අගමැතිකම දෙන්නේ නෑ. මෛත්‍රී ලිඛිතව මහින්දට දන්වයි (සම්පූර්ණ ලිපිය)

Published in පුවත්
Thursday, 13 August 2015 17:23

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාට විශේෂ ලිපියක් මීට මොහොතකට පෙර යවා ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය කළත් මහින්ද රාජපක්ෂ මහතාට අගමැතිධුර ලබා නොදෙනබව එම ලිපියේ පැහැදිලිව සඳහන්කර ඇත.

පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකුට අගමැතිධුරය ලබාදීමට තමන් තීරණයකර ඇති බවත් ඒ සඳහා නිමල් සිරිපාලද සිල්වා, ජෝන් සෙනවිතරන්, චමල් රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, ඒ.එච්.එම්.ෆවුසි, සුසිල්ප්‍රේමජයන්ත සහ අනුරයාපා වැනිජ්‍යෙෂ්ඨයන් රැසක් සිටින බවත්එම ලිපියේ වැඩිදුරටත් සඳහන්කර ඇතිඅතර අදාළ තීරණය ගැනීම සඳහා මහා මැතිවරණයෙන් පසුව ඔබගේසහයෝගය ලබාදෙන ලෙසද එහිසඳහන්ය. එසේම මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ සාමාජිකයන්කෙරෙහි වෛරයෙන් සහ ක්‍රෝධයෙන් පසුවන බව තමන්ටපෙනීයන්නේයැයි ද ජනාධිපතිවරයා අදාළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන්කර ඇත.


ජනාධිපතිවරයා සහ මහින්දරාජපක්ෂ මහතා අතර පැවති දීර්ඝකාලීන මිත්‍රත්වය බිඳ දැමුවේ බැසිල් රාජපක්ෂ මහතා විසින්බවදඑම ලිපියේ්වැඩිදුරටත් අවධාරණයකර ඇත.

 සම්පූර්ණ ලිපිය

හිතවත් මහින්ද රාජපක්ෂ මහත්මයාණෙනි,

දශක දෙකක් පුරා ජනාධිපතිවරණ හතරක් සහ මහ මැතිවරණ හතරක් ජයගත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ සන්ධානය, පසුගිය ජනවාරි 08 වැනිදා ඔබගේ නායකත්වය යටතේ පරාජයට පත් වී මාස හතක් ගෙවී ගොස් ඇති මේ අවස්ථාවේ දී මා ඔබ වෙත මෙම ලිපිය ලියන්නේ එම පක්ෂයේ සභාපතිවරයා වශයෙනි.

ඔබ මෙන්ම මමත් දේශපාලනයේ අත්පොත් තබමින් ජාතික දේශපාලනයට පිවිසියේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි. ඔබ දෙවරක්ම මේ රටේ විධායක ජනාධිපතිවරයා බවට පත් වන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත් ඒ කෙරෙහි විශ්වාසය තැබූ ඡුන්ද දායකයන්ටත් පින් සිදු වන්නටය. එහෙත් මා අද දවසේ ජනාධිපතිවරයා බවට පත්ව සිටින්නේ වෙනත් අයුරකිනි. ඒ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්ව. ඔබට එරෙහිව රට පුරා ගොඩනැගෙමින් තිබුණු ජනමතය සංවිධානය කොට ඊට නායකත්වය ලබා දී ඔබෙන් හා පක්ෂයෙන් ගිලිහෙමින් පැවති ජනාධිපති ධුරය යළිත් පක්ෂය තුළ රැුක ගැනීමෙනි. එම කාර්යයේ දී විපක්ෂයේ සියලූ පක්ෂ සහ කණ්ඩායම්වල පොදු එකඟතාව මා වෙත දිනා ගැනීම පසුපස පැවැති සාර්ථකත්වයේ රහස වූයේ ද ශ‍්‍රීලනිපය සහ මා අතර තිබූ අවියෝජනීය නොකිලිටි සහ හෘදයාංගම බැඳීමයි.

