ඩිල්ෂාන්ට මඩ ගහනවා හැර වෙන කළ හැකි දෙයක් තිබේද ?

Published in පුවත්
Tuesday, 15 September 2015 09:23

හිටපු ක්‍රිකට් නායක හා සුපිරි පිතිකරු තිලකරත්න ඩිල්ෂාන්, පෙර විවාහයේ දරුවා වෙනුවෙන් වසර තුනක කාලයක් ජීවිත රක්ෂණ වාරික නොගෙවීම හා මාසිකව ගෙවන රුපියල් විසිදහසක නඩත්තු නොගෙවීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අල්ලාගෙන ඔහුට, වෙබ් අඩවි මඟින් මඩ ගසන බව, ඩිල්ෂාන්ගේ නීතීඥයන් අධිකරණය හමුවේ පැවැසීමේදී ඊට විනිසුරුවරයා සිනහවකින් සංග්‍රහ කර ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධ නඩුව අළුත්කඩේ අංක 09 අධිකරණයේදී කැඳවූ අවස්ථාවේදී තිලකරත්න ඩිල්ෂාන් වසර 2012/13 කාලයේදී රුපියල් මිලියන 150ක පමණ මුදලක් ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයාගෙන ඇතැයි ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ නිලධාරිනිය විසින් අධිකරණයේදී පැවසුවාය.

කෙසේවුවද ඩිල්ෂාන්ගේ නීතීඥවරයන් අධිකරණයට දන්වා සිටියේ එතරම් මුදලක් ඩිල්ෂාන් උපයා නොමැති බවයි. ඩිල්ෂාන්ගේ දරුවා වෙනුවෙන් ඩිල්ෂාන් පළමු විවාහයේ බිරිය වන නිලංකා විතානගේ මේ නඩුව පවරා තිබේ.

තිලකරත්න ඩිල්ෂාන් හා ඔහුගේ වත්මන් බිරිඳ පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔවුන්ගේ පෞද්ගලික ධනයෙන් මිලියන ගනනක් වැය කළ බවද වාර්තා වී තිබිණි.

කොහොම නමුත් තමුන්ට පහසු හැකියාවක් තිබියදී තමන්ට ජාතක වූ දරුවාට නඩත්තු මුදල නොගෙවා කර අරින මේ කෝටිපති තාත්තාට මඩ හැරෙන්නට ගැසිය යුතු වෙන යමක් තිබේ නම් ඒ අසූචිය.

Last modified on Tuesday, 15 September 2015 09:42

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us