ධර්මපාල කියන්නේ පට්ට ජාතිවාදියෙක් තමයි !

Published in පුවත්
Thursday, 17 September 2015 09:21

'සිංහලයිනි නැගිටියව්,බෞද්ධයිනි අවදිවව්' යැයි කියමින් අන් ජාතින් ආගම් අපහාසය උපසායට ලක් කළ අනගාරික ධර්මපාල නමින් පෙනී සිටි පුද්ගලයා සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපතිවරයා විසින් මතු කළ අදහස විවේචනයට ලක් කරමින්, මෙරට ඉතුරු වී සිටින ජාතිවාදී ආගම්වාදී ගොත්‍රිකයන් පිරිස කුලප්පු වී සිටී.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡා, නිවේදන නිකුත් කරමින් ජනාධිපතිවරයා මතු කළ අදහස් අභියෝගයටද ලක් කරමින් තිබේ. ඔවුන් දිගින් දිගටම කියන්නේ ධර්මපාල ජාතිවාදියකු බවත් ආගාම්වාදියකු බවත්ය.

අපි කියන්නේත් ඒ එසේම බවය. රට අද මේ රට විනාශය කරා තල්ලු කර දැමීමේ එක් මූලික වග උත්තර කරුවකු වන්නේ මේ ධර්මපාල උන්නැහේය. ඔහුව ජාතිවාදියකු නොවන බවට හැ‍ඟෙන සේ ජනාධිපතිවරයා මතු කළ අදහසට අපද විරුද්ධය. මේ ජාතිවාදී ගොත්‍රිකයන්ගේ වුවමනාවන් තවදුරටත් ඔසවා තැබීම නොකළ යුතුය. මේ ඉතිහාසයෙන් මකා දැමිය යුතු අපතයන්ය. මේ ගෝත්‍රික වීරයෝ මිසක ජාතික වීරයන් නොවෙති.

මේ නිසා ජනාධිපතිවරයා මෙහිදි සිදු කරනු ලැබුවේ බරපතල වරදක් බව අපගේද හැඟීම වන අතර මේ ගෝත්‍රික වුවමණාවන් පරාජය කර රටේ සාමය සංහිඳියාව වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මෙරට ඉතිහාසයේ අන් කවරදාවකවත් පාලකයකු ඉ‍ටු නොකළ ශ්‍රේෂ්ඨ කාර්යයක් ඉ‍ටු කිරීමට තිබෙන බව මතක් කරමු.


මේ බොදු බල සේනාව ජනාධිපතිවරයාට යැව් ලිපියයි.

දිලන්ත විතානගේ
421, සියඹලාපේ උතුර


14 සැප්තැම්බර් 2015


මෛත්‍රීපාල සිරිසේන මහතා,
ජනාධිපති,
ජනාධිපති කාර්යාලය,
කොළඹ

ජනාධිපතිතුමනි,

අනගාරික ධර්මපාල චින්තනය, රාජ්‍ය ප්‍රතිපත්ති හා පක්ෂ ප්‍රතිපත්ති

අනගාරික ධර්මපාල නාමය දහම් පාසල් අධ්‍යාපනය ලබන අවධියේ සිට අපගේ හදවත් තුල රැඳුනු ආදරණීය නාමයකි. "සිංහලයිනි නැගිටියව්.බෞද්ධයිනි අවදිවව්" යන වදන් පෙළ සමගින් අප හඳුනාගත් "ධර්මපාල චින්තනය" මේ රටේ බිහි වූ ඉතා ශ්‍රේෂ්ඨ ජාතික දේශපාලන චින්තනයක් බව එතුමාගේ අදහස් පිලිබඳ ගැඹුරින් අධ්‍යයනය කරන විට අපට සිතේ. පසුගිය ශතක 7 තුල අපගේ දේශපාලකයින්ට මේ චින්තනය කියවා ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමට හැකි වුවා නම් කාර්මික අතින් දියුණු වූ, අධ්‍යාපනය අතින් දියුණු වූ, ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ, දේශීය වශයෙන් ශක්තිමත් වූ ජාතියක් නිර්මාණය කිරීමට ඔවුන්ට දායක වන්නට තිබුණි. එමෙන්ම රටට ජාතියට ආදරය නොකරන රට වැසියන් හා ඔවුන් විසින් පත් කරනු ලබන නායකයින් නිසා අසරණ වූ දේශයක් වෙනුවට රටට ආදරය කරන, ජාතික අභිමානයකින් යුත් රටවැසියන් සිටින දේශයක් අපට නිර්මාණය කර ගැනීමට හැකියාව තිබුණි. කණගාටුවකට මෙන් අද අපට උරුම වී ඇත්තේ ජාතියක් ජම්මයක් නොහඳුනන . රටට ජාතියට හෙන ගැසුවත් කමක් නැතැයි සිතන බොහෝ පිරිසක් සහිත වසර 70 ක් තිස්සේ දියුණු කිරීමට අපොහොසත් වූ දේශයකි.

