ක්‍රීඩාවට ක්‍රීඩකයකු ලැබීම සුභ ලකුණකි

Published in පුවත්
Saturday, 05 September 2015 09:54

දයාසිරි ජයසේකර මහතා නව ක්‍රීඩා ඇමැති ලෙස ඊයේ දිවුරුම් දුන්නේය. දයාසිරි ජයසේකර මහතා මෙරට ක්‍රීඩාවේ ප්‍රධාන පාලක තනතුරට අමුත්තෙකු වූවද පාසල් දිවියේදී ක්‍රීඩාවේ ඉතා දක්ෂයෙකි. කුඩා කළ බාලදක්ෂයෙකි. ඒ, හෙට්ටිපොල කනිෂ්ඨ පාසලේ සිප්සතර හදාරණ අවධියේය.

එම පාසලේදී පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළින්ම සමත් වූ ජයසේකර මහතා ඉන්පසුව ටික කලකට මීගමුව හරිස්චන්ද්‍ර විදුහලට ඇතුළත් විය. ඉක්බිති නාරම්මල මයුරපාද මැදි විදුහලට ඇතුළත් වූ ඒ මහතා එහිදී අ.පො.ස. සාමාන්‍ය පෙල හා උසස් පෙල සමත් වූයේ සෑම වසරකම වාර අවසාන විභාගවලදී ප්‍රථම ස්ථානයට පත්වෙමිණි.

දයාසිරි ජයසේකර ක්‍රීඩා දිවිය අරඹන්නේ නාරම්මල මයුරපාද මධ්‍ය විදුහලෙනි. එම විදුහලේ වයස අවුරුදු 13න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වන ඔහු වොලිබෝල් ක්‍රීඩාවේ සමර්ථයෙකුද වෙයි.

යෞවනයට පිවිසෙමින් සිටින දයාසිරි ජයසේකරගේ ක්‍රීඩාව පාසල් ක්‍රිකට් තරග බිමෙන් නතර නොවේ. ඔහු, මලල ක්‍රීඩාවේ ජවන පමණක් නොව පිටිය ඉසව්වලටද පිවිසෙමින් කැපී පෙනෙන දස්කම් ප්‍රදර්ශනය කරයි. කලාපීය මට්ටමේ ප්‍රධාන මලල ක්‍රීඩා පිටියට පිවිසෙන ඔහු එහිදී මීටර 100, 200, කවපෙත්ත විසි කිරීම හා යගුලිය දැමීම ඉසව්වල ජයග්‍රහණ වාර්තා කරයි. මයුරපාද කෙඩෙට් කෝප්ස් සාමාජිකත්වයේ පෙරමුණේ ම සිටි දයාසිරි ජයසේකර විශිෂ්ට දක්ෂතා දක්වන්නේ අනුරාධපුර, මහනුවර කිංග්ස්වුඩ් විදුහල හා මීගලව පැවැති කඳවුරුවලදී හයවැනියට හොඳම කණ්ඩායම් කෙඩෙට් කෝප්ස් සැරයන් බවට පත්වෙමිනි.

රණකාමීයෙකු වන දයාසිරි ජයසේකර සටන් කලාවේද ශූරයෙකි. ජයන්ත අබේකෝන් හා සීවලී වික්‍රමාරච්චි යන මාස්ටර්වරුන්ගේ දක්ෂ ‘කුන්ගු ෆු’ ගෝලයෙකි. වාග් ප්‍රහාරයේද පෙලහර පාමින් සරසවියට පිවිසෙන දයාසිරි ජයසේකර මහතා එහිදී නීතිඥ පීඨ ක්‍රිකට් කණ්ඩායමේ නායකයා වෙයි. සිය මලල ක්‍රීඩා හැකියාවන් අමතක නොකරමින් අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත විසිකිරීම ඉසව්ව ජයග්‍රහණය කරයි.

වාග් ප්‍රහාරයේද අති දක්ෂයෙකු වෙමින් මෙරට ක්‍රීඩාවේ එක් ප්‍රධානතම පෙර ගමන්කරුවකු ලෙසින් සමාජගත වන දයාසිරි ජයසේකර මහතා කලාකාමී ප්‍රජාවගේද සමීපතමයෙකි. ඒ ගායනයෙනි. සංගීතය අගය කරමිණි.

මේ සියල්ල එකට කැටිකර ගත්කළ මෙරට ක්‍රීඩා ක්ෂේත්‍රයේ ලොකු පුටුවට පත්ව සිටින්නේ අපූරු මිනිසෙකි. කලාවටත් ලැදි...සටනටත් කැමැති මිනිසා සැමවිටම අති සුන්දර වෙයි!

 

dinamina

Last modified on Saturday, 05 September 2015 10:02

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us