ශ්‍රී ලංකා කනිෂ්ඨ ක්‍රිකට් කණ්ඩායමක් හරවා එවයි

Published in පුවත්
Monday, 04 August 2014 12:44

පෞද්ගලික තරගාවලියක් සඳහා ඉන්දියාවේ චෙන්නායි බලා ගිය ශී‍්‍ර ලංකා වයස අවුරුදු 15න් පහළ කි‍්‍රකට් කණ්ඩායමක් ආපසු හරවා එවා ඇත.

ටයිම්ස් ඔෆ් ඉන්ඩියා වෙබ් අඩවිය පැවසුවේ ඊයේ රාති‍්‍ර චෙන්නායි නුවරට ළඟා වූ මෙම කණ්ඩායම අද උදෑසන ආපසු ශී‍්‍ර ලංකාව බලා පිටව ආ බවයි. 
ඔවුන්ට ආරක්ෂාව ලබාදීමට නොහැකි බව චෙන්නායි පොලීසිය ප‍්‍රකාශ කර ඇත. 

චෙන්නායි නුවර සහ තමිල්නාඩු ප‍්‍රාන්තයේ සෙසු ප‍්‍රදේශවල ශී‍්‍ර ලංකා විරෝධී උද්ඝෝෂණ නැවත උත්සන්න වෙමින් තිබීම ඊට හේතුවයි. 

අදාළ කණ්ඩායමට කී‍්‍රඩකයින් 13 දෙනෙකු , පුහුණුකරු සහ කළමණාකරුද ඇතුළත් වු අතර,  ඔවුන් සහභාගිවීමට නියමිතව සිටි තරගාවලිය ආරම්භ වීමට නියමිතව තිබුනේ හෙට දිනයේය.

මේ අතර තරගාවලියක් සඳහා චෙන්නායි නුවරට ගිය ශී‍්‍ර ලංකා පාපන්දු කණ්ඩායමක්ද ඉකුත් 2012 වසරේදී මෙවැනිම ඉරණමකට මුහුණ දුන්නේය. එ් ආපසු හැරී යන ලෙස තමිල්නාඩු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් විසින් නියෝග කිරීම නිසාය.

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us