ධර්මපාල චින්තනය 1920-30 වකවානුවට ඉතාමත් යෝග්‍ය වුවද 2020-30 යුගයට එහි ඇති යම් යෝජනා යම් ප්‍රමාණයකට තවදුරටත් සංවර්ධනය විය යුතු වුවද එම දර්ශනයේ මුලික හරයන් අදටද වැදගත් බව අපගේ විශ්වාසයයි. මේ සතියේ අනගාරික ධර්මපාල 151 වන ජන්ම සංවත්සරය සමරන රජය ඇතුළු සියලු පාර්ශව වලින් පැහැදිලි කර ගත යුතු කරුණු කිහිපයක් ඇත.

1) ධර්මපාල තුමාගේ අදහස් අනුව යමින් "සිංහලයිනි නැගිටියව්,බෞද්ධයිනි අවදිවව්" යන අරමුණ අනුව කටයුතු කිරීම පිලිබඳ රජයේ ප්‍රතිපත්තිය කුමක්ද?

2) ධර්මපාල තුමාගේ ප්‍රකට කියමනක් වන 1926 දී කරන ලද පහත දැක්වෙන ප්‍රකාශය පිලිබඳ රජයේ ප්‍රතිපත්තිය කුමක්ද?

මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.

මේ ප්‍රකාශය අදට ඉතාමත් නිවැරදිව ගැලපෙන බව අපගේ මතය වන අතර අද අපට උරුම වී ඇති මේ අවසානාවන්ත තත්වය වසර 100 කට පෙර මෙතුමාට දකින්නට හැකි වීම හා මේ බව අපගේ කිසිදු දේශපාලන හෝ රාජ්‍ය නායකයෙක් අවබෝධ කර ගෙන නොසිටි බව නම් ඉතා පැහැදිලිය.

3) මෙම කරුණු වලට ඔබ හෝ රජය එකඟ නොවන්නේ නම් හෝ රාජ්‍ය ප්‍රතිපත්තිය හෝ ඔබලා නියෝජනය කරන පක්ෂ ප්‍රතිපත්ති හා එකඟ නොවන්නේ නම් ඔබ හෝ රජය විසින් ධර්මපාල සැමරුම් වලට සහභාගී වීම් යනු අන් බොහෝ දේ මෙන් ජනතාව රැවටීමක් ලෙස අපි විශ්වාස කරමු.

4) අංක (3) කරුණ ධර්මපාල නාමය අලෙවි කොට සිය බඩගෝස්තරය ආරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටිනා ඕනෑම දෙයක එල්ලී නැගිටින්නට කටයුතු කරන විපක්ෂයේ නායකයින්ටද අදාළ වන අතර ඔවුන්ද හුදෙක් ධර්මපාල සැමරුම් නොකොට මේ කරුණු ගැන පැහැදිලි ප්‍රකාශයක් කල යුතුය.එය කෙතෙක් දුරට ඔවුන්ගේ පක්ෂ ප්‍රතිපත්ති වලට එකඟ වන්නේද යන්න ජනතාවට හෙලිදරුව් කල යුතුය.

එසේ නොකොට කටයුතු නොකර "ධර්මපාල සැමරුම්" කරන සියලු දෙනා "ධර්මපාල විකිණීමේ" ව්‍යාපෘති වල ඒජන්තවරුන් ලෙස ජනතාව සලකනු ඇත.

"බොදු බල සේනා" විසින් ධර්මපාල තුමා සමරන්නේ ධර්මපාල චින්තනය ට එකඟව සිය ප්‍රතිපත්ති සකස් කොට ගත් සංවිධානයක් වශයෙන් බව තවදුරටත් පැහැදිලි කරමු.

දිලන්ත විතානගේ

Last modified on Thursday, 17 September 2015 10:22

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us