මැතිවරණ පරාජය අමිහිරි අත්දැකීමකි. එහෙත් ජනවාරි 08 වැනිදා ඔබ පරාජයට පත් වීමෙන් පසු ශ‍්‍රීලනිප කි‍්‍රයාකාරීන්ට 1977 සහ 2001 දී මෙන් පරාජයේ කටුක අත්දැකීම්වලට මුහුණ දීමට සිදු වූයේ නැත. ඒ ඔබේ පරාජයෙන් පසු ජනාධිපතිවරයා බවට පත් වූයේ, වසර 48ක් පුරා ශ‍්‍රීලනිප සාමාජිකයකු ද වසර 13ක් පක්ෂයේ ප‍්‍රධාන ලේකම් ධුරය ද දැරූ මා වීම හේතුවෙනි. අප පක්ෂ සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරනු වස්, සියලූ ආකාරයේ මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වහා මැඩලීමට මම කි‍්‍රයා කළෙමි. යම් ලෙසකින්, මෛත‍්‍රීපාල සිරිසේන නොවන අයකු පොදු අපේක්ෂකයා වී ඔබට එරෙහිව තරග කොට ඔබ පරාජයට පත් වූයේ නම්, එවිට ඔබට හා ශ‍්‍රීලනිප පාක්ෂිකයන්ට අත්විඳීමට තිබූ ඉරණම කුමක්ද යන්න සිතා බලන ලෙස මම ඔබට යෝජනා කරමි.

එබැවින්, මා නැවත අවධාරණය කරන්නේ මාගේ ජයග‍්‍රහණය හමුවේ ශ‍්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමට මෙන්ම පළාත් සභා හා පළාත් පාලන නියෝජිතයන්ගේ සිට ගමේ ශාඛා සමිතියේ ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරිකයා දක්වා සියලූ දෙනාටම මා පූර්ණ දේශපාලන ආරක්ෂාව සපයා ඇති බවයි. තවද, ජනවාරි 08 වැනිදා මා ජනාධිපති ධුරයේ දිවුරුම් දී ඉන්අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ නම් අද වන විට ශ‍්‍රීලනිපයේ සියලූ ජනතා නියෝජිතයින් සහ බිම් මට්ටමේ ශ‍්‍රීලනිප ක‍්‍රියාකාරිකයන් දක්වා වූ පාක්ෂිකයින්ට අත්වීමට නියමිතව තිබූ ඉරණම කුමක්දැයි ඔබම නිශ්චය කළ යුතුය.

2005 නොවැම්බරයේ ජනාධිපති ධුරයට පත්වන තෙක් පැමිණි ගමන් මෙඟ් දී ඔබ මුහුණ දුන් තීරණාත්මක අවස්ථාවන් ගණනාවකදීම ඔබ වෙනුවෙන් මා පෙනී සිටි ආකාරය ඔබට කිසි ලෙසකින් හෝ අමතක විය හැකිද? 2004 මහ මැතිවරණයෙන් පසුව ඔබ අගමැති කරවීම සඳහා මා ගත් අසීමිත උත්සාහය කෙබඳුදැයි ඔබට අමතක වීමට හේතුවක් නැත. එම අවස්ථාවේ දී ඔබ අගමැති ධුරයට පත්වීම වැළැක්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණ ශක්තිය යොදවමින් විමල් වීරවංශ මහතා ගෙන ගිය කඩාකප්පල්කාරී මෙහෙයුමට එරෙහිව මම ඔබ සමඟ සිටියෙමි. 2005 වසරේ පැවති ජනාධිපතිවරණයේ දී අප පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඔබ නම් කිරීම සම්බන්ධයෙන් ඇති වූ දැඩි අර්බුදය අවස්ථාවේ දී ද මම ඔබ වෙනුවෙන් පෙනී සිටියෙමි. පක්ෂයේ ලේකම්වරයා වූ මා, ඔබට එම අපේක්ෂකත්වය ලබා දීමට ධෛර්යයෙන් හා වගකීමෙන් කටයුතු කරද්දී අද ඔබ සෙවණේ සිටින බොහෝ දෙනා රනිල් වික‍්‍රමසිංහ මහතා සමඟ කේවල් කරමින් සිටියේ ඔහු ජයග‍්‍රහණය කළ පසු නව එජාප ආණ්ඩුවෙන් ලබා ගන්නා අමාත්‍ය ධුර පිළිබඳවයි.

