මහින්දට එරෙහිව චමල්, රජයේ සාක්ෂිකාරයෙක් වෙයි

Published in පුවත්
Saturday, 03 October 2015 09:30

මහින්ද රාජපක්ෂ හා ඔහුගේ පුතුන් විසින් එම පාලන සමයේදී කළ දූෂණ වංචා හා අක්‍රමිකතා සම්බන්ධයෙන් මහිඳ රාජපක්ෂ මහතාගේ වැඩිමහල් සොහොයුරු ච්නමල් රාජපක්ෂ මහතා රජයේ සාක්ෂි කරුවකු ලෙස එම අධිකරණ ක්‍රියාවලියේදී කටයුතු කරනු ඇති බව මූල්‍ය අපරාධ විමර්ෂන කොට්ඨාෂ ආරංචි මාර්ග පවසයි.

මේ අතර මහින්ද රාජපක්ෂගේ බැගෙජ් බෝය් ලේස හැඳුන්වනු ලැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන හා වරාය අධිකාරියේ හිටපු සභාපත් බන්දු ප්‍රියත් වික්‍රම යන අයවලුන්ද මේවන විට රජයේ සාක්ෂිකරුවන් ලෙස වංචා දූෂණ රෑසක් හෙළි කිරීමට නියමිත බවද පැවැසේ.


රාජපක්ෂ පවුලට අයත් සී එස් එන් රූපවාහිනී ආයතනය සම්බන්ධයෙන් මේ වන විට මූල්‍ය අපරාධ කොට්ඨාෂය විසින් පවත්වාගෙන යන පරීක්ෂණයේදී එම ආයතනය රාජපක්ෂ පදනමට පවරා දුන් ඉඩමක පවත්වාගෙන යාම සම්බන්ධයෙන් හිටපු කතා නායක චමල් රාජපක්ෂ මහතාගෙන් කළ ප්‍රශන කිරීමේදී මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් ඒ සියල්ල සිදු කරනු ලැබුවේ හින්ද රාජපක්ෂ මහත හා ඔහුගේ පුතුන් විසින් බව ප්‍රකාශ කර ඇති බව එම විමර්ෂන කොට්ඨාෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

නගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තර මුල්ලේ පිහිටි පර්චස් 29 ක ඉඩම ඩී ඒ රාජපක්ෂ පදනමට 2003 වසරේදී 30 අවුරුදු බදු පදනම යටතේ වසරකට රුපියල් 163,125 බදු මුදලක් වන සේ පවරා දෙනු ලැබුවේය.

මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකයා ලෙස කටයුතු කළ 2003 වසරේදී මෙම ඉඩම ලබා දෙන ලෙස එවකට බස්නාහිර ප්‍රදේශ සංවර්ධන අමාත්‍යා වරයා ලෙස කටයුතු කළ එම් එච් මොහොමඩ් මහතාගෙන් ඉල්ලා තිබු අතර ඒ අනුව කැබිනට් තීරණයක් මත මේ ඉඩම ලබා දී තිබේ. එහෙත් එම ඉඩම ලබා දීමේදී එම දේපල රාජපක්ෂ පදනමේ කටයුතු වලට හැර වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමට නොහැකි බවට කොන්දෙසියක්ද පැනවිනි.

එහෙත් මෙම ඉඩමෙහි රාජපක්ෂ පදනමට අදාල කිසිවක් සිදූ නොවූ අතර සී එස් එන් ආයතනයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල මෙහි ඉදිකරනු ලැබ ව්‍යාපාරික කටයුතු සිදු කරනු ලැබීය. මේ මුලුමනින්ම නීතිවිරෝධි කටයුතකි. රාජපක්ෂ පදනෙමේ සභාපති චමල් රාජපක්ෂ මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු පවසා ඇත්තේ මේ කිසිවක් ගැන තමන් නොදන්නනා බවත් මහින්ද රජපක්ෂ හ ඔහුගේ පුතුන් විසින් මේ සියල්ල සිදු කළ බවය. එමෙන්ම එම පදනමේ භාණ්ඩාගාරිකවරයා ලෙස කටයුතු කරන මහින්ද රාජපක්ෂ මහතාගේ සොහොයුරියගේ සැමියා වන ලලිත් චන්ද්‍රදාස මහතාගෙන් කළ විමසීමෙදීද ඔහු පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවය. එමෙන්ම මෙම රාජපක්ෂ පදනමේ ගිණුම් කටයුතු සම්බන්ධයෙන්ද ඔහු කිසිදු තොරතුරක් ඔහු සතුව තිබී නොමැති බවද දැන ගැනීමට තිබේ. රාජපක්ෂ අනුස්මරණ පදනම සංස්ථාගත කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ සම්මත කළ පනත ප්‍රකාරව පදනමේ සියළු ගිණුම් කටයුතු සටහන් විය යුතු අතර වාර්ෂිකව විගණනය විය යුතුය. එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිදු සටහනක් නැත.

කෙසේ නමුත් ජනවාරි 08 වන දින ආණ්ඩු බලය වෙනස් වූ සැනින් ජනවාරි 14 වන දින කඩිමුඩියේ සී එස් එන් ආයතනයත් රාජපක්ෂ පදනමත් අතර බදු ඔප්පුවක් අත්සන් කිරීම සිදු කර ඇත.

Last modified on Saturday, 03 October 2015 09:49

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us