මෛත්‍රීපාලනය කියන්නේ, මෛත්‍රී - රනිල් සුසංයෝගය පමණයි

Published in පුවත්
Tuesday, 11 August 2015 07:48

මෛත්‍රී පාලනය තියෙන්නේ මෛත්‍රී - රනිල් සුසංයෝගය තුළ මිස මහින්ද රාජපක්ෂ මහතාගේ අනාගතයට සහතිකයක් තුළ නොවේ යැයි, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ජනවාරි 08වැනි දා ජනතාවගේ බලයෙන් බිහිවූයේ එම මෛත්‍රී පාලනය බවත්, එම පාලනය කිසිදු හේතුවක් නිසා හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය සතු නොවන බවත්, එම පාලනය සැමදා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මෛත්‍රී පාලනයක් බවත් හෙතෙම සඳහන් කළේය.

ඊයේ (10) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ දී පැවැති මාධ්‍ය හමුවේදී විජයදාස රාජපක්ෂ මහතා එම අදහස් ප්‍රකාශ කළ අතර එහිදී මෙසේද කීය.

මැතිවරණයට තව දින කීපයයි තියෙන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය වරින් වර තම ස්ථාවරයන් ඉදිරිපත් කරනවිට 2005 – 2010 මැතිවරණවල දී එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද චින්තනය 1 හා මහින්ද චින්තනය කියලා තම ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කළා. මෙරට ඔවුන් ඉදිරිපත් කර ඇත්තේ රටට පණ දෙමු - අලුතින්ම පටන්ගමු - අනාගතයට සහතිකයක් යන තේමාව ඇතුවයි. “රටට පණ දෙමු” කියන්නේ ඔවුන්, පිළිගන්නවා පසුගිය ඔවුන්ගේ පාලනය යටතේ රටේ පණ ජීවය කොඳු නාරටිය ඔවුන් විසින් කඩා විනාශ කර දැමූ බව. දැන් ඔවුන් ඒ විනාශ කරපු ජීවය නැවත පණ ගන්වන්නයි හදන්නේ. හිටපු ජනාධිපතිවරයාට විමල් වීරවංශ මහතා කිව්වා ඔහු ආර්ථික ඝාතකයෙක් කියලා. නැවත ඔවුන් බලයට ආවොත් සන්ධානය බලයට ආවොත් අනාගතයට මරණ සහතිකයක් තමයි දෙන්න වෙන්නේ.

ඔවුන් අද මැතිවරණ ව්‍යාපාරය අරන් යන්නේ මහින්ද අගමැති කරමු කියලයි. නමුත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ ඉතා පැහැදිලිවම” ඔබ ගැන මගේ ආකල්පය දශමයකින් වත් වෙනස් වී නැහැ. අගමැතිකම දෙනවානම් තවත් බොහෝ පිරිස් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉන්නවා. මහජන දේපළ කොල්ලකන අය බල්ලන් හා කපුටන් වී ඉපදෙන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මහින්ද තමයි අපේ නායකයා. මහින්ද නැතිව සන්ධානයක් නෑ. මහින්ද සමඟයි මැතිවරණයට යන්නේ කී අය අද පල්ලම් බැහැලා තියෙනවා. මව්බිම පුවත්පතේ දැන්වීමක් දාල තියෙනවා මෛත්‍රී පාලනයක් සමඟ ඉදිරියට යමු කියලා. අනාගතයට සහතිකයක් දෙන්නේ මෛත්‍රී පාලනයක් යටතේ කියලයි කියන්නේ. මහින්ද රාපක්ෂගේ නායකත්වය යටතේ පාලනයක් ගේන්න බැහැ. මහින්ද රාජපක්ෂ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වෙලා ඉවරයි. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ පින්තූර දාල ඔහුට තවදුරටත් මාර්කට් කරන්න බැරි නිසා මෛත්‍රීපාල සිරිසේන මහතාව යොදා ගෙන තම ඡන්ද ගොඩ වැඩිකරගන්න ඔවුන් උත්සාහ ගන්නවා.

මෛත්‍රීපාල විවේචනය කරපු අය අවලාද කරපු අය මෛත්‍රීපාල මැතිතුමාව ඉදිරිපත් කරනවා. මෛත්‍රී පාලනය කියන්නේ මහින්ද රාජපක්ෂගේ අනාගතයට සහතිකය නෙමෙයි. මෛත්‍රී - රනිල් සුසංයෝගයේයි. ජනවාරි 08 ජයග්‍රහණයේ ප්‍රතිපත්ති මත ඉදිරියට එන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේය.

මේ දිනවල විමල් වීරවංශ ජාතියේ වීරවංශය ලියන්න අරන්. ඒ සඳහා මහින්ද මහත්තයාට ටියුෂන් දෙනවිට අද මහින්ද මහත්තයා වේදිකාවට නැගලා හොරා කියන වචනයට අලුතින් අර්ථ නිරූපණය දෙනවා.