ශ‍්‍රීලනිපයේ ජ්‍යේෂ්ඨ සගයන් දෙදෙනකු වශයෙන් අප දෙදෙනා අතර දීර්ඝකාලීනව පැවති දේශපාලන මිත‍්‍රත්වය බිඳ වැටීමට බැසිල් රාජපක්ෂ මහතාගේ නොමනා ක‍්‍රියා සහ හැසිරීම් ද හේතු වූ බව ඔබ ද හොඳින් දන්නා කරුණකි. ඔහු මෛත‍්‍රීපාල සිරිසේන විරෝධී ප‍්‍රතිපත්තියක් අනුගමනය කරමින් මා දේශපාලනයෙන් ඉවත් කිරීමටත් මා අසාර්ථක දේශපාලනඥයකු යැයි පෙන්වීමටත් ගත් නිරර්ථක උත්සාහය අවසන් වූයේ එය ඔබ සියලූ දෙනාටම පාරා වළල්ලක් බවට පත්වීමෙනි. බැසිල් රාජපක්ෂ මහතා මාගේ දේශපාලනයට දිගින් දිගටම අකුල් හෙළමින් සිටි අවස්ථාවේ, ඊට මැදිහත් වී මාගේ ස්වාධීනත්වය ආරක්ෂා කර දීමට තරම් නිහතමානීත්වයක් ඔබ සතුව තිබෙනු ඇතැයි යන්න මාගේ බලාපොරොත්තුව විය. එහෙත් එම නිහතමානීත්වය ප‍්‍රදර්ශනය කිරීමට පසුගිය නොවැම්බර් 21 වනදා මා පොදු අපේක්ෂකයා ලෙස පත්වන තුරුම ඔබ අපොහොසත් විය.

පසුගිය මාස 07 තුළ ඔබ හා මා මුණගැසුණු අවස්ථා තුනෙහිදීත් ඔබ කුරුණෑගල දිස්ත‍්‍රික්කයෙන් නාම යෝජනා අත්සන් කිරීමට දෙදිනකට පෙර අප දෙදෙන අතර සිදු වූ දුරකථන සංවාදයේදීත් මෙම මහ මැතිවරණයට ඔබ තරග නොකළ යුතු බව මා අවධාරණය කළේ මහ මැතිවරණය මෙහෙයවීමේ සහ එය ජය ගැනීමේ වගකීම භාර ගැනීමට මා සූදානම්ව සිටි නිසාය. එහෙත් ඔබ මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා අත්සන් කිරීමත් සමඟම රටට අලූතින් පත් වූ ජනාධිපතිවරයා මෙන්ම ශ‍්‍රීලනිපයේ සභාපතිවරයා ද වශයෙන් මාගේ එම බලාපොරොත්තුව ගිලිහී ගියේය. ඔබ මෙවර මහ මැතිවරණයට තරග නොකළේ නම්, පසුගිය ජනාධිපතිවරණයේ දී මගේ ජයග‍්‍රහණය තහවුරු කිරීමට කැප වී ක‍්‍රියා කළ දමිළ, මුස්ලිම් දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, නාගරික මධ්‍යම පන්තිය, වෘත්තිකයන් හා නව පරපුරේ තරුණ තරුණියන් ඇතුළු බොහෝ පාර්ශ්වයන්ගේ විශ්වාසය යළිත් ශ‍්‍රීලනිපය වෙත ලබා ගැනීම සඳහා මූලිකත්වය ගැනීමට මට හැකියාව තිබිණි.


