මානව හිමිකම් සමුළුව ඇරඹේ .. යුධ අපරාධ ??

Published in පුවත්
Monday, 14 September 2015 11:58

Juniwaස්විට්සර්ලන්තයේ ජීනිවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසිවාරය අද (14) ආරම්භ වෙයි.ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ඊට සහභාගි වීමට විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත දූත පිරිසක් මේ වන විටත් ජිනීවා නුවරට ගොස් සිටිති.

ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංගණය වීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාව මෙම සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ අතර සැසිවාරයට සහභාගිවීම සඳහා ජීනිවා නුවරට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් සෙයිඞ් අල් හුසේන් අතර සාකච්ඡාවක් ඊයේ ( 13) පැවැත්වුණි.

ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සැකසූ වාර්තාව පිළිබඳව මෙහිදී සාකච්ඡා කර ඇත.අදාළ වාර්තාව ශී‍්‍ර ලංකා රජයට භාරදී ඇති බව විදෙස් පුවත් වාර්තා ඊයේ (13) වාර්තා කර තිබේ. වාර්තාව සඳහා ප‍්‍රතිචාර දැක්වීමට දින 5ක කාලයක් ලබාදී ඇති අතර මානව හිමිකම් සමුළුව අවසානයේදී වාර්තාව සම්බන්ධයෙන් වන ශී‍්‍ර ලංකා ප‍්‍රතිචාරය ඉදිරිපත් කළ යුතුව ඇත.


මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ අවසන් සැසිවාරයට සහභාගි වූ ශී‍්‍ර ලංකා දූත පිරිසේ සාමාජිකයෙකු වන ආචාර්ය ප‍්‍රතිභා මහානාම හේවා මහතා පැවසුවේ ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාවේ ස්ථාවරය යම් මට්ටමකින් වෙනස් වී ඇති බවය,. කෙසේ වෙතත් ශී‍්‍ර ලංකාවේ සිදු වූ බව කියන මානව හිමිකම් උල්ලංගණයවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් පැවැත්වීම අමෙරිකාවේ උත්සහය වී ඇතැයිද ප‍්‍රතිභා මහානාම හේවා මහතා කියා සිටියේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us