අනුරාධපුර මංගල රැස්වීමට නැගලා මේ අලුත් අධ්‍යාපනය ගැන ප්‍රකාශ කළා. පරවා සහ පරයාගේ වෙනස හඳුනාගෙන තිබෙනවා. එතුමාට ඒ වෙනස හඳුනා ගන්න අවුරුදු 70ක් ගත වුණා.

කැබිනට් පත්‍රිකාවක් ගැන වේදිකාවක් ගානේ කියාගෙන යනවා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ජලය විකුණන්න යනවා කියලා. ඒ කැබිනට් පත්‍රිකාවේ එක අකුරක් හෝ එක වචනයක් මහින්ද රාජපක්ෂ මහතාට තේරෙනවා නම් ඔය වගේ බාල අර්ථ නිරූපණ ඉදිරිපත් කරන්නේ නැහැ. ඒ කැබිනට් පත්‍රිකාවේ ඉදිරිපත් කරලා තියෙන්නේ “ජල දෝණි සංරක්ෂණය කිරීම ගැන අධිකාරියක් පිහිටුවීම ගැනයි.

අපේ රටේ ජල උල්පත් රැක ගත්තොත් පමණයි ජනතාවගේත් සතා සිව්පා‍වාගේත් ජීවිතය රැකෙන්නේ.

අද ජල උල්පත් ගැන කතා කරන මහින්ද රාජපක්ෂ මහතා එදා රතුපස්වල ජනතාවගේ ජලයට ඇසිඩ් එකතුවෙලා තිබිද්දි තම දරුවන්ට වතුර දෙන්න යන නිසා පාරට බැස්සම ටී 56 යොදලා වෙඩි තියලා මරවපු මහින්ද රාජපක්ෂ ජලයට අඬනවා. කඳුළු හලමින් යනවා.

උගන්ඩාවේ ජනතාවගේ පානීය ජල හිඟය දැකලා අඬපු මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ සල්ලි ඔවුන්ට පරිත්‍යාග කරලා ලෝකයට පෙන්නුවා මේ රටේ ජනතාව තලගොයා හා කබරගොයා දෙන්නම හඳුනනවා. මිනිස්සුන්ගේ කඳුළුයි - කිඹුල් කඳුළුයි දෙකම හඳුනනවා.

මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ තමයි අද ජල උල්පත් සංරක්ෂණය නැහැ නිශ්චිත වග කියන ආයතනයක් නැහැ. මහින්ද රාජපක්ෂගේ කාලයේ ඔහුගේ සහචරයෝ කැලෑව විශාල ප්‍රමාණයක් කපලා විනාශ කළා. ගංගා අවට තියන ගංගා පතුල් පවා එතුමාගේ දේශපාලන සහචරයින් පතල් කපලා සබරගමු පළාතේ විනාශ කළා. අපේ රටේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර අධිකාරිය, භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට වත් නිශ්චිත වගකීමක් වැඩපිළිවෙළක් පැවරිලා නැහැ භූගත ජලය හා ජල උල්පත් ආරක්ෂා කරන්න. රටේ ජල සම්පාදන ව්‍යාපෘති රක්ෂාකරන්න පුළුවන් වෙන්නේ මේ ජල උල්පත් ගංගා දෝනි ආරක්ෂා කළොත් විතරයි. ඒ නිසා අපි වෙනම අධිකාරියක් පිහිටුවන්න තීරණය කළේ.

අද මහින්ද රාජපක්ෂ මහතාට අමතක ඇති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකතුමා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි අපේ රටේ පරිසර භාර අමාත්‍යතුමා. එතුමා පරිසරය ආරක්ෂා කරන්න වැඩපිළිවෙළක් අරන් යනකොට එතුමාගේ පක්ෂයේ සාමාන්‍ය මන්තීකමට තරග කරන මහින්ද රාජපක්ෂ මහතා තමයි එයට විරුද්ධව කතා කරන්නේ.

අද ඔවුන්ට විවේචනය කරන්න පවා නිදහස තියෙනවා. එතුමාගේ කාලයේ ඔයවගේ ප්‍රකාශ කළා නම් යන්න වෙන්නේ සුදු වෑන් එකෙන්.

අපේ වල්වැදිච්ච රට යුක්තිගරුක දේශයක් කරලා තියෙනවා . මෛත්‍රී පාලනයක් යටතේ. ඒ මෛත්‍රී පාලනය එළිදකින්නේ එක්සත් ජනතා නිදහස් සන්ධානයක් යටතේ නෙමෙයි. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් යටතේ පමණයි.

dinamina

Last modified on Tuesday, 11 August 2015 07:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us