මහ මැතිවරණයට ඔබ ඉදිරිපත් වීම නුසුදුසු යැයි යෝජනා කළ මා තුළ ඔබ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කර තැබීමේ අපේක්ෂාවක් හෝ අවශ්‍යතාවක් නොතිබිණි. ඒ වෙනුවට ඔබ හට ගෞරවාන්විත දේශපාලන පැවැත්මක් ලබා දෙනු පිණිස සුදුසු ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදනයක් මම යෝජනා කළෙමි. ඔබගේ පවුලේ බොහෝ සාමාජිකයන් ඊට එකඟ වූ බවත් මම දනිමි. එහෙත් ඒ සියල්ල ඔබ ප‍්‍රතික්ෂේප කළේ, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබඳ කිසිදු ආදරයක් හෝ හැඟීමක් නොමැති, එක්සත් ජනතා නිදහස් සන්ධානය හරහා පමණක් අප පක්ෂය සමඟ සම්බන්ධකම් ගොඩ නගා ගෙන ඇති කුඩා දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සිරකරුවකු බවට ඔබ පත් වූ හෙයිනි. එම කුඩා කල්ලි සහ කණ්ඩායම් ඔබෙන් අපේක්ෂා කළේ ඔබ සතු යැයි පෙනුණු ඡුන්දමය වටිනාකම සූරාකමින් තමන් හට පාර්ලිමේන්තුවේ අසුනක් සහතික කර ගැනීම පමණි. වසර 64ක ඉතිහාසයකට හිමිකම් කියන, එමෙන්ම නිදහසින් පසු වැඩිම කලක්, එනම් පුරා වසර 35ක් මෙරට පාලනය කළ යෝධ ශ‍්‍රීලනිපය එවැනි පටු පරමාර්ථ සහිත කුඩා කල්ලි සහ කණ්ඩායම්වල ග‍්‍රහණයට නතු වීමට ඉඩ ලබා දීමේ වගකීම ඔබ භාර ගත යුතුය. මේ තත්ත්වය තුළ අප පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් බොහෝ දෙනෙක් දිස්ත‍්‍රික් මට්ටමේ මනාප තරගයේ දී මෙම දේශපාලන අවස්ථාවාදීන් ඉදිරියේ බෙලහීනත්වයට පත්ව ඇති ආකාරය කනගාටුදායකය. ශ‍්‍රීලනිප පාක්ෂිකයාගේ ඡුන්දය සහ මනාපය නැති දා කිසිදු දේශපාලන පැවැත්මක් නැති, ඇතැම් කුඩා කල්ලි හා කණ්ඩායම්වලට මෙම මහා පක්ෂයේ ගමන් මඟ නිර්ණය කිරීමට ඔබ ලබා දී ඇති අයිතිය වහා නිමා කළ යුතුය.


ශ‍්‍රීලනිපයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමා 1951 වසරේ දී පක්ෂයේ ප‍්‍රථම නිලධාරි මණ්ඩලයට, අප රටේ වාර්ගික, ආගමික සහ සමාජ යථාර්ථය පූර්ණ වශයෙන් නියෝජනය වන පරිදි බර්නාඞ් අලූවිහාරේ, බද්දුදීන් මොහොමඞ් සහ තංගරාජා වැනි සමාජ සම්භාවනාවට පත් වූවන් පක්ෂයේ නිලතලවලට පත් කිරීමට තරම් විචක්ෂණ විය. 1956 දී ශ‍්‍රීලනිපය
වාර්ගික සහ ආගමික නැඹුරුවක් සහිත පක්ෂයක් යැයි යම් අදහසක් ගොඩනැගුණ ද ඉන්පසු යුගයේ, විශේෂයෙන්ම බණ්ඩාරනායක මැතිණිය සහ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය පක්ෂයට නායකත්වය දුන් සමයේ, අප පක්ෂය ශ‍්‍රී ලංකාවේ වාර්ගික, ආගමික සහ සමාජීය බහුවිධත්වයට අනුකූල, සියලූ ජනවර්ග සහ ආගමික කණ්ඩායම් නියෝජනය කරන ප‍්‍රගතිශීලී සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයක් ලෙස ගොඩනැගුණි. එහෙත් ඔබ ශ‍්‍රීලනිපයට නායකත්වය දුන් පසුගිය වසර නවය තුළ මෙම පක්ෂය ශ‍්‍රී ලංකාවේ සමාජ යථාර්ථය වන බහුවිධත්වයට පිටු පෑ පක්ෂයක් බවට පත්ව ඇත. ජනවාරි 08 ඔබට අත්වූ පරාජය පිටුපස ද ඔබ විසින්ම ඇවිළ වූ මේ අන්තවාදයේ ගිනි දලූ ඔබට එරෙහිව ක‍්‍රියාත්මක වූ ආකාරය ඔබ නොදුටුවේද? එනම්, ශ‍්‍රීලනිපය වේගයෙන් සිංහල-බෞද්ධ ජන පදනම පමණක් නියෝජනය කරන පක්ෂයක් බවට පරිවර්තනය වීමයි. මෙවන් අන්තවාදයක ගැලීම ශ‍්‍රීලනිපය වැනි ශ්‍රේෂ්ඨ පක්ෂයකට තරම් නොවේ. අප පක්ෂය ඒ පටු දැක්මෙන් මුදවා ගැනීමට නම්, ශ‍්‍රීලනිපය යනු එක් ජන වර්ගයක හෝ එක් ආගමික කණ්ඩායමක පක්ෂයක් ලෙස නොව සමස්ත ශ‍්‍රී ලාංකික ජාතියම නියෝජනය කරන පක්ෂයක් ලෙස යළි ගොඩනැගීමේ අභියෝගය දැන් මා ඉදිරියේ තිබේ. එහෙත් ඔබ වටා රොක් වී සිිටින්නේ වර්ගවාදය අවුළුවා තම මනාප ගොඩ තර කර ගැනීමට මාන බලන පිරිසක් නොවේද? සැබැවින්ම මේ වර්ගවාදීන් පිරිස ශ‍්‍රීලනිප සාමාජිකයන් නොවේ. ඔවුන්ට අවශ්‍ය ලෙස පක්ෂයත් පාක්ෂිකයාත් හැසිරවීමට ඉඩ නොතැබිය යුතුය.


