කළා වන්නට නම් නොහැක. එමෙන් ම සරත් ෆොන්සේකා සිරගත කෙරුණේද රාජපක්ෂ රජයෙනි. ඒ සඳහා ඔවුන් සොයා ගත්තේ මිළදී ගැනීම් කිහ්හිපයකට අදාල සිද්ධියක් සහ දේශපාලනය කතා කිරීම ගැන සිද්ධියකි. මෙතරම් බරපතළ යමක් රාජපක්ෂලාට භාවිත කළ හැකිව තිබිණි නම් ඔවුන් එය භාවිතා නොකර සිටිනු ඇත්ද ?

එසේම රනිල් වික්‍රමසිංහ විසින් මහින්දම කියනා චෝදනාව එල්ල කෙරුණේ රනිල් අගමැති වූ පසුවද ? නැත. ඒ මහින්ද ජනපතිව සිටි සමයයි. තම පවුලට එල්ල වී තිබුණු චෝදනාවෙන් ගැළවීමට හෝ ඔවුන් පරීක්ෂණයක් නොකළේ ඇයි ? එතරම්ම ජාත්‍යන්තර අපකීර්තියක් පවා දරාගෙන මෙතරම් කලක් ඔහේ සිටියේ ඇයි ?

අනෙක් අතින් මහින්දගේ චෝදනාව රනිල් වික්‍රමසිංහ වෙත යොමුකරන්නට අප ද කැමතිය. අපි මීට පෙරද මෙය ඇසූවෙමු. 2009 යුද්ධය ජයග්‍රාහී ලෙස ඇදෙමින් විපක්ෂය හතරගාතයෙන් ඇදදමා තිබුණු මොහොතක පවා තියුණු ආණ්ඩු විරෝධයක් මතු කෙරුණු පළමු මොහොත ලසන්ත ඝාතනයයි. සාටකයා - ඝාතකයා ලෙස සඳහන් පුවරු රැගෙන ජනතාව වීදිබැස්සේ ලසන්තගේ අවමඟුල දා ය. එදා පටන් විපක්ෂයේ සෑම මැතිවරණ වේදිකාවකම ලසන්ත ඝාතනය ගැන ද කියැවිණි. එහෙත් ඒ බලය ලබාගන්නා තුරු පමණක්ද ? අගමැති ලෙස රනිල් ලසන්ත ඝාතනය පිළිබඳව නිහඬ ඇයි ?

ලසන්ත ඝාතනය පිළිබඳව සිය බලය අහිමිවන තුරුම බබා පාට් දැමූ මහින්ද මෙන් ම බලය ලැබුණු පසුව අමතක පාට් දානා රනිල්ද එකලෙසම පෙන්වන්නේ බලය යන සංකල්පය ඉදිරියේ අන් දෑ කෙරෙහි තමුන්ගේ පවත්නා නරුමකමද?

රුවන් නෙලූ

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us