මහින්දගේ රෝගය, ෆේස්බුක් ගිණුමෙන් එළියට පනී

Published in පුවත්
Saturday, 03 October 2015 18:20

මහින්ද රාජපක්ෂ යනු මෙරට සිටි පජාතම රාජ්‍ය නායකයා පමණක් නොව පරාජයෙන් පසුවද තමාගේ ඇති මජර ප්‍රේත ගතිය යළි යළිත් ප්‍රදර්ශනය කරමින් සිටින කූජිත දේශපාලන හාල්පාරුවෙක් බව ඔහු සිය ෆේස්බුක් ගිණුම මඟින් පැහැදිලිව පෙන්වා දීතිබේ.

අහිමි වූ බලය හමුවේ එය යළි ලබා ගැනීම සඳහා කළ බල පෙරේත කුමන්ත්‍රණයෙන් පරාජයවීම ඔහුට තවමත් දරා ගත නොහැකි වී ඇත. ඒ හේතුවෙන්ම යම් මානසික ව්‍යාධියකින් පෙළෙන බවත් පැහැදිලිය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහ සැසියත් ඊට සමගාමීව පැවැති සැසි කිහිපයකුත් ආමන්ත්‍රණය කිරීම ඉවසා වදාරා සිටීමට නොහැකි තැන මහින්ද රාජපක්ෂව සිදුකළේ තමන්ගේ නිල ෆෙස්බුක් ගිණුමෙන් හා මහින්ද රාජපක්ෂ තොරතුරු මධ්‍යස්ථානය නමින් පවත්වාගෙන යන වෙබ් අඩවියෙන් හා එම ෆේස්බුක් ගිණුමෙන් පසුගිය වාරයේ එක්සත් ජාතින්ගේ සමුළුවේදී තමන් මෙරට ජනාධිපතිවරයා ලෙස සහභාගී වී සිටියදී සිදුකළ කතා යළි යළිත් ප්‍රසිද්ධ කිරීමය. ආණ්ඩුව රට සම්බාධකවලින් බේරා ගැනීම සඳහා කළ සූක්ෂම මෙහෙයුම බාල්දු කරමින් ඒ පදනමක් නොමැතිව විවෙචනයට ලක් කරමින් ජනතාව නොමඟ යවන ප්‍රකාශ නිකුත් කිරීමය. මේ තනිකරම දේශපාලන කුහකකමකි. මානසික ව්‍යාධියකි. ජනාධිපතිවරයා එම සමුළුවට සහභාගී වීමට මෙරටින් පිටව යෑමට සූදානම් වන විටත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මහින්ද රාජපක්ෂ වැල් වටාරම් වගයක් දෙඩෙව්වේය.

අද මහින්ද රාජපක්ෂ, තමන්ව විදුලි පු‍ටුවේ තබන්නට කැස කවනවා යැයි කිව් ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් විසින් ඔහුට විදුලි පු‍ටුව වෙනුවට හාන්සි පු‍ටුවකට වී නිදහසේ කල් ගෙවන්නට ආවස්ථාව සලසා දී තිබේ. ඒ සම්බන්ධයෙන් අපගේ බරපතල විවේචනයක් ද ඇත. මන්ද මහින්ද රාජපක්ෂ මේවන විට සිටිය යුත්තේ හාන්සි පු‍ටුවක නොව සිරගෙදර සිමෙන්ති බංකුව උඩය. ඒ අවස්ථාව නුදුරේම ලැබෙනු ඇති බව අප උදක්ම බලාපොරොත්තු වෙමු. එසේ නොවන තාක්කල් යහපාලනය යන්න සත්‍යයක් වන්නේ නැත. හොරුන්ව දූෂිතයන්ව ආරක්ෂා කිරීම යහපාලනය නොවේ.

ඒ කෙසේ වූවත් මහින්ද රාජපක්ෂ බලා සිටියේ විදුලි පු‍ටු කතාවක් එළියට එනතුරුය, සිරබත් කෑමටය. ජනතා අනුකම්පාව බලාපොරොත්තුවෙන් විදුලි පු‍ටු කතාවේ බොරුව මැව්වේ රාජපක්ෂ විසින්මය. ඒ නිරන්තරයෙන්ම දෙඩවීම නිසා අවසානයේ දී ඒ ඇත්තක් බව ඔහු ද විශ්වාස කරන්නට පටන් ගත්තේය, ඒ නිසා මෙවර එජා සමුළුවෙන් පසුව ඔහු සූදානමින් සිටියේ විදුලි පු‍ටුවේ වාඩි වෙන්නටය. අපේක්ෂා භංගත්වයට පත්වූවන් තමන්ගේ නොහැකියාව, පරාජය, අපහාසයට උපහාසයට විහිළුවට ලක්වීම ආදිය නිසා තමවන්ව පීඩාවට පත් කර ගැනීමේ වුවමනාවෙන් පෙලෙයි. රාජපක්ෂට සිදුවූයේද එයමය.

එහෙත් ඒ විදුලි පු‍ටුවද යථාර්ථයක් නොවන බව වේලාසනම පෙනෙන්නට තිබුණු ඇත්තය. මේ නිසා නැවතවරක් මහින්ද රාජපක්ෂ මානසිකව ඇද වැ‍ටුනේය.

මෙවැනි මානසික තත්වයක් ඇති වුන් ඊට පසුව කෙළින්නේ පිස්සුමය. විටෙක කුහකකම් තක්කඩිකම් එළියට පනින්නේය,තවත් විටෙක බොරු වීරයකු වෙන්න දඟලයි, තවත් විටෙක කළ තකතීරුකම් නිසා තැවෙයි. හඬා වැලපෙයි.. මේ දිනවල ප්‍රදර්ශනය වන්නේ මෙවැනි අවස්ථාය.

mr-fb-2

 

Last modified on Saturday, 03 October 2015 18:23

Leave a comment

 

ld add copy

Gossip

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

වෙන්ඩ ජනාධිපති කෙනෙක් sympathy vote මෙහෙයුමක.

මේ වන විට ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සියල්ල අවසන් වී ඇතත් ඇතැම් අපේක්ෂකයින් සිය ප්‍රචාරණ කටයුතු ඉතා...

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.   

බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.  

ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් ව...

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!   

සලකුණට ගියාට වඩා හොඳයි නොගියා නම් සජිත්ට ඇතුළෙනුත් කුණු බැණුම්!  

මැතිවරණ සටන උණුසුම් වෙද්දී ප්‍රධාන දේශපාලන පක්ෂවල අපේක්ෂකයින් රූපවාහිනී සංවාද වලට සහභාගී වීමට විශේෂ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us