ජනාධිපතිවරයා වශයෙන් සිටි අවධියේ ඔබ පුන පුනා ප‍්‍රකාශ කළේ, මේ රටේ මහ ජාතිය සහ සුළු ජාතිය වශයෙන් ජන කොටස් දෙකක් නොමැති බවයි. එහෙත් පසුගිය ජනාධිපතිවරණය ආරම්භයේ සිට 2015 අගෝස්තු 12 දින ජාතික පුවත්පතකට ඔබ විසින් ලබා දී ඇති සම්මුඛ සාකච්ඡුාව දක්වා වූ බොහෝ අවස්ථාවල ඔබ මෙන්ම ඔබ වෙනුවෙන් පෙනී සිටින්නන්ගෙන් ද ප‍්‍රකාශ වන්නේ උග‍්‍ර වර්ගවාදයකි. මා අදහස බුදු දහම අනුව ද අනෙකුත් සියලූ ආගම් අනුව ද මෙසේ වර්ගවාදය පැතිරවීම අනුමත නොකළ හැකි ක‍්‍රියාවකි. එමෙන්ම එය කිසිදු මානවවාදී දර්ශනයක් මඟින් හෝ අනුමත නොකරන්නකි. තවද, මේ රටේ දමිළ හා මුස්ලිම් පුරවැසියන් මා කෙරෙහි විශ්වාසයක් තබා ඇති මේ අවස්ථාවේ දී එළැඹෙන අගෝස්තු 17 වනදා පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේ දී ශ‍්‍රීලනිපය මෙහෙයවීම මවිසින් සිදු කෙරුණේ නම්, ඉතිහාසයේ මෙතෙක් සිදු නොවුණු පරිදි සිංහල, දෙමළ සහ මුස්ලිම් ඇතුළු සියලූ ජන වර්ගවල විශ්වාසය හා සහයෝගය අප පක්ෂය වෙත නිසැක වශයෙන් ලබා ගැනීමට අවකාශය තිබෙන බව මා යළි අවධාරණය කරමි. 21 වන සියවසේ අභියෝග ජයගන්නා ජාතික
ඒකාග‍්‍රතාවෙන් සහ වාර්ගික සංහිඳියාවෙන් සපිරුණු නූතන ශ‍්‍රී ලාංකේය ජාතිකත්වය ගොඩනැගිය යුතු මොහොතක, ජාතිවාදයේ ගිනි දලූ අවුළුවා ඉන් පටු දේශපාලන වාසි ලබා ගැනීමට තැත් කිරීම රටටත් පක්ෂයටත් කරන අපරාධයකි.


