මහින්දව විදුලි පු‍ටුවට යවන්නේ නෑ. ඒත් වැරදි කර ඇත්නම් නම් දඬුවම් දෙනවා - මංගල (video)

Published in පුවත්
Thursday, 17 September 2015 17:45

මහින්ද රාජපක්ෂ විදුලි පුටුවට යන එක නැවැත්තුවේ වත්මන් රජය යැයි විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා අද (17) විදේශ කටයුතු අමත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කීය.

එසේම මෙමගින් රණ විරුවන් දංගෙඩියට දක්කන බවට ඇතැමුන් අනිසි බියක් වපුරමින් සිටින නමුත් එවැන්නක් සිදුනොවන බවත්, එක්සත් ජාතීන්ගේ වාර්තාවේ ඇත්තේ යම් යම් සිදුවීම් සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණවල ප්‍රතිඵල බවත්, එහි වැරදිකරුවන් මේ මේ යයි හඳුන්වා නොමැති බවත්, එවැනි අය හඳුනාගැනීමේ කටයුත්ත රටට බාරදී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පැහැදිලි කළේය. ඒත් වැරදි කර තිබෙනව නම් දඬුවම් දෙන බවත් රටේ ත්‍රිවිධ හමුදාව ඇතුළු ලංකාවේ කිසිම කෙනෙක් හේග් අධිකරණයට ඉදිරිපත් කළ නොහැකි බවත් හෙතෙම කීය.


දිගින් දිගටම රටට දුන්නු පොරොන්දු කඩකළ බැවින් මහින්ද රාජපක්ෂ මහතාට ජනවාරි මස 08 වන දින ගෙදර යන්නට සිදුවූවා සේම දිගින් දිගටම ජාත්‍යන්තරයට දුන්නු පොරොන්දු කඩකිරීම හේතුවෙන් එක්සත් ජාතීන් විසින් ජාත්‍යන්තර අධිකරණයක් නිර්දේශ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

2009 මැයි 27 වන දින ලංකාවට පැමිණි එවක එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන්කී මූන් සමග හිටපු ජනාධිපතිවරයා ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ලංකාවේ මානව අයිතීන් ශක්තිමත් කිරීමට හා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ක්‍රියා කිරීමට ද්වි-පාර්ශවීයව එකඟවූ බව අමාත්‍යවරයා සිහිපත් කළේය.

එසේම එවක මානව හිමිකම් උල්ලංඝණයවීම් හා ජාත්‍යන්තර නීති උල්ලංඝණයවීම් සම්බන්ධයෙන් සොයාබැලීමට යාන්ත්‍රණයක් පිහිටුවීමට හා යුද්ධයෙන් වින්දිතයින්ට සහන සැලසීමටත්, එල්.එල්.ආර්.සී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත් ජාත්‍යන්තරයට පොරොන්දුවූ බවද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ඉටු නොකරමින් දිගින් දිගටම කටයුතු කළ බැවින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට තීරණයක් ගැනීමට එක්සත් ජාතීන්ට සිදුවූ බවත්, පසුගිය ජනාධිපතිවරණය තුළින් රටේ යම් ප්‍රජාතන්ත්‍රීය වෙනසකට මුලපිරූ බැවින් මාර්තු මස ගෙන ඒමට නියමිතව පැවති වාර්තාව සැප්තැම්බර් මස දක්වා කල්දමා ගැනීමට හැකිවූ බවත් සමරවීර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේවන විට සිදුවීයයි කියනු ලබන මානව හිමිකම් උල්ලංඝණයවීම් හා යුද අපරාධ සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා දේශීය යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට ඔක්තෝබර් මාසයේ මැද භාගයේ සියලු පාර්ශවයන් සමග සාකච්ඡා ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේය.

ජනවාරි මාසය වන විට ඒ පිළිබඳ අවසන් යාන්ත්‍රණය සකස් කොට මාස 18 ක් තුළ එම යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා කියා සිටියේය.

මෙම ක්‍රියා මාර්ගය ගනු ලබන්නේ ජාත්‍යන්තරය සතුටු කරන්නටවත්, ජාත්‍යන්තර බලපෑම් නිසාවත් නොවන බවත්, මෙම මාර්ගයේ ගමන් කිරීම හැර වෙනත් පිළියමක් ලංකාවනට නොමැති නිසා බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් එම යාන්ත්‍රණය ඉදිරියට ගෙනයාම සඳහා ජාත්‍යන්තර සහය, තාක්ෂණික දැනුම හා විශේෂඥයින්ගේ උපදෙස් අවශ්‍ය බවත්, මානව හිමික්ම් කොමසාරිස්වරයාට පවා ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන බව  සමරවීර මහතා අවධාරණය කළේය.

ලෝකයේ විනය ගරුක හමුදාවක් ලෙස සාම සාධක හමුදාවන් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ හමුදාව කීර්තියක් උසුළා සිටියද පසුගිය රජය සමයේ ඉහළින් ආ යම් යම් වැරදි නියෝග නිසා නම කිළුටු කරගත් බවත්, මෙවැනි  පරීක්ෂණයක් මගින් එම කීර්ති නාමය යළි රැකගැනීමට අවස්ථාවක් ලැබෙන බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ආරක්ෂක අංශවල සේවය කළද වැරදි කර ඇත්නම් එවැන්නන්ට දඬුවම් දී අලුත් තත්ත්වයක් නොවන බවත්, 71 දී ප්‍රේමවතී මනම්පේරී ඝාතනයට කළ අයට නීතිය මගින් කටයුතු කළ බවත්, 94 චන්ද්‍රිකා රජය සමයේදී දූෂණය කර මරාදැමුණු ක්‍රිෂාන්ති කුමාරස්වාමි දැරියගේ ඝාතකයින්ට දඬුවම් ලැබුණු බවත්, බොල්ගොඩ වැවේ පාවුණු දෙමළ තරුණයින්ගේ ඝාතන සම්බන්ධයෙන් එම අපරාධය කළ හමුදා සාමාජිකයින්ට නීතිය අනුව කටයුතු කළ බවත් ඔහු සිහිපත් කළේය.

පසුගිය රජය සමයේ යුද්ධය ජයග්‍රහණය කිරීමෙන් පසු රණවිරුවන් පාරවල් සේදීමට, අතුගෑමට,එළවළු විකිණීමට, ලොකු ලොකු හෝටල්වල පොකිරිස්සන් තැම්බීමට යොදාගත් නමුත් වත්මන් රජය ඔවුන්ට හිමි නිසි කීර්තිය යළි අත්පත් කර ගැනීමට ඉඩකඩ සලසා දෙන බව අමාත්‍යවරයා සඳහන් කළේය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us