දුමින්ද සිල්වාගෙන් ණය සල්ලි ඉල්ලූවම, සුදු වෑන් පස්සෙන් ආවා

Published in පුවත්
Thursday, 13 August 2015 09:52

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ණයට දුන් රුපියල් මිලියන දෙකක මුදල ආපසු ඉල්ලා සිටි විට සුදු වෑන් එකක් හා පොලිස් නිලධාරීන් හැම තිස්සෙම තම නිවෙසට පැමිණෙන්න වූ බව ‘වෙලේ සුදා’ නමැත්තා කොළඹ මහාධිකරණය හමුවේ සාක්කි දෙමින් ඊයේ (12) අනාවරණය කළේය.

තමා දුමින්ද සිල්වා මහතා ළඟ වැඩ කළ බවත් ඡන්ද වැඩවලට කියා රුපියල් මිලියන දෙකක මුදලක් ණයක් ලෙස දුමින්ද සිල්වා මහතා ලබා ගත් බවත් ‘වෙලේ සුදා’ නමැත්තා වැඩිදුරටත් පවසා සිටියේය. තවද එම රුපියල් මිලියන දෙකක මුදල තමා දුමින්ද සිල්වා මහතාට ලබා දුන්නේ තම නිවසේ අල්මාරියේ තිබී බවද ‘වෙලේ සුදා’ නමැත්තා පැවැසීය. හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ගම්පල විතානගේ සමන්ත කුමාර හෙවත් ‘වෙලේ සුදා’ නමැත්තාට එරෙහිව පවරා ඇති නඩුවේ පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් විත්තිකා‍ර ‘වෙලේ සුදා’ නමැත්තා ඉහත කරුණු අනාවරණය කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ මෙම නඩුව විභාගයට ගැනේ.

නීත්‍යානුකූල නොවන අයුරින් තමා කිසිවිටෙක මුදල් ඉපැයීමක් සිදුනොකළ බවද පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ‘වෙලේ සුදා’ නමැත්ත‍ා ඊයේ (12) පවසා සිටියේය. නඩුවේ පැමිණිල්ල මෙහෙය වූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ සුහර්ෂී හේරත් ජයවීර මහත්මියගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ‘වෙලේ සුදා’ නමැත්තා එසේ පැවැසීය.

විත්තිකාර වෙලේ සුදා සාක්කි කූඩුවට නැග සාක්කිදීමට කැමැත්ත පළ කිරීම මත විත්තිකරුගේ නීතිඥ සුරංග බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත සාක්කි ලබාදීම සිදුකෙරුණි.

ඉන් අනතුරුව පැමිණිල්ල මෙහෙයවූ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරියගේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් වෙලේ සුදා නමැත්තා ඉහත කරුණු අනාවරණය කෙළේය.

සුදු වෑන් එවා තමන්ව මරන්න හදන්නෙ දුමින්ද සිල්වා බව දුමින්ද සිල්වාගේ ලේකම්වරයා ජිෆ් තමාට පැවසු බවත් “ජිෆ් නමැත්තා නැවතී සිටියේ මාදිවෙල තමාට අයත් නිවසක බවත් පැවසු ‘වෙලේ සුදා’ නමැත්තා ‘ජිෆ්’ නමැත්තා පැවසු පරිදි සුදු වෑන් රථයක් දිනක් තමා පසුපස හඹා ආ බවද කීය.

තමා 2011.01.26 ඇප ලබා හිරෙන් ආපසු හොර පාස්පෝට් එකකින් ඉන්දියාවට ගියේ සුදුවෑන්වලින් ඇවිත් මරයි යන බියට බව පැවසු වෙලේ සුදා නමැත්තා දුමින්ද සිල්වා මහතා තමා මරන්න හදන්නෙ තමා ඔහුට ණයට දුන් මුදල් ආපසු ඉල්ලා සිටින නිසා බවද පවසා සිටියේය.

දුමින්ද සිල්වා නිතර ම‍ෙග් ජංගම දුරකථනයට කතා කර පැමිණෙන්න යැයි කීවත් ජිෆ් එකවරම යතුරු බාරදී මගේ නිවසින් යාමත්, සුදුවෑන් රථයක් මා පසු පස ඒමත් නිසා දුමින්ද සිල්වා මාව මරන්න හදන්නෙ කියල ‘ජිෆ්’ පැවසු කරුණු තමා විශ්වාස කළ බවද පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පැවසු වෙළේ සුදා නමැත්තා තමා දුමින්ද සිල්වාගේ දේශපාලන වැඩවලට හවුල් නොවු බවද තමාට ඔහු ‘සෙඩ්’ එකක් දෙන බවට පවසා සිටි බවද කීය.

තමා හොර පාස්පෝට් එකක් මගින් පළමුවර ඉන්දියාවට ගොස් මාස පහකින් ලංකාවට පැමිණි බවත්, ඔඩෙල් වෙළෙඳ සැලේදී දුමින්ද සිල්වාගේ සෙකට්‍රි ‘ජිෆ්’ තමා දැක දුමින්ද සිල්වාට ඇමතුමක් දී සර් වෙලේ සුදා ඇවිත් ඉන්නව කියා පවසනව ඇසුනු බවත් නැවතත් තම ජීවිතයට තර්ජනයක් වේ යැයි සිතා හොර පාස්පෝට් එකෙන් තමා නැවත ඉන්දියාවට ගිය බවද පැමිණිල්ලේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වෙලේ සුදා පැවසීය.

තමා අධිකරණය හමුවේ පෙනී සිටීමේ අරමුණින් ලංකාවට පැමිණිය ද මරන තර්ජන නිසා නැවත විදේශගත වූ බව පැවසු වෙළේ සුදා එම තර්ජන සම්බන්ධව කිසි විටෙක කිසිදු පාර්ශ්වයක් දැනුවත් නොකළ බව හා පැමිණිලි නොකළ බවද කීය.

හෙරොයින් ග්‍රෑම් 7.05ක් සන්තකයේ තබා ගැනීම හා ඡාවාරම් කිරීම යන අධි චෝදනා මත නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව පවරා ඇති මේ නඩුව දිනපතා විභාගයට ගෙන අවසන් කිරීමට විනිසුරුවරයා ගෙන ඇති තීරණය මත නඩුව දිනපතා විභාගයට ගැනේ.

රහස් පොලිසියේ රැඳවුම් භාරයේ රඳවා සිටින ‘වෙලේ සුදා’ දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ රහස් පොලිස් නිලධාරීන් විසින් නඩු විභාගය සඳහා අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

(දිනමිණ)

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us