නාම යෝජනා පිළිබඳ ගැටලූව උද්ගත වූ අවස්ථාවේ දී පක්ෂයේ සභාපතිවරයා මෙන්ම ජනාධිපතිවරයා ලෙස මා ඉදිරියේ පැවති ප‍්‍රධාන අභියෝගය වූයේ මේ මහා පක්ෂය නොකඩා ඉදිරියට පවත්වා ගැනීමයි. ද්වි - පක්ෂ ක‍්‍රමයක් කි‍්‍රයාත්මක අප රටෙහි එක් පක්ෂයක් දෙකඩ වී දුර්වල වූ විට ඉන් අත්වන අනිටු ප‍්‍රතිඵල ගැන ඔබ ද හොඳින් දන්නවා ඇතැයි මම සිතමි. ඒ නිසාම ඕනෑම සුළු සිද්ධියක් මත පවා ශ‍්‍රීලනිපය දෙකඩ කර වෙනම නාම යෝජනා භාර දීමට ඔබ හා ඔබේ කණ්ඩායම සූදානම්ව සිටි අවස්ථාවේ පක්ෂයේ ඒකාග‍්‍රතාව රැුක ගැනීම පිණිස මම සිතා මතාම පසු බැස්සෙමි. ගම්පහ දිස්ත‍්‍රික් නාම යෝජනා සකසන අවස්ථාවේ දී රණතුංග පවුලේ තිදෙනකුට නාම යෝජනා ලබාදීම ප‍්‍රායෝගික නොවන තත්ත්වයක් තුළ, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා සිය නාමයෝජනාව ඉවත් කර ගනු ඇතැයි මම අපේක්ෂා කළෙමි. එහෙත්, අවාසනාව නම් මේ සම්බන්ධයෙන් ඔබගේ ස්ථාවරය වී තිබුණේ මහ ඇමැතිවරයාට නාම යෝජනා නොලැබෙන්නේ නම් ඔබ ශ‍්‍රීලනිපයෙන් ඉවත්ව වෙනම තරග කරන බවයි. ඒ අනුව රණතුංග පවුලේ එක් සාමාජිකයකු ශ‍්‍රීලනිපයෙන් ඉවත්ව එජාපය හා සම්බන්ධ වෙද්දී ද ඔබට ජය ලබා දී මම නිහඬ වීමි. වසර හැට හතරක් පුරා වර්ධනය වූ පක්ෂයක් එක් පුද්ගලයකුගේ නාම යෝජනාවක් වටා ගෙතුණු ප‍්‍රශ්නයක් මුල් කොටගෙන දෙකඩ වීම වළකා ගැනීමට හැකි වූයේ එසේ උපක‍්‍රමිකව පසුබැස යාමට මා ගත් තීරණය හේතුවෙන් බව කිව යුතුය.
ජාතික ආණ්ඩු සංකල්පය මාගේ තනි යෝජනාවක් නොවේ. එම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ දී, ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවත් පාර්ලිමේන්තු කණ්ඩායමත් ඊට පූර්ණ අනුමැතිය ලබා දුන්නේය. ඒ අනුව පිහිටවූ ජාතික ආණ්ඩුවේ ඇමැති ධුර ලබා ගත් අප පක්ෂයේ මන්ත‍්‍රීවරුන් හට, ඔබගේ අනුගාමිකයන් යැයි කියා ගන්නා පිරිස් දැඩි ප‍්‍රහාරයක් එල්ල කරමින් සිටී. එය හුදෙක් මනාප පොරයකි. මේ සම්බන්ධයෙන් මා දන්නා සත්‍ය කතාව ඔබට කීම මාගේ යුතුකමයි. ඔබ තුළ ඉතිරි වී ඇති ඡුන්දමය වටිනාකම හෙවත් අවසන් දේශපාලන ලේ බිඳුව සාහසික ලෙස උරා බීමේ ක‍්‍රෑර අරමුණින් ඔබ වඩා එක් රොක්ව, ඔබේ ගුණ ගයමින් සිටින පිරිස් රහසින් දුරකථන ඇමතුම් දෙමින්, මුණගැසෙමින් සහ ¥තයින් අත පණිවුඩ එවමින් මා හට කියා සිටින්නේ, මහ මැතිවරණයෙන් පසුව මා සමඟ දේශපාලනය කිරීමට ඔවුන් ඉත සිතින් සූදානම් බවත් ඔවුන්ගේ දේශපාලන අනාගතය රැුකගත හැකි වන පරිදි කුමක් හෝ ඇමැති ධුරයක් ලබා දෙන ලෙසත්ය. මෙලෙස, අවස්ථාවාදී ලෙස කි‍්‍රයා කරන අතරම ඔබට හිතවත් බවට වංචනිකව ඔබ ඉදිරියේ පෙනී සිටින පිරිස්, ජාතික ආණ්ඩුවේ අමාත්‍ය ධුර ලබා මේ වන විට මහ මැතිවරණය තරග කරන අප පක්ෂයේ අපේක්ෂකයන් ජනතා හතුරන් සේ පෙන්වා ඔවුන් කෙරෙහි පවතින ජනතා විශ්වාසය බිඳ දැමීමට කටයුතු කරමින් සිටිති. එක් අතකින් පක්ෂය තුළ ඊනියා බෙදීමක් හුවා දක්වන ඔවුන් මහ මැතිවරණය ආසන්න වෙත්ම සන්ධානයේ ප‍්‍රචාරක කටයුතු සඳහා මාගේ ඡුායාරූපය භාවිත කරන ආකාරය දෙස මම උපේක්ෂා සහගතව බලා සිටිමි. ඔබත්, ඔබේ නමත්, ප‍්‍රතිරූපයත් කුණු කොල්ලයට ලන්සු තබන මෙම මනාප මාෆියාව තවදුරටත් පැවතුණහොත්, එජනිසයේ පරාජය ලියැවෙන්නේ ඒ මත විය හැකිය.


ඔබ මා සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව කියැවෙන ප‍්‍රවෘත්තියක් මෑතක දී ජනමාධ්‍ය මඟින් වාර්තා කෙරිණි. ඔබට එවැනි අපේක්ෂාවක් තිබේ නම්, ඒ පිළිබඳ මා ඔබට අවධාරණය කළ යුතු විශේෂ කරුණක් තිබේ. ඔබ විසින් අත්තනෝමතිකව සම්මත කර ගන්නට යෙදුණු 18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් මුළු මහත් රටේ ද ජනතාවගේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස සහ අයිතිය සාහසික ලෙස මර්දනය විය. එපමණක් ද නොව ශ‍්‍රීලනිපයේ ජීවගුණය වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මුහුණුවර කෙලෙසුණු අතර පක්ෂයේ
ජ්‍යේෂ්ඨයන් ගණනාවකටම විශාල අසාධාරණයක් සිදුවිය.

සදාකාලිකව ජනාධිපති ධුරයේ රැුඳී සිටීම පිණිස ඔබ ජනතාවගේ නිදහස සහ අභිමානයත් පක්ෂයේ සහ පක්ෂය වෙනුවෙන් කැප වූ ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයන්ගේ දේශපාලන අනාගතයත් උදුරා ගත් ආකාරය අවිචාරවත්ය. ඔබට පෙර සිටි ජනාධිපතිවරුන් මෙන්, ධුර කාල දෙක නිමවා ඔබත් විශ‍්‍රාම ගියේ නම්, අප පක්ෂයේ ජ්‍යේෂ්ඨයන් අතරින් එක් අයකු හට ජනාධිපති වීමටත් තවත් අයකු හට අගමැති වීමටත් අවස්ථාව උදා වන්නට ඉඩ තිබිණි. දැන් පෙනී යන්නේ ඔබ මෙම මැතිවරණයෙන් පසුව ද ඔවුන් හට හිමි විය යුතු අවස්ථා අහිමි කිරීමට සැරසෙන බවයි. ඔවුන්ට දැන්වත් නිසි තැන හිමි විය යුතු නොවේද? එළඹෙන මැතිවරණයේ දී ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය අවම ආසන සංඛ්‍යාව වන ආසන 113 සීමාවට ළඟා වීමට එජනිසයට හැකි වුවහොත් අගමැති ලෙස පත් විය යුත්තේ මෙතෙක් අවස්ථාව අහිමි වූ ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨ නායකයකු බව මම විශ්වාස කරමි. යම් හෙයකින් එජනිසයට 113 සීමාව වෙත ළඟා වීමට නොහැකි වී, ඒ ආසන්නයට පමණක් ළඟා වීමට හැකි වුවහොත් ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ඉතිරි ආසන සංඛ්‍යාව ලබා ගැනීම සඳහා විධායක ජනාධිපතිවරයා ලෙස මා හට මැදිහත් විය හැකිය. එවිට ද අගමැති විය යුත්තේ ඔබ නොව පක්ෂයේ වෙනත් ජ්‍යේෂ්ඨ නායකයෙකි. අප පක්ෂයේ සැබෑ ශක්තිය නම්, එය, අගමැති ධුරය හෙබවීමට තරම් කෘතහස්ථ බවත් දේශපාලන පරිණත බවත් ¥රදර්ශී බවත් සපිරි නායකයන් ගණනාවකගෙන් සැදුම්ලත් මේ රටේ එකම දේශපාලන පක්ෂය වීමයි. නිමල් සිරිපාල ද සිල්වා ජෝන් සෙනවිරත්න, චමල් රාජපක්ෂ, ආතාවුද සෙනවිරත්න, ඒ.එච්.එම්. ෆවුසි, සුසිල් පේ‍්‍රම්ජයන්ත් සහ අනුර ප‍්‍රියදර්ශන යාපා වැනි ජ්‍යේෂ්ට නායකයන් අතුරින් කෙනෙකු මෙම මහ මැතිවරණයෙන් පසුව අගමැති ධුරයට පත් කිරීමට ඔබගේ සහයෝගය, නම්‍යශීලීභාවය, පරිත්‍යාගශීලීභාවය සහ ආශිර්වාදය ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරන මෙන් රටේත්, ජනතාවගේත් ශ‍්‍රීලනිපයේත් නාමයෙන් මම ඔබෙන් උදක්ම ඉල්ලා සිටිමි.


ඉකුත් ජනවාරි 08 වැනිදා පරාජයට පත් වූ අවස්ථාවේ සිට අද වන තෙක් ඔබ රට පුරා පන්සලෙන් පන්සලට ගිය ආකාරයත්, වාර ගණනක්, ඊට මාධ්‍ය ආවරණ ලබා ගැනීමට කටයුතු කළ ආකාරයත් සැබැවින්ම හාස්‍යජනකය. 2010 ජනවාරි 26 දින සිට 2014 නොවැම්බර් 21 වැනිදා දක්වා ඔබ සිතූ පැතූ ආකාරයත් හැසිරුණු ආකාරයත් මා හොඳින් දන්නා බැවින්, පසුගිය මාස හයක පමණ කාලය තුළ නිරන්තරයෙන් පන්සල් යාම මඟින් හෝ ඔබ තුළ දැහැමි සිතිවිලි ගොඩනැගී ඇත්දැයි මට සැක සහිතය. ඒ මන්ද යත් ඔබ පෞද්ගලික මට්ටමින් අපගේ පක්ෂ සාමාජිකයන් සමඟ සිදු කරන සාකච්ඡුාවල දී ඔබ කෙරෙන් පළ වන්නේ වෛරය, ක්‍රෝධය, ද්වේශය සහ ඉහවහා ගිය මමත්වය පිරි ප‍්‍රකාශ බව වාර්තා වන හෙයිනි.


මෙම තත්ත්වය තුළ, පක්ෂයේත් රටේත් සුබසිද්ධිය උදෙසා, ඉදිරි මහ මැතිවරණ දිනය තෙක් හදවතින් නොව බුද්ධියෙන් කටයුතු කරන මෙන් ද ජාතිවාදය අවුළුවාලන ප‍්‍රකාශ නොකරන මෙන් ද පක්ෂය තුළ ඊනියා බෙදීම් වර්ධනය වීමට ඉඩ නොතබන මෙන් ද ඉල්ලා සිටින අතර එමඟින් එජනිසයට වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව සැලසෙන ආකාරයෙන් කි‍්‍රයා කරන මෙන් ඔබගෙන් ඉල්ලා සිටිමි.

 


12345

 

Last modified on Thursday, 13 August 2015 20:52

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us